මේ පාර ඔලිම්පික් උළෙලේ දකින්න ලැබුණු ලස්සනම ෆොටෝවලින් එකක් මේක!

Share post:

මේ ෆොටෝ එක මැද ඉන්නේ බ්‍රසීල ජිම්නාස්ටික් ක්‍රීඩිකා Rebeca Andrade. ඇය තමයි මේ වෙද්දී බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් දිනපු ක්‍රීඩිකාව වෙන්නෙත්. ඇය ඊයේ තමන්ගේ පදක්කම් අතරට තවත් එක රන් පදක්කමක් එකතු කරගන්නවා. ඒ ඇයගේ 06 වෙනි ඔලිම්පික් පදක්කම වගේම දෙවෙනි ඔලිම්පික් රන් පදක්කම.
එතකොට මේ ෆොටෝ එකේ දෙපැත්තෙන් ඉන්නේ ඇමරිකානු ක්‍රීඩිකාවන් දෙදෙදෙක්. ඒ අතර ඉන්නවා මෙතෙක් ලොව බිහි වුන හොඳම (වැඩිම ජාත්‍යන්තර පදක්කම් ප්‍රමාණය හිමි) ජිම්නාස්ටික් ක්‍රීඩිකාවත්.
ඇය Simone Biles.
Simone Biles නිසා පහුගිය කාලය පුරාවටම Andradeට සෑහෙන්න ජයග්‍රහණ අහිමි වෙනවා. ඒ ගැන සරලවම කියනවා නම් මේ පාර ඔලිම්පික් වලදී විතරක් Biles නිසා Andradeට රන් පදක්කම් දෙකක් අහිමි වුනා.
Bilesගේ ක්‍රීඩා ජීවිතයේ ඇයට හිටපු හොඳම ප්‍රතිවාදියා තමයි Rebeca Andrade කියන්නේ.
“ඇය මාව නොසෑහෙන්න බය කරනවා”
Biles ඒ විදිහට තමයි Andradeව හඳුන්වලා දෙන්නේ.
“මට තවදුරටත් Rebeca සමඟ තරග කරන්න ඕන නැහැ. මට මහන්සියි. ඇය ගොඩක් ලඟයි. මට කවදාවත් ඒ තරම් ළඟින් හිටිය වෙනත් ක්‍රීඩිකාවක් ඉඳලා නැහැ.”
Biles මෑත දවසක Rebeca Andrade ගැන එහෙමත් කියනවා.
2023 ලෝක ශූරතාවලියේ එක් ඉසව්වක් අවසානයේ තමන් නිසා රන් පදක්කම අහිමි වෙලා රිදී පදක්කමින් සෑහෙන්න සිදු වුන Andradeට Biles විසින් තමන්ගේ හිසේ තියෙන ඔටුන්නක් ගලවලා පළඳවනවා වගේ රඟපානවා. ඒ අතීත සිද්ධියක්. ඒ වගේ මේ දෙන්නා මුණ ගැහෙන හැම වෙලාවකම ක්‍රීඩාව ඇතුළේ මොන තරම් ප්‍රතිවාදීන් වුනත් උපරිම ගෞරවය ලබා දෙනවා.
මේ ෆොටෝ එක තමයි ඒ ලබාදුන්න ගෞරවයේ උච්චතම අවස්ථාව.
එදා 2017 දී Justin Gatling විසින් Usain Bolt වෙනුවෙන් දණ නමලා ආචාර කළා වගේමයි.
තමන්ගේ ප්‍රතිවාදියා වෙනුවෙන් උපරිම ගෞරවය ලබාදුන්නා කියලා කිසිම වෙලාවක තමන්ගේ ආත්ම ගෞරවය දශමයක්වත් පහතට වැටෙන්නේ නැති බව ඔවුන් දන්නවා. වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේ වගේ සිදුවීම් නිසා මිනිස්සු ගැන තියෙන ආදරය තවත් වැඩි වෙනවා!

අනුජ වික්‍රමසිංහ (fb)

Related articles

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ඇත්ත සහ මම

ඇත්ත පුවත්පතට සම්බන්ධ වීම සඳහා විමලනාත් වීරරත්න මට දුන් ඇමතුම අනුව ජයතිලක සිල්වා හමුවුණෙමි.මා සම්මුඛ පරීක්ෂණයට ලක් කළේ...

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...