අපට සිටිනා කිවිඳියන් අතර ගැඹුරු හැදෑරීමකින් කවිය කෙරෙහි ආශක්ත වන කිවිඳියක ලෙස අනුරාධා නිල්මිණි කැපී පෙනෙයි. ඇගේ කාව්‍යා වලියෙහි කෘති ගණනාවකම මේ හැදෑරීමේ ලක්ෂණ දැකිය හැකිය. ඇය නාරි සුත්‍ර යෙහිදී ලොව නෙක කලාපයන්හි පරසිදු චරිතයන්ගේ පතිනි භූමිකාවෙහි සැඟව ගිය කාන්තා චරිත ඇසුරින් බරපතල විමසුමක යෙදෙයි. ගාන්ධි, මාක්ස්, විජේවීර මෙන්ම තවත් එවැනි බොහෝ චරිතයන්හි සෙවණැල්ලේ සැඟව මැකී ගිය කාන්තා ආත්මයන්ගේ වේදනාව මතුකරගන්නා ඇය ඒ හරහා එක් තේමාවක සිට අපූර් ව විචාරයක් සිදු කරයි. ඇගේ මෑතම නිකුත් කරන ලද වැලිකඩ අස්නද එවැනිම කාව්‍යර කෘතියකි. කුවේණියගෙන් අරඹා වර්තමානයට එන ඇය සිය කෘතිය තුළ කාන්තාවන් සහ දරුවන් කේන්ද්ර කරගනිමින් බරපතල සමාජ විචාරයක යෙදෙයි.
ඇගේ කවියෙහි කැපී පෙනෙනම ලක්ෂණය වනුයේ ස්ත්‍රියගේ භූමිකාවෙහි ඇති ඛේදය, ඇගේ අභියෝග, පුරුෂ ආධිපත්ය ය හමුවේ ඇය යටපත් කරනු ලබනා ආකාරය ගැන විමසන අතරම ස්ත්රිභයගේ ශක්තිය ඉස්මතු කරන්නටද දරන උත්සාහයයි.
ඇගේ නවතම කාව්යය සංග්‍රහය වන ‘මීවන ළමයෙකි හදවත’කෘතියෙහිද මේ ලක්ෂණය කැපී පෙනෙයි. ඒ අමුතු උරග තෙම මේ සඳහා හොඳම උදාහරණයකි. පිරිමි ලෝකය තුළ හෑල්ලුවට ලක්වන කාන්තාවගේ ඛේදවාචී තත්වය ගැන ඇය ලියන්නේ කෝපය, වේදනාව මෙන්ම සංවේගයද කැටිවූ ව්‍යන්ගාර්ථවත් බස වහරකිනි.
අල්ලා කිසිවකුට
මෙල්ල කළ නොහැකිය
ඒ අමුතු උරග තෙම
මේ උරගයාගේ බල පරාක්රැමය ඇය අපට ගෙනහැර දක්වයි.
මහපිරිත් පොත මැද වුව
බයිබල් කුරානාදී ශුද්ධ කිසිවක
පිරිත් පැන් මෙන් බෝ සේ පෙරා පිරිසිඳි සොඳ
ගැඹුරු සාහිත පිටකවර මැද පවා
ඌ දරණ ලා ඇති
ඇය මෙහි කියන්නී නෙක තන්හී පුරුෂ ලෝකය ස්ත්රිසයට ගැරහුම් අවමන් සඳහා පෙල සැදෙන ආකාරයයි. අප ජීවත් වනුයේ ත්රිහ රෝද රියෙහි අලවන වැකියෙහි පටන් සෑම තැනකම කාන්තා හිංසනය ප්ර චලිත රටකය.
නොසිතූ විරූ
තැනෙක මොහොතක
ඌටත් නොදැනීම මතුවී
අර කැත පෙණය ලෙළවති
නා මලක් නාරි සළුවක්
ගෑනු අතකින් කෝඩුවේ ලියවෙන
පොඩි කවි කිහිපයක්
ලියතඹර පාද පළුවක්
දැක්මෙන් ම දුරක හිඳ වුව
මනස් රමණය අරඹති
ලංකාවේ කවිය මේ තරමටම සංඛ්යාවත්මකව පිරිතිරී ගිය කාලයක් නැත. වසරකට පිටවෙන කාව්යර කෘති සංඛ්යාේව බෙහෙවින් විශාලය. ඒ අතර කවියෙහි කුලක, දායකසභා ස්ථාපිත වීමද කැපී පෙනෙන ලක්ෂණයකි. කවිය යට ගොස් කවියාගේ සම්බන්ධතා ඉස්මතුවන, කවිය යනු වාණිජ ව්යාිපෘතියක් වන ඉසවුවට දැන් අපි පැමිණ සිටිමු. එහෙයින්ම කවිය ගැන ඉවසිලිමත් සහ බුද්ධිමය සංවාදයක අවශ්යවතාව දැන් ඇතිවෙමින් යයි.
