ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 166 වෙනි ක්‍රීඩකයා මිලාන් රත්නායක

Share post:

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 166 වෙනි ක්‍රීඩකයා වීමේ භාග්‍ය හිමි කර ගැනීමට මිලාන් රත්නායක සමත් විය.

මිලාන් රත්නායක ට මේ අවස්ථාව හිමි වීම තරමක විවාද සම්පන්නය.

ඔහුට මෙම අවස්ථාව හිමි වන්නේ නිමාවූ බංග්ලාදේශ තරගාවලියේ දී ඉතා හොඳින් පන්දු යැවූ ළහිරු කුමාර සහ කසුන් රාජිත ට ඉහළිනි.

නවක ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා දීම අරමුණ වූවා නම් බොහෝ දෙනෙකුගේ තෝරාගැනීම නිසල තාරක විය හැකිව තිබුණි.

එනමුත් ඔවුන් සියලූම දෙනාට ඉහළින් මිලාන් තෝරා ගැනීමට තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඔහුගේ උස, වයස ආදී කාරණා ද ඊට හේතු වන්නට ඇත.

කෙසේ වෙතත් විවාදාත්මක තෝරා ගැනීමට සාධාරණත්වය ඉටු කිරීමේ වගකීම මිලාන් සතුය.

ඔහුගෙන් තේරීම් කමිටුව කුමක් හෝ විශේෂත්වයක් දකින්නට ඇත. එය ඔප්පු කිරීම ඔහුට භාරය.

අඩි හයක් උස මිලාන්, මූවර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි. කුරුණෑගල ප්‍රදේශයේ උපන් ඔහු වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

2024/08/21

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...