මේ පාර ඔලිම්පික් උළෙලේ දකින්න ලැබුණු ලස්සනම ෆොටෝවලින් එකක් මේක!

Share post:

මේ ෆොටෝ එක මැද ඉන්නේ බ්‍රසීල ජිම්නාස්ටික් ක්‍රීඩිකා Rebeca Andrade. ඇය තමයි මේ වෙද්දී බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් දිනපු ක්‍රීඩිකාව වෙන්නෙත්. ඇය ඊයේ තමන්ගේ පදක්කම් අතරට තවත් එක රන් පදක්කමක් එකතු කරගන්නවා. ඒ ඇයගේ 06 වෙනි ඔලිම්පික් පදක්කම වගේම දෙවෙනි ඔලිම්පික් රන් පදක්කම.
එතකොට මේ ෆොටෝ එකේ දෙපැත්තෙන් ඉන්නේ ඇමරිකානු ක්‍රීඩිකාවන් දෙදෙදෙක්. ඒ අතර ඉන්නවා මෙතෙක් ලොව බිහි වුන හොඳම (වැඩිම ජාත්‍යන්තර පදක්කම් ප්‍රමාණය හිමි) ජිම්නාස්ටික් ක්‍රීඩිකාවත්.
ඇය Simone Biles.
Simone Biles නිසා පහුගිය කාලය පුරාවටම Andradeට සෑහෙන්න ජයග්‍රහණ අහිමි වෙනවා. ඒ ගැන සරලවම කියනවා නම් මේ පාර ඔලිම්පික් වලදී විතරක් Biles නිසා Andradeට රන් පදක්කම් දෙකක් අහිමි වුනා.
Bilesගේ ක්‍රීඩා ජීවිතයේ ඇයට හිටපු හොඳම ප්‍රතිවාදියා තමයි Rebeca Andrade කියන්නේ.
“ඇය මාව නොසෑහෙන්න බය කරනවා”
Biles ඒ විදිහට තමයි Andradeව හඳුන්වලා දෙන්නේ.
“මට තවදුරටත් Rebeca සමඟ තරග කරන්න ඕන නැහැ. මට මහන්සියි. ඇය ගොඩක් ලඟයි. මට කවදාවත් ඒ තරම් ළඟින් හිටිය වෙනත් ක්‍රීඩිකාවක් ඉඳලා නැහැ.”
Biles මෑත දවසක Rebeca Andrade ගැන එහෙමත් කියනවා.
2023 ලෝක ශූරතාවලියේ එක් ඉසව්වක් අවසානයේ තමන් නිසා රන් පදක්කම අහිමි වෙලා රිදී පදක්කමින් සෑහෙන්න සිදු වුන Andradeට Biles විසින් තමන්ගේ හිසේ තියෙන ඔටුන්නක් ගලවලා පළඳවනවා වගේ රඟපානවා. ඒ අතීත සිද්ධියක්. ඒ වගේ මේ දෙන්නා මුණ ගැහෙන හැම වෙලාවකම ක්‍රීඩාව ඇතුළේ මොන තරම් ප්‍රතිවාදීන් වුනත් උපරිම ගෞරවය ලබා දෙනවා.
මේ ෆොටෝ එක තමයි ඒ ලබාදුන්න ගෞරවයේ උච්චතම අවස්ථාව.
එදා 2017 දී Justin Gatling විසින් Usain Bolt වෙනුවෙන් දණ නමලා ආචාර කළා වගේමයි.
තමන්ගේ ප්‍රතිවාදියා වෙනුවෙන් උපරිම ගෞරවය ලබාදුන්නා කියලා කිසිම වෙලාවක තමන්ගේ ආත්ම ගෞරවය දශමයක්වත් පහතට වැටෙන්නේ නැති බව ඔවුන් දන්නවා. වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේ වගේ සිදුවීම් නිසා මිනිස්සු ගැන තියෙන ආදරය තවත් වැඩි වෙනවා!

අනුජ වික්‍රමසිංහ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...