ලිංගයට නයි මිරිස් දිය කර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් නීතිපති එන්නෙ නෑ !

Share post:

තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කරීමේ සිද්ධියට අදාළ ව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්ස⁣මේදී පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

පෙත්සමේ 12 වැනි වගඋත්තරකරු ලෙස නම් කර ඇති නීතිපති වෙනුවෙන් පමණක් දෙපාර්තමේන්තුව පෙනී සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.

මෙය ඉතා බරපතළ සිද්ධියක් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඔහු මෙසේ සඳහන් කළේ එම සිද්ධියේ වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

නීතිපතිවරයාට අමතරව පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් 11 දෙනෙක් එහි වගඋත්තරකරුවෝ වෙති.

තෙල්දෙනිය පොලිසිය විසින් 2023 ජනවාරි 27 වානිදා මෙම වින්දිතයා අත්අඩංගුවට ගනු ලැබ නීතිවිරෝධීව රඳවා තබා ගනිමින් වදහිංසා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේදී තහවුරු වූ බව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි යොමු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුට අද නියෝග කළේය.

වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කු⁣⁣රේ මහත්මිය සහ නීතිඥ මාධව ඊරියගම සමඟ නිතිඥ සුරෙන් ඩී පෙරේරා මහතා පෙනී සිටියේය.

පෙත්සම දෙසැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...