ජඩ, කැත, ජරා, කුජීත, පජාත, අපත යැයි දෙරණට කී හසලක තුෂාරට නඩුව අවසන් වන තෙක් තහනම් ආඥාවක් !

Share post:

TV දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම හසලක තුෂාරට එරෙහිව ගොනු කළ නඩුව අද (10) කොළඹ දිසා අධිකරණයේදී කැඳවා තිබිණි. එහිදී හසලක තුෂාරට එරෙහිව නඩුව අවසන් වන තෙක් අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන විසින් පනවනු ලැබිණි.

පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යමණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදුකිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලු‍දෙනා ද වළක්වාලනු ලබන ලෙස මේ නියෝගයේ සඳහන් ය.

You Tube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SL vlog Pod Talks නමැති වැඩසටහනේ හසලක තුෂාර සංජීවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

ආගමික අපහාසයක් සිදු කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරියට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් SL vlog Pod Talks නමැති වැඩසටහනේදී හසලක තුෂාර සංජීව දෙරණ නාලිකාව විවේචනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව දෙරණ නාලිකාව පෙන්වා දෙන්නේ, අදාළ වැඩසටහනේදී දෙරණ නාලිකාව යනු ජඩ, කැත, ජරා, කුජීත, පජාත, අපත, චාටර්, ලැජ්ජා නැති චොර මාධ්‍ය නාලිකාවක් වශයෙන් හසලක තුෂාර විසින් විවේචනය කර ඇති බවයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...