‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’2024

Share post:

‘විදර්ශන ප්‍රකාශන’ ආයතනය සංවිධානය කරන ප්‍රථම ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ ජය මූර්තිකා ප්‍රධානය ඊයේ (01) සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී විශේෂ ආරාධිතයන් 200 කගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

තරගය සඳහා ඉදිරිපත් වූ නවකතා අත්පිටපත් 96 ක්, කෙටිකතා සංග්‍රහ අත්පිටපත් 118 ක්, කාව්‍ය සංග්‍රහ අත්පිටපත් 199 ක් හා මුලින් සිංහල බසින් පළවී තිබූ නවකතා, කෙටිකතා හෝ කාව්‍ය සංග්‍රහයක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඉදිරිපත් කළ අත්පිටපත් 20 ක් අතුරින්, දීර්ඝ ඇගයුම් ක්‍රියාවලියකින් පසු අවසන් වටය සඳහා තේරී පත් වූ 12 දෙනකු අතුරින් සිව් දෙනෙකු ඊයේ දින ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ ජය මූර්තිකාවන් දිනා ගත්තේ රු. 150,000/- ක මුදල් ත්‍යාගද සමඟිනි.

අවසන් වටය සඳහා නිර්දේශ වූ අනෙක් අට දෙනාට විශේෂ විදර්ශන ජය ඵලක හා රු. 50,000/- ක් වටිනා මුදල් ත්‍යාග හිමිවනු ඇත.
ජයග්‍රහණය ලබන නිර්මාණ හතර සය මසක් තුළ ඉංග්‍රීසි බසට පරිවර්තනය කර පළ කිරීමටද සංවිධායකයින් සියළු කටයුතු සංවිධානය කර ඇත.
නිර්මාණකරණයේ ප්‍රවීනයන්, ආධුනිකයන් බේදයකින් තොරව මේ තරගය සඳහා නිර්මාණ ඉදිරිපත් කර තිබූ අතර ඇගයුම් මණ්ඩල එම නිර්මාණ සියල්ල විමසා බැළුවේ අදාල නිර්මාණකරු හෝ නිර්මාණකාරියගේ නම සඳහන් නොවූ අත්පිටපත් වෙතිනි.

තරගය සඳහා ඉදිරිපත් වූ අනෙකුත් නිර්මාණ මොනවාද, එම නිර්මාණකරුවන්, නිර්මාණකාරියන් කවුරුන්ද යන්න කිසිවිටෙක ප්‍රසිද්ධියට පත් නොකෙරේ. ඇගයුම් මණ්ඩල පවා තමන් විමසුමට භාජනය කළ නිර්මාණ ඉදිරිපත් කළවුන් කවුරුන්ද යන්න දන්නේ නැත.
සැප්තැම්බර් 10 වැනිදා ජයග්‍රාහී නිර්මාණ කෘති මුද්‍රණයෙන් එළි දැක්වෙනු ඇත.

කෙටිකතා සංග්‍රහ දිගු ලැයිස්තුව

  1. මගෙන් ප්‍රවේසම් වෙනු – චමිල් හර්ෂණ.
  2. ආච්චිලා, මිණිබිරීලා සහ තවත් ගැහැනු – කුමුදු කුමාරසිංහ.
  3. පාට වලාකුළු අතර හිඳ – මනූෂා ප්‍රභානී දිසානායක.
  4. වනිගසේකර තිත් මුවෙක් – සමිත බී. අටුවබන්දෑල.
  5. නන්පෙරියල් – නිශ්ශංක විජේමාන්න.
  6. සූදුරු අබා – අජිත් පැරකුම් ජයසිංහ.
  7. කැතේ බෑ – මනමාලී දීප්ති දහනක.

කෙටිකතා සංග්‍රහ කෙටි ලැයිස්තුව

  1. ආච්චිලා, මිණිබිරීලා සහ තවත් ගැහැනු – කුමුදු කුමාරසිංහ.
  2. වනිගසේකර තිත් මුවෙක් – සමිත බී. අටුවබන්දෑල.
  3. සූදුරු අබා – අජිත් පැරකුම් ජයසිංහ.
  1. සූදුරු අබා – අජිත් පැරකුම් ජයසිංහ.

කාව්‍ය සංග්‍රහ දිගු ලැයිස්තුව

 01. මල් මැවූ මිනිසා සුහර්ෂිණී ධර්මරත්න.

 02. ඉඳු දුන්න නැමුණු තැන උපුල් සේනාධිරිගේ.

 03. කුසලාන ඈතටම විසිකර ආරියරත්න ජයසිංහ.

 04. සෞම්‍යදාස සහ ඩිජිටල් දිව්‍යලෝකය සුනිල් ප්‍රේමවංශ.

 05. මුහුද නැවතිය හැක ගල් ගොඩ ගසා වෙරළක ජනක ගොඩේවිතාන

 06. විවර කළ වා කවුළු කීඹියේ අනුරුද්ධසිරි හිමි.

 07. ශූන්‍යාගාරයට පිවිසෙමි ඩී. එම්. ලොකුගේ.

