‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ උත්සවය සැප්තැම්බර් 01 ඉරිදා

Share post:

එළඹෙන සැප්තැම්බර් 01 ඉරිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී පැවැත්වෙන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්ති ප්‍රදානයට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සංවිධානය කර අවසන් ය.

සාහිත්‍යකරුවන්, විචාරකයින්, ලංකාවේ සියළු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ආචාර්ය,මහාචාර්යවරුන්, සිනමාකරුවන්, චිත්‍ර ශිල්පීන්, නර්තන ප්‍රවීණයන්, ඡායාරූප ක්ශේත්‍රයේ ප්‍රමුඛයන්, සංගීතඥයන්, සිංහල – දෙමළ – ඉංග්‍රීසි පොත් ප්‍රකාශකයන්, පොත් ආනයනකරුවන්, පොත් වෙළඳ නියෝජිතයන්, සාහිත්‍ය රසිකයන්, 27 වසරක්ම විදර්ශන ප්‍රකාශන හා එක්ව සිටි විශේෂ විදර්ශන පාඨකයන් දෙදෙනෙක්… ආදී කලා – සංස්කෘතික ක්ෂේත්‍රයේ විශේෂ ආරාධිතයන් 200 ක් පමණක් සහභාගී වන මෙම උත්සවය එදින ප.ව. 5. 30 සිට සජීවීව විකාශය කෙරේ.

සම්පූර්ණ උත්සවය පැයකුත් මිනිත්තු 45 කට සීමාවන අතර උත්සවය සඳහා විශේෂ ආරාධිතයන්, සම්ප්‍රදායික පොල්තෙල් පහන් පත්තු කිරීම්, බෙර වාදන, සප්‍රදායික උත්සව නැටුම්… කිසිවක් ඊට අඩංගු නැත.

උත්සවය ආරම්භ වන්නේ රුසියානු – සෝවියට් සංගීතඥයෙකු වූ Dmitri Shostakovich ගේ Waltz no 2 හී පියානෝ වාදනයකිනි.
උළෙල අලංකාරවත් වන්නේ සම්භාව්‍ය සංගීත ඛණ්ඩ හා ඔපෙරා ගායනා තුළින් පමණි.
‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ උළෙලහි සංගීතය මෙහෙයවීම සංගීතඥ Sagara Suresh Wijesinghe විසිනි.
සිංහල – ඉංග්‍රීසි දෙබසින්ම උත්සව සභාව මෙහෙයවන්නේ Bimsara Premaratna ය.

විදර්ශන මුද්‍රාව සීගිරි චිත්‍රයක කොටසක් නවීකරණය කිරීමෙන් ගොඩනැංවූ එකක් බැවින් පළමුවන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ උත්සවයේ ඔපෙරා ගායනා කිහිපයක් ‘තරණ සීගිරි ඔපෙරා’ ව ඇසුරෙන් නිමැවූ ඒවා ය.

ජයග්‍රාහකයන්ට, කෙටි ලැයිස්තුගත වූ නිර්මාණකරුවන්ට, කාරියන්ට ජය මුර්ති, ඵලක හා මුදල් ත්‍යාග පිරිනමන්නේ ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ හී එක් එක් නිර්මාණ අංශවල කටයුතු කළ එම ඇගැයුම් මණ්ඩල සාමාජිකයන් අතිනි.

ජයග්‍රාහකයන් සිව් දෙනාට ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ ජය මූර්තිකාව සමඟ රු. 150,000/- බැගින් මුදල් ත්‍යාග හිමි වේ.

ජයග්‍රහණය ලබන නිර්මාණකරුවන්/ කාරියන් සිව් දෙනාට තවත් වසර 5 ක් යනතුරු ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සඳහා ‘එම ජයග්‍රහණය ලැබූ අංශයෙන්’ නිර්මාණ ඉදිරිපත් කළ නොහැක.

කෙටි ලැයිස්තුගත වූ අනෙක් නිර්මාණකරුවන්ට හා නිර්මාණකාරියන්ට ජය ඵලක හා රු. 50,000/- බැගින් මුදල් ත්‍යාග හිමි වේ.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ හී ජයග්‍රාහී කෘති සැප්තැම්බර් 10 වන දින මුද්‍රණයෙන් නිකුත්වන අතර කෙටි ලැයිස්තුගත අනෙකුත් අත්පිටපත් හා දිගු ලැයිස්තුගත වූ අත්පිටපත් කිහිපයක් සැප්තැම්බර් මාසය තුළදීම මුද්‍රණයෙන් නිකුත් වේ.

ජයග්‍රාහී නවකතාවේ පළමු මුද්‍රණය පිටපත් 3000 කින් නිකුත්වන අතර, ජයග්‍රාහී කාව්‍ය සංග්‍රහය, කෙටිකතා සංග්‍රහය හා පරිවර්තනය පිටපත් 1000 කින් පළමු මුද්‍රණය නිකුත් කෙරේ.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ හී ඇගයුම් මණ්ඩල වාර්ථා සැප්තැම්බර් 02 වන දින උදෑසන 9 සිට වරින්වර සමාජ මාධ්‍ය හරහාද, www.vidarshanalitprize.com වෙබ් අඩවිය හරහාද ප්‍රසිද්ධියට පත් කෙරේ.

අදාල ඇගයුම් පිළිබඳව වඩාත් පැහැදිලි කිරීම හා පාඨකයන්ට ඇගයුම් මණ්ඩලයේ නිර්ණායක, එහි තීරණ පිළිබඳ සංවාද කිරීමට අවස්ථාව ලැබෙන සම්මන්ත්‍රණයක් ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් මස අගදී සංවිධානය කිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.

[‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ උළෙල සඳහා සහභාගී විය හැක්කේ ඒ සඳහා ආරාධනා ලැබූ ආරාධිතයන්ට පමණි.]

විදර්ශන ප්‍රකාශන

Related articles

‘ලයිටරේ සුළඟට විසිකළා’ – අනුසාර මාහිංගොඩ

වසර කිහිපයකට පෙර දිනෙක එක් සරසවියක මා මිතුරු මහාචාර්යවරයෙකු සමගින් සිටින විට ඔහුලේ පිහිට පතා පැමිණි සිසුවියක් කී...

ඉහළ ඌවේ ,ගැමි දිවිසැරිය හෙවත් ,හර්දයාංගම ආත්ම විවරණය -‘කල්කාර’

'නිග්‍රොයිඩ්-යුරොපියොයිඩ් මානව විද්‍යා ආකෘති හමුවන තවත් ප්‍රදේශයක් නම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවයි.මෙහි ද්‍රාවිඩියන් හා සමාන...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින් වැසුණු අපුරු නවකතාවක් මෑතකදී කියවන්නට ලැබුණි. ඒ විෂ්ණු වාසුගේ...

එදා වේල මේකට හරියන්නෑ : අපේක්ෂකයන්ගේ විදේශ ප්‍රතිපත්තිය රහසක් වෙන්න බෑ – ආචාර්ය ශම්මික ලියනගේ

ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී විද්වත් සංවාදවලදී නිරන්තරයෙන් මතුවන මාතෘකාවකි, රටක විදේශ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන ප්‍රශ්නය. ජනාධිපතිවරණයට...