වසරේ චිත්‍රපටය විදිහට හඳුන්වන්නට පුළුවන්. නරඹන්නට තෝරගන්න ප්‍රධානතම හේතුවක් විදිහට අධ්‍යක්ෂකවරියව නම් කළ හැකියි. Revenge (2017) කියන අපූරු චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවේශය ලබාගත් ප්‍රංශ ජාතික අධ්‍යක්ෂිකාව Coralie Fargeat ගේ දෙවන චිත්‍රපටයයි මේ. Revenge කියන්නෙ ඉතාම සුවිශේෂී වැඩක් වුණත් The Substance එක්ක බලනකොට හරිම ප්‍රාථමිකයි වගේ කියන්නත් පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ අධ්‍යක්ෂිකාව මේ වෙනකොට ලබල තියෙන ඉම්පෲව්මන්ට් එක තමයි. එක්කෝ එයත් substance එකක් යූස් කරලා එයාගේ බෙටර් වර්ශන් එකක් එළියට ඇවිල්ලා මේක හැදුවා වෙන්නත් පුළුවන්. අධ්‍යක්ෂණය විතරක් නෙමේ රචනයත් එයාගෙන්මනේ. අනිවාර්යයෙන්ම Substance ගහලම තමා මේක හදල තියෙන්නේ.
“ප්‍රතික්ෂේප වීම” කියන දේ මානසිකව තදින්ම බලපාන්න ගත්තම ඒක දරන්නට ඉතාම අසීරු මට්ටමකට පත්වෙනවා. සබඳතාවයකදී හෝ වෘත්තියේදී හෝ සමීපතමයින් අතරේදී වැනි වාතාවරණයන් වලදී ප්‍රතික්ෂේප වීමකට ලක් වුණොත් ඒක බරපතළ විදිහට දැනෙන්න පුළුවන්. ජීවිතේ මුල ඉඳන්ම ප්‍රතික්ෂේප වීම්වලට හුරුවෙලා ඉන්න අයට නම් ගානක් නැතිවෙන්න පුළුවන්, ඒත් මෝස්ට් ඇට්‍රෑක්ටිව් මට්ටමක එකක ඉන්නා අයෙක්ට තවදුරටත් සුපුරුදු අවධානය නොලැබේ නම් ඒ ප්‍රතික්ෂේප වීම වැඩිපුර හිතට වද දෙන්න ගන්නවා. ඒ ඔස්සේ හටගන්නා මානසික වියවුල් බව ඛේදවාචකයකින් කෙළවර වෙන්නත් පුළුවන්. එහි එක්ස්ට්‍රීම් ලෙවල් එකක් තමා මේ නරඹන්නට ලැබෙන්නේ. ඒ ලෙවල් එක තුළ මේක බොඩි හොරර් ගනයට වැටෙන නිසාම ස්ක්‍රීන් එකෙන් ඇස් ඉවතට ගන්න බල කෙරෙන මට්ටමේ ඩිස්ටර්බින් දර්ශනත් අඩංගුයි.
ආරම්භක දර්ශනයෙන්ම මේ ප්‍රතික්ෂේප වීම කියන දේ මාරම ක්‍රියේටිවිටි එකකින් ඉදිරිපත් කරනවා. ඉන්පසුව ගලාගෙන යන සිදුවීම් මාලාව තුළ අඩංගු බොහෝ දේ ආගමික/දාර්ශනික කෝණයකට නතුව ගලපගන්නත් පුළුවන්. කොහොමත් අවසානය නම් බියකරු සසර ම තමා. සමබරතාවය පවත්වාගෙන යන්නට අපොහොසත් වූ නිසාමයි මහා විනාශයකට මඟ පෑදෙන්නේ. පරපෝෂිතයෙක් වෙලා තමන්ගෙම ශරීරයේ එල්ලී සාරය උරා බොන අවස්ථාවක් තමා මෙතන තියෙන්නේ. ඒ ඔස්සේ කියවෙන දේ තුළ කිසිම විදිහකින් සෑහීමකට පත් නොවන පෘතග්ජන මනුසතා විසින් තමන්ගෙ පැවැත්ම උදෙසා තමාවම විනාශ මුඛයට කැන්ඳාගෙන යන අවස්ථාත් එමටයි. තමන්ට තරඟයක් තියෙන්නේ තමන් එක්කමයි කියල සමහරු කියනවනේ. මෙතනත් තියෙනවා ඒ විදිහට බේරගන්න සිද්ධ වෙන ගනුදෙනුවක්. ඒ ඔස්සේ ආඛ්‍යානයෙන් කියන බොහෝ දේ නරඹන අතරතුරදීම පසක් කරගන්නට හැකියි.
චිත්‍රපටය අතිවිශිෂ්ඨ නිර්මාණකරනයක් බවට පත්කරලීම හේතුවෙන් ලොකුම ක්‍රෙඩිට් යන්න ඕන පිරිවරක්ම මේකෙ ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම ස්ක්‍රිප්ට් එකට තමා මම ලොකුම ක්‍රෙඩිට් එක දෙන්නේ. Cannes Film Festival 2024 වෙනුවෙනුත් හොඳම තිරරචනයට සම්මාන දින්නනේ. ඊටපස්සෙ ප්‍රධාන රංගන ශිල්පිනියන් දෙදෙනා ගේ ඉදිරිපත් කිරීම් ඉතාම ඉහළයි. සයිකොලෝජිකල් පැත්තට සෑහෙන බරක් වැටෙන නිසාම රංගනය කියන දේ එවන් භූමිකාවක වැදගත්ම කොටස බවට පත්වෙනවා. එතකොට තාක්ෂණික පැත්ත සෑහෙන වැඩකොටසක් කරල තියෙනව වැඩේ ප්‍රශස්ත මට්ටමකින් නිම කරන්නට. වේශ නිරූපණය, විශේෂ ප්‍රයෝග, කැමරාව හැසිරවීම සහ සංස්කරණය ආදී ප්‍රඩක්ෂන් කොලිටිය දැවැන්තව ඉස්මතු කරන්නට තුඩු දුන් කාරණා බවට පත්වෙනවා. පිස්සු හැදෙන ස්ක්‍රිප්ට් එකක් ලියල ඒක වසරේ චිත්‍රපටය විදිහට නම් කළ හැකි මට්ටමින් අධ්‍යක්ෂණය කරලීමත් ලොකුම ඇගයීමකට ලක් කළ යුතු කාරණාවක්. අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක් විදිහට ඉහළින්ම නිර්දේශ කරනවා.
ලක්ෂ්න් අරංවල (fb)
සිනමාවේදීන් – The Cinema People