එක්තරා නො එළැඹුණු සිසිරයක

Share post:

‘මං’ නමින් ඔබ දන්න ඒ සිහිනයට
ඇස් පැළැන්දෙන දිනක් හමුවුණොත් හෙම
පත් බරින් ගස් මුදන සිසිරෙ කෙළවර
හිත් රිද්දගමු මතක, මතක නැති කර

නන්නාඳුනන කෝපි පියස්සක් යට
දුම් දමනසුළු කෝපි සිනහවන් මැද
හිත රහත් වෙයි කියා හිතනවද ඔබ
ඇස් පියන් නො සොල්ලන ඇස් කැළුම් ළඟ?

සිසිරයට අවනතව හමන සුළඟද
උණු කෝපි බඳුන ළඟ නතරවෙන කොට
එක ගසක් පෙන්නන්න පුළුවන්ද මට
දලු දමනු හැකි රුදුරු සීතලට පෙර

සිහිනෙකට බැහැ නේද ඇවිත් යන්නට
රැය ඇවිත් නොරැඳීම නික්ම යන ලෙස
සිසිර තුරු පත් ගණින ඔබ දන්නවද
මා මගෙන් අරන් ගිය වසන්තය ගැන?

අපි කවුද, සංසාරෙ සදිසි කෘතියෙක
වැකි දෙකක අග රඳන තිත් දෙකක් මිස
මොහොතකට අනන්තයෙ අතරමං වෙන
මේ ගමන නෑවිඳින් ඉන්න බැරුවද?

මංජුල වෙඩිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...