විනිසුරුවරුන් 70කට චෝදනා – දවස් 10කදී හයකගේ වැඩ තහනම් !

Share post:

අධිකරණ සේවයේ පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දින 10කට ආසන්න කාලයක් තුළ විවිධ චෝදනා එල්ල වූ විනිසුරුවරුන් හයදෙනකුගේ වැඩ තහනම් කිරීමට ද එම කොමිසම කටයුතු කර තිබිණි. මොරටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගනය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ, මඩකලපුව හිටපු මහෙස්ත්‍රාත් සහ අලුතින් මහෙස්ත්‍රාත්වරුන් ලෙස පත්වූ පරිවාස කාලය හෝ අවසන් නොමැති විනිසුරුවරුන් තිදෙනකු ද මෙසේ වැඩ තහනමට ලක් වූ පිරිසට අයත් වේ.

තවත් විනිසුරුවරුන් 70කට අධික පිරිසක් සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි ලැබී ඇති බව ද වාර්තා වන අතර, ඒ සියලු පැමිණිලි පිළිබද විමර්ශන පැවැත්වෙන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. එසේම විනිසුරුවරුන්ගේ නිල නිවාස ඇතුළු ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද කොමිසම දැඩි අවධානයක් යොමුකර ඇති අතර, ඒ පිළිබද විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කිරීමට කොමිසම සූදානම් වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ගාමිණී අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ කොමිසමේ සාමාජික අසුනට ව්‍යවස්ථාදායක සභාවෙන් මෙතෙක් කිසිවකු පත්කර නැත. එම කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් ය.

(සිළුමිණ)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...