වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවෙයි

Share post:

වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවෙයි.
සැබැවින්ම ඔහු රසිකයන්ගේ ප්‍රියතමයා වූ කාලසීමාවක් ද තිබුණා. නමුත් මේ මොහොතේ ඔහුට හිමිවන ප්‍රතිචාර මිශ්‍රයි.
මිශ්‍ර යැයි කීවාට යථාර්තය නම් වනිඳු ට ප්‍රශංසාවන්ට වඩා එල්ල වන්නේ විවේචන යි.
එයට ප්‍රධාන හේතුව ඔහුගේ කුසලතාවයේ ගැටළුවක් නොවෙයි. ඔහු විවේචනයට සහ රසිකයන්ගේ අප්‍රසාදයට ලක් වන්නේ ආකල්ප ගැටළු නිසයි.
වනිඳු ගේ සාමාන්‍ය නුරුස්සනා ආකල්ප නිසා වනිඳු විවේචනයට ලක් වුණා. එම විවේචන වල සාධනීය කරුණු මෙන්ම පුද්ගලික න්‍යාය පත්‍ර තිබූ බව ද බොරුවක් නොවෙයි.
ඇතැමෙකු ඔහු භාවිතා කළ මෝටර් රථය වැනි අවශේෂ සහ විහිළු සහගත කරුණු වලට පවා වනිඳු විවේචනය කළා.
නමුත් මේ මොහොතේත් ශ්‍රී ලංකාව සතු හොඳම පා දඟ පන්දු යවන්නා වනිඳු බවට සැකයක් නැහැ.
දඟ පන්දු යවන්නන්ට උචිත තනතීරු වල බොහෝ පන්දු යවන්නන් දස්කම් දැක්වූවත්, ලොව ඕනෑම තනතීරුවක කඩුලු ලබා ගත හැකි ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා වනිඳු.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හොඳින්ම ‘ගුග්ලි’ පන්දුව යවන පා දඟ පන්දු යවන්නා ද වනිඳු විය හැකියි.
මා වනිඳු නිරීක්ෂණය කරන්නේ ක්‍රීඩා කරන ඕනෑම තරගයක් ජය ගැනීමට ම ක්‍රීඩා කරනා ක්‍රීඩකයෙකු ලෙසයි.
ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් අතර පළමු එක්දින තරගයේ ඔහුගේ පන්දු යැවීම සේම පන්දු රැකීම ද විශිෂ්ට තැනක තිබුණා.
ශාරීරික යෝග්‍යතාවය සහ ශරීරයේ හැඩය අහිමි වීම වනිඳු ට එල්ල වන ප්‍රධාන විවේචනයක්. එහි යම් සත්‍යතාවයක් ද තිබෙනවා.
නමුත් එවැනි පසුබිමක පවා ඔහු ඉතාම කඩිසර පන්දු රකින්නෙක්. එහි රහස ඔහුගේ ඕනෑකම සහ තරගකාරී ආකල්ප විය හැකියි.
එක්තරා LPL අවසන් මහා තරගයක ඔහුගේ කණ්ඩායම ජයග්‍රාහී තැනක සිටිද්දී පවා, උඩ පන්දුවක් රැක ගැනීමට ඔහු ක්‍රීඩා පිටියේ නාම පුවරුවක් මතට පැන්නා.
එහිදී ඔහු සිය ක්‍රිකට් අනාගතයම එක් උඩ පන්දුවක් වෙනුවෙන් අවදානමේ තැබූවා.
මා ඔහු සතු ආකල්ප සහ උවමනාව කියවා ගත්තේ එදිනයි. ඔහුට තරගය අදාල නැහැ. ඔහු එය ජය ගැනීමට ක්‍රීඩා කරනවා.
වනිඳු නූතන ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන, නූතන ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදීමට ඔහු සතුව තවත් බොහෝ දෑ තිබෙනවා.
ඔහු සීරුවෙන් කළමනාකරණය කළ යුතු ක්‍රීඩකයෙක්.
පළමු එක්දින තරගයේ වනිඳු ගේ පන්දු යැවීම, පන්දු රැකීම සහ ශාරීරික භාෂාව නීරික්ෂණය කිරීමේ දී මට ඇති වූ සිතුවිල්ල එයයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...