කාව්‍ය සංග්‍රහ කෙටි ලැයිස්තුව

  1. මල් මැවූ මිනිසා සුහර්ෂිණී ධර්මරත්න.
    1. ඉඳු දුන්න නැමුණු තැන උපුල් සේනාධිරිගේ.
    2. ශූන්‍යාගාරයට පිවිසෙමි ඩී. එම්. ලොකුගේ.
  1. ඉඳු දුන්න නැමුණු තැන – උපුල් සේනාධිර

ඉංග්‍රීසි පරිවර්තන දිගු ලැයිස්තුව

  1. Dreaming Reality මංජුල වෙඩිවර්ධනගේ කවි එකතුවකි Translated by – Dilini Eriyawala
  2. The Song of Dust ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි Translated by – Manel Karunathilaka
  3. The Maker of Accidents අහම්බකාරක Translated by – Ashanthi Ekanayake
  4. The Jointless අසන්ධිමිත්තා Translated by – Savi Wickramarachchi
  5. To Untouchables අස්පර්ශනීයන් වෙත Translated by – Vivimarie Vanderpoorten

ඉංග්‍රීසි පරිවර්තන කෙටි ලැයිස්තුව

  1. The Maker of Accidents ලියනගේ අමරකීර්තිගේ , අහම්බකාරක Translated by – Ashanthi Ekanayake
  2. The Jointless සමන් වික්‍රමාරච්චිගේ , අසන්ධිමිත්තා Translated by – Savi Wickramarachchi 03.To Untouchables කුසල් කුරුවිටගේ, අස්පර්ශනීයන් වෙත Translated by – Vivimarie Vanderpoorten

01.The Maker of Accidents ලියනගේ අමරකීර්තිගේ , අහම්බකාරක Translated by – Ashanthi Ekanayake

නවකතා දිගු ලැයිස්තුව

  1. මම වූයෙමි… මම වෙමි… මම වන්නෙමි…- ශ්‍රිලානී ප්‍රනාන්දු
  2. වැහිපීල්ලක අතරමංව – යසස් සමන්ත වීරසිංහ
    1. අළුපාට අහසක්! හේමන්ත සුළඟක්! – ඒෂානී ඉසුරිකා විජේවර්ධන
  3. පට්ටාභිෂේකය – ඉන්දුමතී ජයසේන
  4. අරුණෝදාකරුවෝ – අජිත් පැරකුම් ජයසිංහ
  5. පලා යමි එන්න එළියට – ගයනි ගුරුගේ
  6. ත්‍රිකාල දණ්ඩන – වීරවිජය ගුණසේකර

නවකතා කෙටි ලැයිස්තුව

  1. මම වූයෙමි… මම වෙමි… මම වන්නෙමි…- ශ්‍රිලානී ප්‍රනාන්දු
  2. වැහිපීල්ලක අතරමංව – යසස් සමන්ත වීරසිංහ
  3. පලා යමි එන්න එළියට – ගයනි ගුරුගේ
  1. යසස් සමන්ත වීරසිංහ – වැහිපීල්ලක අතරමංව

ඊයේ සවස (01.09.2024) විදර්ශන සාහිත්‍ය සම්මාන උත්සවය පැවැත්විණි. තනි පුද්ගලයෙකුගේ තීන්දුවක් – යම් පිරිසකගේ දායකත්වයෙන් යථාර්ථයක් බවට පත්වූ අන්දමය අප දුටුවේ. මේ සම්මාන ප්‍රදානයට සලකා බලන්නට ඉදිරිපත්ව තිබුණ විශාල පිටපත් සංඛ්‍යාව ප්‍රාමාණික විනිශ්චය මණ්ඩල කිහිපයක මහන්සියෙන් තෝරා ගෙන තිබීම අගය කළ යුතුය.
සාහිත්‍ය කලා ක්ෂෙත්‍රයේ අභිවෘද්ධියට කොපමණ දේ කළ හැකි ද? යන්නය ආපසු එන විට කල්පනා කළේ.
සංස්කෘතික දෙපාර්තමේන්තුව විශාල ධනයක් වැය කොට – සෑහෙන පිරිස් බලයක් – වාහන ප්‍රමාණයක් යොදා ගෙන පවත්වන සාහිත්‍ය උත්සවය අද වන විට ආරාධනා පතක් ලැබුණත් සහභාගිවෙන්නට උනන්දුවක් ඇති නොකරන තත්වයට පත්ව තිබෙන බව කිව යුතු නොවේ.

සෑහෙන කාලයක් මෙවැනි උත්සවවල තත්වයන් වටහා ගත් ජනක ඉනිමංකඩ යමක් කළ යුතු අන්දම ප්‍රායෝගිකව ඊයේ දින පෙන්වා සිටියේය. කාගේත් සිත් ගත් කාරණා කිහිපයක් මෙසේය.

