”මෙවැන්නක් මීට පෙර දැක නැත. අනිවාර්යයෙන්ම බැලිය යුත්තකි”

Share post:

මේ ඔබට මෙවර කොලඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී බලන්නට ලැබෙන නාට්‍ය දෙකක සාරාංශයයි. අලා වැනි නාට්‍යයක මේ සාරාංශය පවා ඒ නාට්‍යය කෙතරම් ප්‍රබල ඇත්දැයි සිතන්නට ඉඩ ලබාදෙනවා. ඒ නිසා අගෝස්තු 24 – 30 දක්වා අඩු තරමින් එක නාට්‍යයක්වත් බලන්නට වෙලාව වෙන්කරගන්න‍.

අලා
මොහොමඩ් කසෙම්තබාර් – ඉරානය

අලා යනු ඉරාකයේ සිට ඉරානයට පැනගිය යෞවනියකි. ඇයට ඉරානයේදී අරාශ් නම් තරුණයෙකු හමුව ඔහු සමඟ විවාහ වෙයි. ඉරානය සහ ඉරාකය අතර යුද්ධය ආරම්භ වීම සමඟ අරාහ් හෙද නිලධාරියෙකු ලෙස යුද්ධයට ගොස් සේවය කරයි. ආරාශ්ව සොයා අලා ද යුධ බිමට යයි. එහිදී අරාශ් සමඟ තුවාල වුණ ඉරාන සෙබළුන්ට උපකාර කරයි. දිනක් අලා උපස්ථාන කරමින් සිටින රෝහලට ඉරාකය බෝම්බ දමයි. අරාහ් ගැලවෙන්නේ නූලෙනි. ඔහු කාන්තාරය මධයයට පලා යයි. එහෙත් ඔහු නවතින්නේ ඉරාකයේය…
ගිගෝලො

දේවාං තෙවාරි – ඉන්දියාව

ආකර්ශනීය. බුද්ධිමත්. මිනීමරුවෙකි. මනෝව්‍යාධිකයෙකි! ශාන්තුවරයෙක්ද නැතිනම් පව්කාරයෙක්ද? ඉන්දියාවේ පිටිසර ගම්මානයකින් පැන ගොස් රටේ භයානකම සහ වරෙන්තු සහිත අපරාධකාරයෙකු වූ මුරලිගේ ත්‍රාජනක චාරිකාවයි.
කම්කරුවෙක් ලෙස සේවය කළ සාමාන්‍ය පිරිමි ළමයෙකු, හින්දි චිත්‍රපටවල පසුබිම් නර්තනයේ යෙදුන අයෙකු, ලිංගික සේවය සඳහා විකිණුවෙකු මනෝව්‍යාධිකයෙකු බවට පත්ව පුද්ගලයන් 17ක් ඝාතනය කරයි. මෙම නාට්‍යෙයන් ළමා අපයෝජන සහ මෝඩ පළිගැනීම ගැන කතා කරයි. සැබෑ සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වූවකි. සැකයක් නැතිවම ඉන්දියාවේ කැපී පෙනෙනම වේදිකා නාට්‍යය කිව හැකිය.
”මෙවැන්නක් මීට පෙර දැක නැත. අනිවාර්යයෙන්ම බැලිය යුත්තකි” (ටයිම්ස් ඔෆ් ඉන්දියා)

රශ්මික මණ්ඩාවල

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...