”මෙවැන්නක් මීට පෙර දැක නැත. අනිවාර්යයෙන්ම බැලිය යුත්තකි”

Share post:

මේ ඔබට මෙවර කොලඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී බලන්නට ලැබෙන නාට්‍ය දෙකක සාරාංශයයි. අලා වැනි නාට්‍යයක මේ සාරාංශය පවා ඒ නාට්‍යය කෙතරම් ප්‍රබල ඇත්දැයි සිතන්නට ඉඩ ලබාදෙනවා. ඒ නිසා අගෝස්තු 24 – 30 දක්වා අඩු තරමින් එක නාට්‍යයක්වත් බලන්නට වෙලාව වෙන්කරගන්න‍.

අලා
මොහොමඩ් කසෙම්තබාර් – ඉරානය

අලා යනු ඉරාකයේ සිට ඉරානයට පැනගිය යෞවනියකි. ඇයට ඉරානයේදී අරාශ් නම් තරුණයෙකු හමුව ඔහු සමඟ විවාහ වෙයි. ඉරානය සහ ඉරාකය අතර යුද්ධය ආරම්භ වීම සමඟ අරාහ් හෙද නිලධාරියෙකු ලෙස යුද්ධයට ගොස් සේවය කරයි. ආරාශ්ව සොයා අලා ද යුධ බිමට යයි. එහිදී අරාශ් සමඟ තුවාල වුණ ඉරාන සෙබළුන්ට උපකාර කරයි. දිනක් අලා උපස්ථාන කරමින් සිටින රෝහලට ඉරාකය බෝම්බ දමයි. අරාහ් ගැලවෙන්නේ නූලෙනි. ඔහු කාන්තාරය මධයයට පලා යයි. එහෙත් ඔහු නවතින්නේ ඉරාකයේය…
ගිගෝලො

දේවාං තෙවාරි – ඉන්දියාව

ආකර්ශනීය. බුද්ධිමත්. මිනීමරුවෙකි. මනෝව්‍යාධිකයෙකි! ශාන්තුවරයෙක්ද නැතිනම් පව්කාරයෙක්ද? ඉන්දියාවේ පිටිසර ගම්මානයකින් පැන ගොස් රටේ භයානකම සහ වරෙන්තු සහිත අපරාධකාරයෙකු වූ මුරලිගේ ත්‍රාජනක චාරිකාවයි.
කම්කරුවෙක් ලෙස සේවය කළ සාමාන්‍ය පිරිමි ළමයෙකු, හින්දි චිත්‍රපටවල පසුබිම් නර්තනයේ යෙදුන අයෙකු, ලිංගික සේවය සඳහා විකිණුවෙකු මනෝව්‍යාධිකයෙකු බවට පත්ව පුද්ගලයන් 17ක් ඝාතනය කරයි. මෙම නාට්‍යෙයන් ළමා අපයෝජන සහ මෝඩ පළිගැනීම ගැන කතා කරයි. සැබෑ සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වූවකි. සැකයක් නැතිවම ඉන්දියාවේ කැපී පෙනෙනම වේදිකා නාට්‍යය කිව හැකිය.
”මෙවැන්නක් මීට පෙර දැක නැත. අනිවාර්යයෙන්ම බැලිය යුත්තකි” (ටයිම්ස් ඔෆ් ඉන්දියා)

රශ්මික මණ්ඩාවල

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...