ඊශ්‍රායල් ප්‍රහාරයෙන් අල්-ජසීරා මාධ්‍යවේදීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට!

Share post:

පහුගිය සති කිහිපය කියන්නේ ගාසා තීරයට ඉතාම තීරණාත්මක කාලයක්. ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය නැති නිසා ගාසා තීරයේ දරුවන් විතරක් නෙවෙයි, හැඩිදැඩි වැඩිහිටියන් පවා එකා දෙන්නා ඇද වැටෙන තැනට පත්වෙමින් තිබුණා. වැඩිහිටියන් තමන්ට ලැබෙන පාන් කෑල්ල, සුප් වීදුරුව තමන්ගේ දරුවන්ට දීලා නිරාහාරව හිටියා.

ඒත් දිනපතා අහසින් වැටෙන මෝටාර් ප්‍රහාර ගණනත්, වෙඩි ප්‍රාහර ගණනත් දශමයකින් අඩුවක් නෑ. දවස ගාණේ මරණ ප්‍රමාණය වැඩිවෙනවා. ගාසා තීරයේ දහදුක් විඳින ලක්ෂ ගණනක් මිනිස්සුන්ගේ බලාපොරොත්තුව හරියටම ඉරානයේ මිනිස්සුන්ට සටන් විරාමයක සහනදායී පිළිතුර ලැබුණා වගේම, ගාසා තීරයටත් අඩුම තරමේ ඒ වගේ සැනසිලිදායක පුවතක් අහන්න ලැබේවි කියන එක.

මේ විදිහට ගාසා තීරයේ දුක්විඳින ජනතාව වෙනුවෙන් ලෝකය පුරාම මිනිස්සුන්ගේ හිත් උණුවෙන්නේ, ගාසා තීරය තුළ ඉඳගෙන මරණය තමන්ගේ අල්ලේ තියාගෙන මාධ්‍ය වෘත්තියකටත් වඩා එහාගිය වැඩකොටසක් කරන ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පිරිස නිසා.

ඒත් ඊයේ(10) ගාසා තිරයේ අල්-ෂිෆා වෛද්‍ය කඳවුරු සංකීර්ණය ඉදිරිපිට තාවකාලික කඳවුරුවලට එල්ලවුණු ඊශ්‍රායල් මෝටාර් ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වුණු ගාසා වැසියන් එක්කම, මේ කුරිරු යුද්ධයටම බිලිවෙන්න අල්-ජසීරා මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් හතරදෙනෙක්ට සිද්ධවුණා.
ඉතාම දිගු කාලයක් තිස්සේ ගාසා තීරයේ වේදනාවට තමන්ගේ සංවේදී වචනවලින් ලොවපුරා ජනතාවට සන්නිවේදනය කරපු අනාස් අල්-ශාරීෆ් සහ මොහොමඩ් රේක් වගේම ගාසාවේ ඉතාම සංවේදී ඡායාරූප අපේ ඇස් ඉස්සරහට අරගෙන ආපු ඊබ්‍රාහිම් සාහිර් සහ මොහොමඩ් නවුෆාල් ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වුණා.

‌මේ විදිහට ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදී අනාස් අල්-ශාරිෆ්ගේ පියා 2023 දෙසැම්බර් 12 වෙනිදා ගාසා තීරයට එල්ලවුණු ප්‍රහාරයකින් මේ විදිහටම ඝාතනයට ලක්වුුුණා කියන අතීත පුවත නැවත අහන්නට ලැබීම ඉතාම බරපතල ඛේදවාචකයක්.

ඉතින් හිතවතුනි.. මේ විදිහට ගාසා තීරයේදි ඝාතනයට ලක්වුණේ පළමුවන මාධ්‍යවේදියා නෙවෙයි. ඒත් මේ ඒ විදිහට ඝාතනයවුණු අවසන් මාධ්‍යවේදියා වෙයිද? නැත්නම් තවත් මාධ්‍යවේදීන් සිවිල් වැසියන් කොයිතරම් ප්‍රමාණයක් ඝාතනය වෙනකල් සාමයේ පරවියා ගාසා තීරයට ඉහළින් පියඹායාම පමාවෙයි ද?

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...