අනුරාධා සිය කාව්යබ එකතුවෙහි කවිය ගැන නිර් මාණ දෙකක් ඇතුලත් කරයි. ඇය පළමු කවියෙන් එනම් කවි උද්යාමනයට යමුද යන නිර් මාණයෙන් කවියෙහි විඳුම් ගැන කතා කරන්නීය. එහිදී ඇය ඇරයුම් කරනුයේ සියළු බැමි බිඳ නිදහස් සහ විවෘත මනසින් කවි විඳින්නට එන ලෙසටය.
කාන්තාර සූර සූර
කවියේ උල්පත සොයද්දි
පොඩි වැහි කෝඩෙක නැගලා
කවි එයි මේ ඇත්ත සිද්ධි
කිරුම් මිනුම් කෝදු බෝදු
මාපක පැත්තකට කරලා
නාම පුවරු හැඳුනුම්පත්
හරවල කනපිටට නමල
කවුද ලිවුවෙ? සමනලයද
මලද මදක් දුරින් තියල
කවි උද්යාදනයට ඇවිත්
බලන්න කවි පහස විඳලා
ඇය යළි වදන් වදුල නිසොල්මන්ව හිඳී මැයෙන් කවියක රචනා කරයි. ඒ කවිය යනු වර් තමානයේ වේගයෙන් ව්යා පෘති බවට හැරෙනා කවිය කෙරෙහි වන තියුණු, උත්ප්රාපසවත් විචාරයකි. වෙසෙසින්ම නූතන තාක්ෂණයත් සමගින් අභාවයට යන දිගු කියවීම් වෙනුවට වදනින් දෙකින් සියල්ල හමාර කරනා හෑල්ලු යෙදුම් හමුවේ නොතකා හැරීමට ලක්වන කවිය ගැන වේදනාකාරී සහ විවේචනාත්මක කියවීමකි.
අයිනෙ කොනේ මුල්ලෙ මුළුගැන්වී තව
පොඩි හුස්මක්වත් ගන්නට ඉඩක් නැතුව
පෙර අභිමානයෙන් සුමට ඉරියවුවෙන්
හිටිය වදන් බලා හිඳී විස්සෝපෙන්
පට්ට මාර එළ පොර ගොඩ
පිටිය මැද්දෙ
බූස, ගුණ ආතල් සිරාම
පන්දු වැදී
එක ඉකියක්වත් එළියට
පිටට නොදී
වදන නිදන් වදුල
නිසොල්මන්ව හිඳී
කවියක එළිවැට මධුපිරි
විරිත ඉරා
අමු කවි ගී සින්දු බින්දු
සිරා බිරා
පැමිණ පෙර බිමට කැට මුගුරු
අත දරා
බලනු බොල් හඬින් නගන හඩ
බුර බුරා
අප අද ජීවත් වනුයේ අපේද දායකත්වයෙන් නිර් මාණය කරගන්නා ලද බිහිසුණු සමාජයකය. අප අප තුළම වන සියළු අගතීන් කලතා, පෙරා මුහු කොට තනාගත් ලෝකයම දැන් අලේ මරු බිම බවට හැරෙමින් තිබේ. ගෙවෙන හැම නිමේෂයක්ම තැතියකි. ඉකියකි, බියකි. වෙසෙසින්ම අප විසින් තනන ලද ලෝකයේ අනාගත උරුමක්කාරයන් වන අපේම දරුවන් ආපසු හැරී අප අමතන හඬ අපට දනවනුයේ භීතියයි. අනුරාධා මේ කටුක ඉරණම ගැන මගේ පුතු මට නිතර මරණ බය ඇති කරයි යන කවියෙහි සාකච්ඡා කරයි. ඇගේ ඉරොටික් නළඟන කවියද ස්ත්‍රී සිරුර යනු පුරුෂ තෘප්තියේ රඟමඩළ සේ ගෙන ඉවත ලන පිරිමි ලොවට සෝපහාසී ලෙස කෙරෙනා විවේචනයකි.
අනුරාධාගේ කවි යනු නූතන කාව්‍ය ලෝකය තුළ කිවිඳියක විසින් කරනු ලබනා බරපතල මැදිහත්වීමක් සේ බාරගත යුත්තකි. ඇගේ කවි තුළ අපට හමුවන ස්ත්‍රිය මෙන්ම සමාජය පිළිබඳවද වන කියවීම සාකච්ඡාවට නොගැනීම ඛේදයක් බව කිව යුතුය.