ඊශ්‍රායල් ප්‍රහාරයෙන් අල්-ජසීරා මාධ්‍යවේදීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට!

Share post:

පහුගිය සති කිහිපය කියන්නේ ගාසා තීරයට ඉතාම තීරණාත්මක කාලයක්. ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය නැති නිසා ගාසා තීරයේ දරුවන් විතරක් නෙවෙයි, හැඩිදැඩි වැඩිහිටියන් පවා එකා දෙන්නා ඇද වැටෙන තැනට පත්වෙමින් තිබුණා. වැඩිහිටියන් තමන්ට ලැබෙන පාන් කෑල්ල, සුප් වීදුරුව තමන්ගේ දරුවන්ට දීලා නිරාහාරව හිටියා.

ඒත් දිනපතා අහසින් වැටෙන මෝටාර් ප්‍රහාර ගණනත්, වෙඩි ප්‍රාහර ගණනත් දශමයකින් අඩුවක් නෑ. දවස ගාණේ මරණ ප්‍රමාණය වැඩිවෙනවා. ගාසා තීරයේ දහදුක් විඳින ලක්ෂ ගණනක් මිනිස්සුන්ගේ බලාපොරොත්තුව හරියටම ඉරානයේ මිනිස්සුන්ට සටන් විරාමයක සහනදායී පිළිතුර ලැබුණා වගේම, ගාසා තීරයටත් අඩුම තරමේ ඒ වගේ සැනසිලිදායක පුවතක් අහන්න ලැබේවි කියන එක.

මේ විදිහට ගාසා තීරයේ දුක්විඳින ජනතාව වෙනුවෙන් ලෝකය පුරාම මිනිස්සුන්ගේ හිත් උණුවෙන්නේ, ගාසා තීරය තුළ ඉඳගෙන මරණය තමන්ගේ අල්ලේ තියාගෙන මාධ්‍ය වෘත්තියකටත් වඩා එහාගිය වැඩකොටසක් කරන ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පිරිස නිසා.

ඒත් ඊයේ(10) ගාසා තිරයේ අල්-ෂිෆා වෛද්‍ය කඳවුරු සංකීර්ණය ඉදිරිපිට තාවකාලික කඳවුරුවලට එල්ලවුණු ඊශ්‍රායල් මෝටාර් ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වුණු ගාසා වැසියන් එක්කම, මේ කුරිරු යුද්ධයටම බිලිවෙන්න අල්-ජසීරා මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් හතරදෙනෙක්ට සිද්ධවුණා.
ඉතාම දිගු කාලයක් තිස්සේ ගාසා තීරයේ වේදනාවට තමන්ගේ සංවේදී වචනවලින් ලොවපුරා ජනතාවට සන්නිවේදනය කරපු අනාස් අල්-ශාරීෆ් සහ මොහොමඩ් රේක් වගේම ගාසාවේ ඉතාම සංවේදී ඡායාරූප අපේ ඇස් ඉස්සරහට අරගෙන ආපු ඊබ්‍රාහිම් සාහිර් සහ මොහොමඩ් නවුෆාල් ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වුණා.

‌මේ විදිහට ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදී අනාස් අල්-ශාරිෆ්ගේ පියා 2023 දෙසැම්බර් 12 වෙනිදා ගාසා තීරයට එල්ලවුණු ප්‍රහාරයකින් මේ විදිහටම ඝාතනයට ලක්වුුුණා කියන අතීත පුවත නැවත අහන්නට ලැබීම ඉතාම බරපතල ඛේදවාචකයක්.

ඉතින් හිතවතුනි.. මේ විදිහට ගාසා තීරයේදි ඝාතනයට ලක්වුණේ පළමුවන මාධ්‍යවේදියා නෙවෙයි. ඒත් මේ ඒ විදිහට ඝාතනයවුණු අවසන් මාධ්‍යවේදියා වෙයිද? නැත්නම් තවත් මාධ්‍යවේදීන් සිවිල් වැසියන් කොයිතරම් ප්‍රමාණයක් ඝාතනය වෙනකල් සාමයේ පරවියා ගාසා තීරයට ඉහළින් පියඹායාම පමාවෙයි ද?

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...