ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

Share post:

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපොළ ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ්ට සතියක් ඇතුළත මුදාහරින ලෙස කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදුකර ඇත්තේ විරෝධතා ගොනු කිරීමට සාධාරණ කාලයක් ලබාදීමෙන් අනතුරුව බව කී මහෙස්ත්‍රාත්වරයා, එසේ නොකරන්නේ නම් අධිකරණයට අගෞරව කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නෛතික පියවර ගන්නා බව ද අවධාරණය කළේය.

මේ ප්‍රහාර මාලාවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් සිදුකරමින් මියගිය ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්, දෙමටගොඩ නිවසේ පිපිරී ගිය බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් යන දෙදෙනාගේ සොහොයුරු සහ දෙමටගොඩ නිවසේ පිපිරුණු බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ජිෆ්රි ෆාතිමාගේ මස්සිනා වන ඉෆ්ලාල් අහමඩ් එම භාණ්ඩ තමන්ට අයත් බවත්, එම භාණ්ඩ මුදාහරින ලෙසත් නීතිඥවරයකු මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.‘

සලෙයි අත්අඩංගුවට ගැනීම සහ ඊට බලපෑ නිශ්චිත හේතු වසාදැමීමේ ඉලක්ක සහිතව සිදුකරමින් සිටින ප්‍රචාරයට අදාළ සත්‍ය ප්‍රවෘත්තිය ඉහත දැක්වේ. එම ප්‍රචාරයට හේතුකරගෙන සිටින මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම්ට එරෙහිව කොළඹ, මහාධිකරණ අංක 03හි HC/3072/21 අංක දරන නඩුව විභාග වේ. මේ නියෝගය එම නඩුවට අදාළ නොවන අතර, මෙය වෙන එකකි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...