  1. දේශපාලනීකරණය නොවීම
  2. පහන් දැල්වීම් ඇතුළු අනවශ්‍ය වැඩ නොතිබීම 03.නිවේදිකාව පණ්ඩිත කතා නොකීම – බොරු නොකීම – පම්පෝරි නොගැසීම – කාලය නොමැරීම.
  3. වෙලාවට පටන් ගැනීම, නියමිත වෙලාවට අවසන් කිරීම. 05.විදර්ශන ආයතනයේ හිමිකරු උත්සවය පුරා කැපී පෙනීමට උත්සාහ නොකිරීම. 06.සම්මාන ප්‍රදානය විනිශ්චය මණ්ඩල විසින්ම සිදු කිරීම. 07.කිසියම් ප්‍රමිතියකින් සියල්ල සංවිධානය කර තිබීම. 08.අලුත් ලේඛක – ලේඛිකා පිරිසකට ක්ෂේත්‍රයට අවතීර්ණවීමට ලැබුණ අනුබලය. 09.පැමිණ සිටි සියලු දෙනාටම සතුටින් පිළිස’දරේ යෙදීමට ඉඩ ප්‍රස්තාව ලැබීම.
    1. පැමිණි සියලු දෙනාටම අර්ථවත් අත්දැකීමක් ලැබීම.

සම්මාන ප්‍රදානයට පිටපත් කැ’දවීම හා නිර්මාණ විනිශ්චය කල් නොමරා සිදු කොට උත්සවය නියමිත වූ අන්දමට පැවැත්වීම භාරදූර කටයුත්තකි. ඊට අවශ්‍ය කැපවීම හා සංවිධාන ශක්තිය අගයමි – එය ප්‍රශස්තය.

සාහිත්‍ය උත්සව – නාට්‍ය උත්සව – සිනමා උත්සව යනාදි සංස්කෘතික ක්ෂෙත්‍රයේ හැම කාර්යභාරයක්ම රසික භවතුන්ට අප්‍රසන්න නොවන අන්දමට පවත්වන්නට – සංවිධානය කරන්නට අදාළ කාට කාටත් හො’ද කල්පනාවන් පහළ වේවා!

විදර්ශන සම්මානලාභීන්ට සුබ පතමි.
විදර්ශන ආයතනයටත් සුබ පතමි.

සරත් විජේසූරිය

ඊයේ සන්ධ්‍යාවේ දෙවන සිදුවීම විදර්ශන සාහිත්‍ය උත්සවයයි.
ලංකාවේ සාහිත්‍ය ත්‍යාග ප්‍රදානෝත්සව යනු විඩාබර අත්දැකීමක් පමණි.

එහෙත් විදර්ශන උළෙල ඊට මුළුමනින්ම පටහැනිව සෑම අතකින්ම මනා සේ සංවිධාණය කර තිබිණි. කාල කළමනාකරණය ඉහලින්මය.

විනිශ්චයන් සම්බන්ධයෙන් එක් එක් මණ්ඩල වගකීමට බැඳී සිටීම සහ තම පදනම් පැහැදිලි කිරීම ඉතා වටනා පියවරකි. මේ විනිශ්චයන් සමග වෙනත්

විනිශ්චය මණ්ඩලයක් එකඟ නොවිය හැකි වුවද තම විනිශ්චය සමග විනිසුරන් පෙනී සිටීම සහ තම පදනම් ප්‍රකාශයට පත් කිරීම අත්‍යවශ්‍යය. ඒ සම්බන්ධයෙන් විදර්ශන උලෙළේ වගවීම අගී.

නිර්මාණශීලී ඉදිරිපත් කිරීම් උළෙල තවත් අලංකාරවත් කලේය.
සමස්තයක් වශයෙන් ගත් කල විදර්ශන උළෙල සාර්ථකය. අනෙක් උලෙල සංවිධායකයන් ද ඒ වෙත අවධානය යොමු කිරීම වටී.

චූලානන්ද සමරනායක

Related articles

වැදගත්ම ආර්ථිකය : නීතිය ඊට පස්සෙ : අපේක්ෂකයන්ගෙ ජනවර්ගය අදාළ නෑ : පවුලේ කැමැත්ත පස්සට දමයි – වෙනස් හැඩයේ සමීක්ෂණයක ප්‍රතිඵල මෙන්න !

ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කියූ සැණින් අපට මතක් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ඉලක්කම් කිහිපයකි. මෙවැනි සමීක්ෂණ...

අසත්‍ය පුවත් සමාජගත කිරීම – සජිත්ට එරෙහිව ජපුරෙන් මැකොට ලිපියක් !

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක්...

සත්‍යපාල ගල්කැටියගේ ‘අරණ තුළ අරම’

සමාජයේ පවත්නා විවිධ සම්මුතිගත තත්ත්ව නිසා නැතහොත් සංකේතීය රටාව නිසා මිනිසුන්ට බොහෝවිට ස්වකීය ආශාවන් අවරෝධනය කර ගැනීමට සිදු...

‘ලයිටරේ සුළඟට විසිකළා’ – අනුසාර මාහිංගොඩ

වසර කිහිපයකට පෙර දිනෙක එක් සරසවියක මා මිතුරු මහාචාර්යවරයෙකු සමගින් සිටින විට ඔහුලේ පිහිට පතා පැමිණි සිසුවියක් කී...