විදර්ශන සාහිත්‍ය ත්‍යාගය කෙටිකතා දිගු ලැයිස්තුව නිකුත් වෙයි

Share post:

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය නාම ලේඛනය නිකුත් වුණා. නම් අතරින්, චමිල් හර්ෂණ, සහ මනූෂා ප්‍රභානී දිසානායක හැර අන් සියල්ලන් මා දන්නා කියන අය. සමිත බී Samitha B. Atuwabendela නිතර එෆ්බී හමුවන මිතුරෙක් මෙන්ම රහක් දැනෙන්නට ලියන අයෙක්.

කොළඹ මතක ලියූ කුමුදු කුමාරසිංහ Kumudu Kumarasingha ⁣කෙටි කතා කාරියක් ලෙසින් කලඑළි බැහැලා. කොළඹ මතක කියැවූ අපට කුමුදුට ලියන්නට හැමට හසු නොවන අලුත් බිම් ප්‍රදේශ බොහෝ ඇති බව පැහැදිලියි. නිතර අප කියවන මධ්‍යම පාන්තික අද්දැකීම් වෙනුවට ලුම්පන් පාන්තික අද්දැකීම් කෙටිකතාවට නගන්නට කුමුදුට හැකි වී ඇත්නම් කෙටිකතා කලාවට අලුත් භූමි ප්‍රදේශයක් එකතු කරන්නට ඇයට හැකි වෙයි.

මුවා මැරූ සලමන් වැනි ශිල්පීය පෙළහර පාන කතා ලියූ නිශ්ශංක විජේමාන්න Nissanka Wijemanna මෙවර කරන ශිල්ප දැක්වීම කවරාකාරද යන්න දැක ගන්නට ඇත්තේ කුහුලක්.

අජිත් පැරකුම් ජයසිංහ කාලෙකට ඉස්සර රෝමෝද්ගමනය කරන කවි ලියූ මිත්‍රයා. එයාගෙ නවකතාව, ලේ කුයිල දැනෙන තරමට බලගතු බසකින් ලියන ලද්දක්. පැරා කෙටිකතා ලියූ බවක් මගේ මතකයේ නැහැ. එයාගෙ කෙටි කතාත් කවි, නවකතා තරමට රහද යන වග අපට දැනගන්න පුළුවන් වෙයි.

දීප්ති දහනක Deepthi Dahanaka කෙටිකතා කලාවේ පර්යේෂණාගාරයක්. එයා කාලයක් නාට්‍ය කරන්නට උත්සාහ ගත්තා. ඇරිස්ටොෆාන්ස් ගෙ ලයිට්‍රිස්ටාටා කරන්න ගිය ගමන කෙළවර වුණේ නිළියක් බිරිය කරගැනීමෙන්. නාට්‍ය එහෙම වුණාට දීප්තිගෙ කෙටිකතාත් නාට්‍ය සමයි. එයා ගෙ කෙටිකතා ගොඩනැගෙන්නෙම සංවාද, වඩාත් නිවැරදිව කීවොත්, නාට්‍යාකාර දෙබස් මූලිකව. බාලසූරිය ආර් ආර්, සර්වාංග විකාර, එක අතකින් වෙන මොනව කරන්නද ආදි හැම කතාවකම දීප්තිගේ කතා කලාවේ ඒ ලක්ෂණය කැපී පෙනෙනවා. කෙටිකතා ක්ෂේත්‍රයට ශ්‍රවණ කෘති හෙවත් ඕඩියෝ බුක් හඳුන්වා දුන්නෙත් දීප්ති දහනක. දීප්ති ගැන ටිකක් වැඩියෙන් ලියන්නට හේතුව, දීප්ති කළ දේ ඇති පමණට අවධානයට ලක් නොවුණු බව මා සිතීම.

ඒ නිසා විදර්ශන කෘති අතරට එක් වීම දීප්තිට අලුත් ආලෝකයක් වෙයි. හැමෝම ගැන සතුටුයි. කටයුත්තට අතගැසූ ජනක ඉනිමංකඩ සහෝදරයාටත් අගැයුම් මඬුල්ලේ අනෝමා රාජකරුණා, අශෝක හඳගම, ටියුඩර් වීරසිංහ තිදෙනාගේ දායකත්වයටත් ස්තුති කරමු. සැමට සුබපැතුම්!

අනුර කේ. එදිරිසුරිය

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...