විනිසුරුවරුන් 70කට චෝදනා – දවස් 10කදී හයකගේ වැඩ තහනම් !

Share post:

අධිකරණ සේවයේ පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දින 10කට ආසන්න කාලයක් තුළ විවිධ චෝදනා එල්ල වූ විනිසුරුවරුන් හයදෙනකුගේ වැඩ තහනම් කිරීමට ද එම කොමිසම කටයුතු කර තිබිණි. මොරටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගනය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ, මඩකලපුව හිටපු මහෙස්ත්‍රාත් සහ අලුතින් මහෙස්ත්‍රාත්වරුන් ලෙස පත්වූ පරිවාස කාලය හෝ අවසන් නොමැති විනිසුරුවරුන් තිදෙනකු ද මෙසේ වැඩ තහනමට ලක් වූ පිරිසට අයත් වේ.

තවත් විනිසුරුවරුන් 70කට අධික පිරිසක් සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි ලැබී ඇති බව ද වාර්තා වන අතර, ඒ සියලු පැමිණිලි පිළිබද විමර්ශන පැවැත්වෙන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. එසේම විනිසුරුවරුන්ගේ නිල නිවාස ඇතුළු ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද කොමිසම දැඩි අවධානයක් යොමුකර ඇති අතර, ඒ පිළිබද විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කිරීමට කොමිසම සූදානම් වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ගාමිණී අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ කොමිසමේ සාමාජික අසුනට ව්‍යවස්ථාදායක සභාවෙන් මෙතෙක් කිසිවකු පත්කර නැත. එම කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් ය.

(සිළුමිණ)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...