ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ?

Share post:

මානව ශිෂ්ඨාචාරයේ විශිෂ්ටතම සහ උත්කර්ෂවත්ම ක්‍රීඩා උළෙලෙ හි, 2024 අදියරේ සංවිධානය කිරීමේ ගැටලු පැවතුණත් ක්‍රීඩාශීලීත්වය අතින් එය සාර්ථක තරගාවලියකි.

විශේෂයෙන්ම ගෝලීය බලවතුන් වන චීනය සහ ඇමරිකාව අතර පදක්කම් සටන අවසන් මොහොත දක්වා ඇදී ගිය එකක් විය.
අවසානයේ දෙරටෙහිම රන් පදක්කම් ගණන 40 බැගින් සමාන වූ නිසා ජයග්‍රාහකයා තෝරා ගැනීමට සිදුවූයේ රිදී පදක්කම් එකතුවෙනි.
ඒ අනුව ඇමරිකාවට පදක්කම් සටහනේ ප්‍රමුඛස්ථානය හිමිවිය.

කෙසේ වෙතත් භූ දේශපාලනික ගැටුම් නිසා රුසියාවේ ඔලිම්පික් සාමාජිකත්වය තහනම් නොකරන්නට, අවසන් පදක්කම් සටහන බොහෝ වෙනස් වීමට තිබුණි.

රුසියාව විසින් දිනා ගන්නා සුපුරුදු පදක්කම් බොහෝමයක් මෙවර හිමි වූයේ ඇමෙරිකාවටයි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක්ම ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ නමුත් ඔවුන්ට එතරම් සාර්ථකත්වයක් අත්කරගත නොහැකි විය.
ශ්‍රී ලංකා ඉතිහාසය තුළම දිනා ඇත්තේ ඔලිම්පික් පදක්කම් දෙකක් පමණි.

2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ සුසන්තිකා ජයසිංහ දිනූ ලෝකඩ පදක්කමෙන් (පසුව රිදී) පසු ශ්‍රී ලංකාවට කිසිදු ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට හැකිව නැත.

නමුත් ශ්‍රී ලංකාවට පදක්කමක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් එළඹෙන 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී විවර වේ.
මන්ද එම තරගාවලියේ සිට ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇති බැවිනි.
2028 ඔලිම්පික් උළෙලට නව ක්‍රීඩා කිහිපයක්ම එක් වීමට නියමිතයි.

බේස්බෝල් ක්‍රීඩාවට බොහෝ සමාන සොෆ්ට්බෝල්, ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාවට සමාන ෆ්ලැග් ෆුට්බෝල්, ලැක්‍රොස් (lacrosse) සහ ස්කොෂ් ආදී ක්‍රීඩා අතර ක්‍රිකට් ක්‍රීඩාව ද ඔලිම්පික් තරගාවලියට අලුතෙන් එක් වීමට නියමිතයි.
ඔලිම්පික් තරගාවලියේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ T20 ආකෘතිය.

2028 ඔලිම්පික් තරගාවලියට අලුතෙන් එක්වන බොහෝමයක් ක්‍රීඩාවන් උතුරු ඇමරිකානු ආභාෂය සහිත ඔවුන්ට ආවේණික ක්‍රීඩා බව පැහැදිලිව පෙනෙනවා.
එය ඔවුන්ගේ රටෙහි පැවැත්වෙන තරගාවලියේ ඔවුන්ගේ සංස්කෘතිය විදහා දැක්වීමක් මෙන්ම පහසුවෙන්ම පදක්කම් දිනා ගැනීමත් එහි අරමුණ විය හැකියි.
එසේ නොවන ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගැනීමට ප්‍රධාන හේතුව බවට පත්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දීය ආධිපත්‍යයයි.
ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට රැගෙන යාමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළා.
එමෙන්ම මේ මොහොතේ ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ ධජය රැගෙන යන්නා (Flag bearer) සහ ගෝලීය ක්‍රිකට් සන්නාමය වන විරාත් කෝලි වැනි පුද්ගල ප්‍රතිරූප ද එයට හේතු වුණා.
කෙසේ වෙතත් මේ ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරගාවලියකට එක් වන පළමු අවස්ථාව නොවේ.
1900 පැරිස් ඔලිම්පික් උළෙලේ ද ක්‍රිකට් ක්‍රීඩාව පැවතියා.
එවකට ක්‍රිකට් නැවුම් සහ නවීන ක්‍රීඩාවක්. එය ප්‍රසිද්ධ වූයේ යුරෝපීය කලාපයේ පමණයි.
1900 පැරිස් ඔලිම්පික් උළෙලේ රටවල් හතරක් ක්‍රිකට් ඉසව්වට සම්බන්ධ වීමට නියමිතව තිබුනත් බෙල්ජියම සහ නෙදර්ලන්තය ක්‍රීඩා කිරීමෙන් වැළකුණා.
ඒ අනුව එකම තරගය මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර පැවැත්වූ අතර එය ටෙස්ට් තරගයක් වුණා.
තරගය ජයගත් මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමට රිදී පදක්කමත්, ප්‍රංශ කණ්ඩායමට ලෝකඩ පදක්කමකුත් පිරිනැමුණා.
පසුව එය රන් සහ රිදී පදක්කම් බවට පරිවර්තනය වුණා.
ඉන් පසුව සියවසක් ගත වන තුරුත් ඔලිම්පික් උළෙලක ක්‍රිකට් ක්‍රීඩා කෙරුණේ නැහැ.
2028 ලොස් ඇන්ජලීස් උළෙලට ක්‍රිකට් පැමිණෙන්නේ ශත වර්ෂයකට පසුවයි.
කාන්තා සහ පිරිමි අංශ දෙකෙහිම තරග පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අනුව එළඹෙන 2028 ඔලිම්පික් උළෙලේ පදක්කමක් දිනා ගැනීමේ පැහැදිලි අවස්ථාවක් ශ්‍රී ලංකාවටද විවර වනු ඇති.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

       2024. 08. 13

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...