ඕස්ට්‍රේලියාවේ ළමා පොත් සතිය

Share post:

මේ ඕස්ට්‍රේලියාවේ ළමා පොත් සතිය. Children’s Book Week. තව මාසයකින් ශ්‍රී ලංකාවේත් පොත් මාසය එන නිසා මේ ගැන පොඩි සටහනක් ලියන්න හිතුනා.

ඕස්ට්‍රේලියාවේ පාසල්වල මේ සම්බන්ධයෙන් රසවත් විවිධ ක්‍රියාකාරකම් මේ සතියේ සිද්ධ වෙනවා. ප්‍රධාන එකක් තමයි ගුරුවරු සහ ළමයින් දෙගොල්ලෝම පොත්වල ඉන්න චරිත සහ ලේඛකයින් විදිහට ඇඳ පැළඳගෙන පාසල්වලට එන එක. මේ සඳහා ළමා පොත්ම කියලා විශේෂත්වයක් නෑ. ජේන් අයර්, ඩේවිඩ් කොපර්ෆිල්ඩ්, හැම්ලට්, හැරී පෝටර් වගේම ටෝල්ස්ටෝයි, මැක්සිම් ගෝකි, තාගෝර්,මාකේස්, කුන්දේරා, කාල් මාක්ස්, චාර්ල්ස් ඩාවින් මේ ඕනෑම චරිතයක් හෝ ලේඛකයෙක් මේ දවස්වල ඉස්කෝලවල ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ නානාප්‍රකාර චරිත වලින් එද්දී එකිනෙකා අතර කුතුහලයක් ඇතිවෙනවා අඩේ අර කවුද මේ කවුද කියලා. එතකොට තමන්ගේ චරිතය අනිත් කෙනාට පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ කවුද එයා කරල තියෙන්නෙ මොනවද ඔය වගේ විස්තර. එකිනෙකා තමන් ඉන්න චරිත වලින් අඳුනගන්න ඕනේ. සමහර අවස්ථාවල මේ චරිත එකතු කරලා විවිධ fun games හදනවා පොඩි පොඩි නාට්‍ය ජවනිකා වගේ ඒවා හදනවා. මේ ක්‍රියාකාරකම්වලට ඕස්ට්‍රේලියාවේ මෙන්ම සමහර විට ජාත්‍යන්තර ලේඛකයන්ද සම්බන්ධවෙන අවස්ථාවන් තියෙනවා. සෑම පුස්තකාලයක්ම විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කරලා තියෙනවා.

කොහොම හරි මේ පරිසරය තුළින් ළමයි ප්‍රායෝගිකව පොත් වල ඇති ලේඛකයෝ චරිත සිදුවීම් කතා සහ ඒවායේ ඓතිහාසික විස්තර වගේ දේවල් රසවත් විදිහට දැනගන්නවා, ඒවාට විනෝදයෙන් සමීප වෙන්න අවස්ථාව ලැබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පාසල්වල වගේම සමහර දෙමව්පියන්ද කියවීම අමතර ක්‍රියාකාරකමක් විදිහට කුඩා කාලේ ඉඳන් ළමයින්ට පුරුදු කරනවා. සාමාන්‍යයෙන් එහෙම පුරුදු කරපු සංස්කෘතීන්වල තමයි අපිට ඔය දකින්න ලැබෙන්නේ බස් වල පෝලිම්වල එහෙම නැත්නම් බීච්වල ඉන්නකොට පොත්පත් කියවන අය. ඒවා කුඩා කාලේ ඉඳන්ම ආපු හුරුපුරුදු. දෙමව්පියන්ට එහෙම පසුබිමක් තියෙනවානම් ළමයින්ටත් ඒක පහසුවෙන් එන්න ඉඩ තියෙනවා. අවසානයේ එහෙම තමයි රටේ පාඨකයින්, රසිකයින් බිහිවෙන්නේ. කලාවට හොඳින් පවතින්න නම් ප්‍රමාණවත් රසිකයින් පිරිසක් සිටිය යුතුයි. ඒ අය හැදෙන තිබිරිගෙය පාසලයි. කාට හරි හිතනවනම් අපිට ප්‍රමාණවත් රසිකයින් නෑ කියලා පිළිතුර හරිම පැහැදිලියි.

බොහෝ රටවල් වල මේ විදිහේ ක්‍රියාකාරකම් අධ්‍යාපනය තුළ තියෙනවා. යම් විෂයක් ගැන ළමයින්ට අනුරාගය අවබෝධය වගේ දේවල් ඇති කරන්ඩ ඕනේ දේශනා සහ විභාගවලින් නෙමෙයි මේ වගේ නිර්මාණාත්මක රසවත් ක්‍රියාකාරකම් හරහායි.

ධනංජය කරුණාරත්න

Related articles

ඩිල්ශානි චතුරිකා දාබරේගේ – ‘මව්වත් හදවත්’

මිග්‍රේන් කඳු පුපුරලා ඔළුව පුරා වේදනාවෙ කියත් ඒ මේ අතට හැරෙද්දි පැනඩෝල් පෙත්තකට එහා ගිය සහනයක් ගෙනල්ලා දෙන්න...

බානුගේ කතා ආවෙ කොතැනින්ද? – Heart Lamp ගැන නිරීක්ෂණ කිහිපයක්

බානු මුෂ්ටාක් කර්නාටක වැසි, කන්නඩ සුහුරු ලේඛිකාවක්. බානුගේ දෙපා තිබුණේ, භූගෝලීය වශයෙනුත් සාහිත්‍යයික වශයෙනුත් විචිත්‍ර බිමක වුණත් ඇය...

රසිකා, මායාකාර කිවිඳියක්

කවියෙ හි ජීවය ලෙස සලකන්නේ එහි උපයුක්ත බස. කවිය ඍජු ලෙස නැගී සිටින්නාවූ සැකිල්ල වන්නේ එහි ආකෘතිය. නමුත්...

‘ඊස්ට්‍රජන්’ – සුරේඛා සමරසේන

ස්ත්‍රී ආශාව විවිධ අවස්ථාවල, විවිධ පරිසරයන් හා විවිධ සමාජ පංති තුළ වර නැගෙනුයේ එකම ආකාරයට නොවේ. එහෙත් එය...