ඔයා පැරදුණේ නැහැ, ඔයා තනියම ගිය යෝද ගමනක් මේ !

Share post:

ලංකාවේ අපිට නම් දැන් එළිවෙලා…පුතා තාම නිදි ඇති…කකුල් දෙක රිදෙනවද පුතේ? කකුල් දෙකට වඩා ඔයාගේ හිත රිදුනද? දුක හිතුණද? දුක් වෙන්න එපා.ඔයා පැරදිලා නෑ පුතේ…

පුතා,ලංකාවේ අපි හැමෝම විනාඩි දෙකකට එක තැනක නතර කරපු දවස් දෙකක් පහුගිය දවස් දෙක. ඔයා ගැන කතා නොකල මාධ්‍යයක්.කෙනෙක් මුළු රටේම නැතුව ඇති පුතේ. පුතා පැරදුනේ නැ. පුතා දිණුම්. ඔය වයසට ඔලිම්පික් ගියා ක්යන්නෙම පුතා දිණුම්.

පුතා දුවපු තරඟ දෙකේම හිටිය පුංචිම කෙල්ල ඔයා. අනිත් අය ලොකු අක්කලා.ඔයාට වඩා වයසත් වැඩි‍, ඇගපතත් වැඩි. හරියට A/L කරන අක්කල එක්ක දුවන 5 පන්තියෙ ශිෂ්‍යත්ව නංගි කෙනෙක් වගෙ කියලයි මට හිතුනේ.
මෙ ගමන එන්න මයෙ පුතා මොන තරම් කැපවුණාද නේද.?

චූලාභය පාසලෙන් වලලට ආවට පස්සේ ඔයාගේ ගමන පටන් ගත්තා. මුල් කාලෙ තරග පැරදුණා නේද? ඒත් අත ඇරියෙ නැ ..පස්සේ පස්සේ ඔයා දිනන්න පටන් ගත්තා. සුසන්ත සර් ඔයාට හරි පාර කියලා දුන්නා. ඒ නිසා දවසින් දවස ඔයා ඉස්සරහට ආවා. “ආසියාවේ ඉන්න මීටර් 800 වේගෙන්ම දුවන කාන්තාව මම” කියල කියන්න පුතාට දැන් පුලුවන්. ඒ හයිය‍, වාසනාව තියෙන්නෙ කීයෙන් කී දෙනාටද නේද?

එදා දියගම තිබුණු ඔයාගෙ selection රේස් එක දවසෙ මම තාත්තා දිහා බලාගෙන හිටියා. පුතා දුවනකොට ඔයාගෙ තාත්තා යටි ගිරියෙන් කෑ ගහලා ඔයාව දිරිමත් කරපු හැටි!!! මට පුදුම හිතුනා පුතේ. එදා තාත්තගෙ උගුර තුවාල වෙන්න ඇති…අම්මගේ ඇස් දෙක පියාගන්න අම්මාට අමතක වෙලා වගේ ‍,ඔයා දිහා බලාගෙන හිටියෙ. අයියා‍ ‍,හර්ෂ එයාගේ තරඟය පැත්තකින් තියලා නංගි ගැන පුදුම කනස්සල්ලකින් බලාගෙන හිටියේ. ඔයාට අනතුරක් වෙයිද? වැස්සෙ දුවන එක ඔයාට පාඩුවක් වෙයිද කියන දෙගිඩියාවෙන්. නංගි ගිහාර ලග මගෙ දුවත් එදා හිටිය මතකයි නේද…ඒත් එදා හැමදේම සිද්ධ වුණේ නරක විදිහට.දුවට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණු බව අපි හැමෝම ඇස් ඉදිරිපිටම දැක්කා. මේවා අපේ රටේ ක්‍රීඩාවේ අවාසනාව පුතේ. ඔයාල දුවන්නේ ඇගේ හයියට වඩා හිතේ හයියෙන්. තරුෂි කියන්නේ කොච්චර පුංචි දරුවෙක්ද කියන එක අපි හැමෝම පැරිස් ධාවන පථයේදී දැක්කා. ඔයාට හයිය දෙන්න ගොඩක් අය ඉදිරිපත් වුනේ ආසියානු පදක්කම ගෙනාවට පස්සෙ. එතෙක් ඔයා රැක බලා ගත්තෙ අම්මයි‍, තාත්තයි.

වලල අපේ Sports school එකේ නංගිලා මල්ලිලාට මාසෙකට හම්බුන මුදල රු5000 රු10‍,000 වුනෙත් ඔයාගෙ ආසියානු පදක්කමට පිං සිද්ද වෙන්න.දිනනකොට ලගට එන අය එතනට එන ගමනෙදි හිටියෙ නෑ පුතේ.
මේ දවස්වල අපේ රටේ කට්ටියක් ඡන්දෙට ලෑස්ති වෙනවා. අපි වෙනුවෙන් රටක් හදල දෙන්න එයාලා උදේ රෑ නැතුව මහන්සි වෙනවා. පුතා දුවන එක එයාලට මේ වෙලාවේ වැදගත් වුණේ නැහැ. පදක්කමක් හම්බුනා නම් ඒ පදක්කම ඉස්සරහට දාගෙන ඒගොල්ලෝ ඡන්දෙ දාගන්න බලාගෙන ඉන්න ඇති.ඒ අතින් එයාල පව්.

ඒත් මුළු රටම කෑගහලා ‍,මුළු රටම එක වගේ අත්පුඩි ගහලා පුතාට සුබ ප්‍රාර්ථනා කළා.ඔයා දිණුවෙ නෑ කියල කවුරුත් මොනවත්ම කිව්වෙ නැ.පුතේ ඔයා පැරදුනේ නැහැ. ඔයා තනියම ගිය යෝද ගමනක් මේ.

2028 ඔලිම්පික් තියෙන්නෙ ලොස් ඇන්ජලීස් වල. එතකොට පුතාගෙ වයස අවුරුදු 23යි. එදාට අපිට පදක්කමක් ඕනමයි. සුසන්ත සර් ඒ වෙනුවෙන් සැලසුම් හදල ඉවරයි. අමතක කරන්න එපා පුතේ ‍,ඔයාට ඉන්නෙ මනුස්සකම පිරිච්චි ‍හදවතක් තියන‍, ලංකා ඉතිහාසෙ බිහිවුන වටිනාම පුහුණුකරුවා. සුසන්ත සර්ගෙ දෙවැනි ඔලිම්පික් තරුව ඔයා.

ඒ නිසා ඔයාට පුලුවන්. මගේ මල්ලි කියන්නෙ ඔයා හිත හයිය දරුවෙක් කියලා. ඔය කකුල් දෙකට යොධ හයිය ලැබෙනවා පුතේ. ඔයාට ලෝකෙම දිනන්න පුලුවන්.

සුසන්ත සර් එක්ක පරිස්සමින් ලංකාවට එන්න. එදා ආසියානු පදක්කම ඇරං ආපු දවසෙ ඔයා පිළිගන්න ආව අය මෙදා පාර එයාර්පොට් එකේ නැති වේවි. ඒත් මම එනවා ඔයාව පිළිගන්න. අපි එදාට හමුවෙමු.ආවාම අපි කතා කරමු. සර්ටයි පුතාටයි බුදු සරණයි.

මම

චමින්ද ගුණරත්න (fb)

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...