ලිංගයට නයි මිරිස් දිය කර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් නීතිපති එන්නෙ නෑ !

Share post:

තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කරීමේ සිද්ධියට අදාළ ව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්ස⁣මේදී පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

පෙත්සමේ 12 වැනි වගඋත්තරකරු ලෙස නම් කර ඇති නීතිපති වෙනුවෙන් පමණක් දෙපාර්තමේන්තුව පෙනී සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.

මෙය ඉතා බරපතළ සිද්ධියක් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඔහු මෙසේ සඳහන් කළේ එම සිද්ධියේ වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

නීතිපතිවරයාට අමතරව පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් 11 දෙනෙක් එහි වගඋත්තරකරුවෝ වෙති.

තෙල්දෙනිය පොලිසිය විසින් 2023 ජනවාරි 27 වානිදා මෙම වින්දිතයා අත්අඩංගුවට ගනු ලැබ නීතිවිරෝධීව රඳවා තබා ගනිමින් වදහිංසා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේදී තහවුරු වූ බව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි යොමු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුට අද නියෝග කළේය.

වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කු⁣⁣රේ මහත්මිය සහ නීතිඥ මාධව ඊරියගම සමඟ නිතිඥ සුරෙන් ඩී පෙරේරා මහතා පෙනී සිටියේය.

පෙත්සම දෙසැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...