ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 166 වෙනි ක්‍රීඩකයා මිලාන් රත්නායක

Share post:

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 166 වෙනි ක්‍රීඩකයා වීමේ භාග්‍ය හිමි කර ගැනීමට මිලාන් රත්නායක සමත් විය.

මිලාන් රත්නායක ට මේ අවස්ථාව හිමි වීම තරමක විවාද සම්පන්නය.

ඔහුට මෙම අවස්ථාව හිමි වන්නේ නිමාවූ බංග්ලාදේශ තරගාවලියේ දී ඉතා හොඳින් පන්දු යැවූ ළහිරු කුමාර සහ කසුන් රාජිත ට ඉහළිනි.

නවක ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා දීම අරමුණ වූවා නම් බොහෝ දෙනෙකුගේ තෝරාගැනීම නිසල තාරක විය හැකිව තිබුණි.

එනමුත් ඔවුන් සියලූම දෙනාට ඉහළින් මිලාන් තෝරා ගැනීමට තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඔහුගේ උස, වයස ආදී කාරණා ද ඊට හේතු වන්නට ඇත.

කෙසේ වෙතත් විවාදාත්මක තෝරා ගැනීමට සාධාරණත්වය ඉටු කිරීමේ වගකීම මිලාන් සතුය.

ඔහුගෙන් තේරීම් කමිටුව කුමක් හෝ විශේෂත්වයක් දකින්නට ඇත. එය ඔප්පු කිරීම ඔහුට භාරය.

අඩි හයක් උස මිලාන්, මූවර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි. කුරුණෑගල ප්‍රදේශයේ උපන් ඔහු වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

2024/08/21

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...