2024 සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගය චීන ජාතික ලේඛිකාවකට !!

Share post:

2024 වර්ෂයේ සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගය ( සම්මානය ) ( Nobel Prize for Literature – 2024 ) චීන ජාතික
ලේඛිකාවක් වන ක්ං ෂූන් / ඩෙං ෂියැහු ( Can Xue : 邓小华 / Deng Xiaohua : 邓小华; / B -1953 ) විසින් දිනාගැනීම සමත් විය . එම නිල-නිවේදනය ඊයේ දින එනම්, 2024 ඔක්තෝබර් මස 08 වැනි දින ස්විඩනයේ – ස්ටොක්හෝම් ( SWEDEN 🇸🇪 / STOCKHOLM ) නගරයේ දී ලෝක – මාධ්‍ය වෙත ප්‍රකාශ කර ලදි.

නූතන චීන සාහිත්‍යයේ ( Morden Chinese Literature ) ඉදිරියෙන්ම සිටින හා ජාත්‍යන්තර වශයෙන් ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී සිටින ක්ං ෂූන් විශිෂ්ට නවකතාකාරිණියකි, කෙටිකතාකාරිණියකි එසේම සාහිත්‍යය විචාරිකාවකි. ඇය විසින් රචිත නවකතා හා කෙටිකතා සංග්‍රහයයන් බොහොමයක්ම ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසියට ඇතුළුව ප්‍රංශ, ජර්මන් , ස්පාඤ්ඤ හා ජපන් යනාදී භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ය .

මැය විසින් චීන භාෂාවෙන් රචිත පසුව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ පොතපත අතර Old Floating Cloud – 1989 / The Last Lover – 2005 / Frontier – 2008 / Five Spice Street – 2009 / Mother River – 2015 / Love in the New Millennium – 2018 / Barefoot Doctor – 2020 / Mystery Train – 2021 යනාදී නවකතා ද Dialogues in Paradise – 1989 / I Love in the Slums – 2020 යනාදී කෙටිකතා සංග්‍රහයන් ද ප්‍රකට ය.
මැයගේ එතෙක් මෙතෙක් රචිත විශිෂ්ට නවකතා අතර විශිෂ්ටතම ( A Masterpiece ) නවකතාව Mother River – 2015 බව අවිවාදිතය.
මැය තවත් ලොව මුල්පෙලේ ත්‍යාගය කීපයක්ම හිමිකර ගෙන ඇත්තේ ය. ඒවා අතර Notable Awards Best Translated Book Award – 2015 / Huaji World Chinese Literature Award – 2022 / America Award in Literature – 2024 යනාදී ත්‍යාගය ප්‍රධාන වේ.

අතිශයින්ම වාණිජකරණයට නතුවූ චීන නාගරික සමාජයේ කුටුම්භගත පවුල් ජීවිතයේ විවිධ මනෝභාවයන් හා එහි විවිධ ක්‍රියාකාරීත්වය ද එසේම මිනිසා යනු දේශපාලනයෙන් කිසිසේත්ම වෙන්කොට දැක්විය නොහැකි එක්තරා සමාජ බලවේගයක අංශු මාත්‍රයක් බව ද එහෙයින් මිනිසා එක්තරා දේශපාලනය ප්‍රකාශයක් වන බවද විවරණය කිරීම මැයගේ සාහිත්‍යයේ මුඛ්‍ය තේමාව වන බව විදෙස් සාහිත්‍යය විචාරකයන්ගේ මතය වන්නේ ය .

Very Short introduction about Writer

Deng Xiaohua ( Chinese: 邓小华; pinyin: Dèng Xiǎohuá; born May 30, 1953 ), better known by her pen name Can Xue ( Chinese: 残雪; pinyin: Cán Xuě; lit: lingering snow), is a Chinese avant-garde fiction writer and literary critic. Her family was severely persecuted following her father being labeled a rightist in the Anti-Rightist Campaign of 1957. Her writing, which consists mostly of short fiction, breaks with the realism of earlier modern Chinese writers. She has also written novels, novellas, and literary criticism of Dante, Jorge Luis Borges, and Franz Kafka. Can Xue has been described as “China’s most prominent author of experimental fiction,” and most of her fiction has been translated and published in English.

Can Xue / 邓小华 Congratulations .. !!

විශේෂ සටහන

නොබෙල් ත්‍යාගය ( සම්මාන ) කමිටුව විසින් ස්ටොක්හෝම් නගරයේදී මෙම නිල නිවේදනය ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කරනවිට මෙරට වේලාව අද පාන්දර 1.15 පමණ විය. ඒ වනවිටත් මම නිදිවරා අන්තර්ජාලය පිරික්සමින් ජාත්‍යන්තර තොරතුරු ගවේෂණයේ ය. පසුව තොරතුර සියල්ල එක්රැස් කරගත් මම මෙම සටහන සම්පාදනය කිරීම ආරම්භ කලෙමි. සියල්ල හමාරය වී නින්දට යනවිට පාන්දර 3.00 පමණ විය . මෙම වෙහෙසකර ව්‍යායාමය අන් කිසිවක් නිසා මගේ ශක්ති ප්‍රමාණයට අනුව ඔබව නව-ජාත්‍යන්තර දැනුමෙන් පෝෂණය කරනු පිණිසමයැ.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

මහර රැඳවියන් ඝාතන නඩුව ඉවත් කරගැනීම : නීතිපතිගේ හදිසි තීන්දුව පිළිබඳ බරපතළ සැකයක් !

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමත්, එය අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇති නිසා ඊට වගකිවයුතු...

සීෂෙල්ස් නව නීතිපති ධුරයට ශ්‍රී ලාංකික නීතිඥයෙක් !

ශ්‍රී ලාංකික නීතිඥයකු වන වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.අද (16) ඔහු එරට රාජ්‍ය මන්දිරයේදී...

‘ඉඳුදුන්න නැමුන තැන’ – උපුල් සේනාධිරිගේ

ජීවිතය කරනුයේ ඔහුගෙන් එකිනෙක පැහැර ගැනීමය. පළමුව එසේ පැහැරගන්නා ලද්දේ ඔහුගේ මසැසය. එවිට හේ සැරයටියද ගෙන ගමන් ඇරඹීය....

වසරේ චිත්‍රපටය ලෙස හැදින්විය හැකි ‘The Substance’ (2024)

වසරේ චිත්‍රපටය විදිහට හඳුන්වන්නට පුළුවන්. නරඹන්නට තෝරගන්න ප්‍රධානතම හේතුවක් විදිහට අධ්‍යක්ෂකවරියව නම් කළ හැකියි. Revenge (2017) කියන අපූරු...