ජඩ, කැත, ජරා, කුජීත, පජාත, අපත යැයි දෙරණට කී හසලක තුෂාරට නඩුව අවසන් වන තෙක් තහනම් ආඥාවක් !

Share post:

TV දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම හසලක තුෂාරට එරෙහිව ගොනු කළ නඩුව අද (10) කොළඹ දිසා අධිකරණයේදී කැඳවා තිබිණි. එහිදී හසලක තුෂාරට එරෙහිව නඩුව අවසන් වන තෙක් අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන විසින් පනවනු ලැබිණි.

පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යමණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදුකිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලු‍දෙනා ද වළක්වාලනු ලබන ලෙස මේ නියෝගයේ සඳහන් ය.

You Tube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SL vlog Pod Talks නමැති වැඩසටහනේ හසලක තුෂාර සංජීවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

ආගමික අපහාසයක් සිදු කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරියට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් SL vlog Pod Talks නමැති වැඩසටහනේදී හසලක තුෂාර සංජීව දෙරණ නාලිකාව විවේචනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව දෙරණ නාලිකාව පෙන්වා දෙන්නේ, අදාළ වැඩසටහනේදී දෙරණ නාලිකාව යනු ජඩ, කැත, ජරා, කුජීත, පජාත, අපත, චාටර්, ලැජ්ජා නැති චොර මාධ්‍ය නාලිකාවක් වශයෙන් හසලක තුෂාර විසින් විවේචනය කර ඇති බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...