ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

Share post:

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ 30කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. 2025 ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වුණු එය මෙරට ශාස්ත්‍රීය සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි.මහාචාර්ය ඩී. ඒ. සී. සුරංග සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය කලා පීඨයේ තිරසාර සංචාරක ඒකකය විසින් සමුළුව සංවිධානය කරනු ලැබීය.සමුළුවේ ආරම්භය සනිටුහන් කිරීම ශාස්ත්‍රීය විශේෂඥයන් සහ සංචාරක කර්මාන්තය අතර ඇති සම්බන්ධතාව ශක්තිමත් කිරීමට කැපී පෙනෙන දායකත්වයක් දක්වන සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා විසින් සිදු කරන ලදී.

තිරසාර සෞභාග්‍යය උදෙසා සංචාරක කර්මාන්තය පරිවර්තනයයන තේමාව මුල් කර ගත් සමුළුවට ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයෝ රැසක් සහභාගී වූහ. ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, පෘතුගාලය, කොරියාව, ජපානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 12ක් නියෝජනය කරන මහාචාර්යවරු 25ක් ඊට දායකත්වය දැක්වීම සුවිශේෂ සන්ධිස්ථානයකි. පර්යේෂණ පත්‍රිකා 100කට වැඩි සංඛ්‍යාවක් පළ කිරීමට කටයුතු යොදා තිබූ අතර ජාත්‍යන්තර වශයෙන් තිරසාර සංචාරක ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම පිළිබඳ පර්යේෂණය එළිදැක්වීමද සිදු විය. 50කට වැඩි පිරිසක් සංචාරක ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩවලට අදාළ පර්යේෂණ සොයා ගැනීම් පිළිබඳව අදහස් දැක්වූහ. ගෝලීය වශයෙන් සංචාරක ක්ෂේත්‍රයට බලපාන ගැටලු පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු විය. රැස් වී සිටි පිරිස ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධි යෙදවුම්, සහ සුහුරු විසඳුම් තිරසාර සංචාරක ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළහ. නව්‍ය සංචාරක නිෂ්පාදන හා සංවෘත ආර්ථිකය, සංචාරක ක්ෂේත්‍රයට අදාළ මානව සම්පත් සංවර්ධනය සාකච්ඡාවට ලක් විය. තිරසාර ඉන්දු-ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයක් තුළින් වඩාත් ශක්තිමත් කළාපීය සහයෝගිතාවක් ඇති කර ගැනීමට සහ අන්‍යොන්‍ය ආර්ථික වාසි ගණනාවක් ලැබීමට ඇති හැකියාව පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබිණි.

සමුළුවේදී එළිදැක්වූ පර්යේෂණ තුළින් මෙරට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ සාක්ෂි පදනම් කර ගත් තොරතුරු රැසක් අනාවරණය විය. ඒ තුළින් සංචාරක කර්මාන්තය තරගකාරී ලෙස ජාතික ආර්ථිකයේ වර්ධනයට දායක වන ආකාරය ඉස්මතු කැරිණි. විදේශ විනිමය ඉපැයීමට, උසස් තත්ත්වයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ දීර්ඝ කාලීන සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සංචාරක කර්මාන්තයෙන් සුවිශේෂ දායකත්වයක් ලැබේ. තිරසාර සංචාරක සංවර්ධනයක් සඳහා ගෝලීය යහපත් පුරුදුයන්න තේමා කර ගත් ගෝලීය නායකයන්ගේ සාකච්ඡාවක්ද පැවැත්විණි. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. එහිදී පර්යේෂණ තුළින් අනාවරණය කර ගත් දෑ ප්‍රයෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡාවට ලක් විය.ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සංවිධානය කළ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ලෙස මෙම සමුළුව පැවැත්විණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...