වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවෙයි

Share post:

වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවෙයි.
සැබැවින්ම ඔහු රසිකයන්ගේ ප්‍රියතමයා වූ කාලසීමාවක් ද තිබුණා. නමුත් මේ මොහොතේ ඔහුට හිමිවන ප්‍රතිචාර මිශ්‍රයි.
මිශ්‍ර යැයි කීවාට යථාර්තය නම් වනිඳු ට ප්‍රශංසාවන්ට වඩා එල්ල වන්නේ විවේචන යි.
එයට ප්‍රධාන හේතුව ඔහුගේ කුසලතාවයේ ගැටළුවක් නොවෙයි. ඔහු විවේචනයට සහ රසිකයන්ගේ අප්‍රසාදයට ලක් වන්නේ ආකල්ප ගැටළු නිසයි.
වනිඳු ගේ සාමාන්‍ය නුරුස්සනා ආකල්ප නිසා වනිඳු විවේචනයට ලක් වුණා. එම විවේචන වල සාධනීය කරුණු මෙන්ම පුද්ගලික න්‍යාය පත්‍ර තිබූ බව ද බොරුවක් නොවෙයි.
ඇතැමෙකු ඔහු භාවිතා කළ මෝටර් රථය වැනි අවශේෂ සහ විහිළු සහගත කරුණු වලට පවා වනිඳු විවේචනය කළා.
නමුත් මේ මොහොතේත් ශ්‍රී ලංකාව සතු හොඳම පා දඟ පන්දු යවන්නා වනිඳු බවට සැකයක් නැහැ.
දඟ පන්දු යවන්නන්ට උචිත තනතීරු වල බොහෝ පන්දු යවන්නන් දස්කම් දැක්වූවත්, ලොව ඕනෑම තනතීරුවක කඩුලු ලබා ගත හැකි ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා වනිඳු.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හොඳින්ම ‘ගුග්ලි’ පන්දුව යවන පා දඟ පන්දු යවන්නා ද වනිඳු විය හැකියි.
මා වනිඳු නිරීක්ෂණය කරන්නේ ක්‍රීඩා කරන ඕනෑම තරගයක් ජය ගැනීමට ම ක්‍රීඩා කරනා ක්‍රීඩකයෙකු ලෙසයි.
ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් අතර පළමු එක්දින තරගයේ ඔහුගේ පන්දු යැවීම සේම පන්දු රැකීම ද විශිෂ්ට තැනක තිබුණා.
ශාරීරික යෝග්‍යතාවය සහ ශරීරයේ හැඩය අහිමි වීම වනිඳු ට එල්ල වන ප්‍රධාන විවේචනයක්. එහි යම් සත්‍යතාවයක් ද තිබෙනවා.
නමුත් එවැනි පසුබිමක පවා ඔහු ඉතාම කඩිසර පන්දු රකින්නෙක්. එහි රහස ඔහුගේ ඕනෑකම සහ තරගකාරී ආකල්ප විය හැකියි.
එක්තරා LPL අවසන් මහා තරගයක ඔහුගේ කණ්ඩායම ජයග්‍රාහී තැනක සිටිද්දී පවා, උඩ පන්දුවක් රැක ගැනීමට ඔහු ක්‍රීඩා පිටියේ නාම පුවරුවක් මතට පැන්නා.
එහිදී ඔහු සිය ක්‍රිකට් අනාගතයම එක් උඩ පන්දුවක් වෙනුවෙන් අවදානමේ තැබූවා.
මා ඔහු සතු ආකල්ප සහ උවමනාව කියවා ගත්තේ එදිනයි. ඔහුට තරගය අදාල නැහැ. ඔහු එය ජය ගැනීමට ක්‍රීඩා කරනවා.
වනිඳු නූතන ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන, නූතන ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදීමට ඔහු සතුව තවත් බොහෝ දෑ තිබෙනවා.
ඔහු සීරුවෙන් කළමනාකරණය කළ යුතු ක්‍රීඩකයෙක්.
පළමු එක්දින තරගයේ වනිඳු ගේ පන්දු යැවීම, පන්දු රැකීම සහ ශාරීරික භාෂාව නීරික්ෂණය කිරීමේ දී මට ඇති වූ සිතුවිල්ල එයයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...