උතුරු-දකුණු කොරියානු ඔලිම්පික් සෙල්ෆිය..

Share post:

මේක 2024 ඔලිම්පික් තරඟාවලියේදි සිද්ධ වුණ ලස්සනම සිදුවීක්.. ⁣
මෙවර ඔලිම්පික් Table Tennis මිශ්‍ර යුගල ඉසව්වේ රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනාගත්තේ පිළිවෙලින් චීනය, උතුරු කොරියාව සහ දකුණු කොරියාවයි.
පදක්කම් ප්‍රධානය අවසානයේ සෙල්ෆි ගන්න මොහොතේදී, චීන ක්‍රීඩිකා Sun Yingsha, සෙල්ෆිය අරගන්න දකුණු කොරියානු ක්‍රීඩකයාට, උතුරු කොරියානුවන් සිටින පැත්තට ගිහින් සෙල්ෆිය ගන්නා ලෙසට ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම නිසාම උතුරු සහ දකුණු කොරියානුවන් එක ළඟින් ඉන්න, හැමෝම කතා වෙන, හරිම ලස්සන photo එකක් ලෝකෙට ලැබෙනවා.
පදක්කම් ප්‍රධානයෙන් පස්සෙ දකුණු කොරියානු ක්‍රීඩකයිනගෙන් මාධ්‍යවේදීන් අහනවා, උතුරු කොරියානුවන් දෙන්නා එක්ක කතා කරාද කියලා.
“එයාලා දෙන්නා රිදී පදක්කම ගන්න එද්දි අතට අත දීලා සුබ පැතුවත්, කතා කරන්න ලැබුණේ නැහැ” කියලා දකුණු කොරියානුවො උත්තර දෙනවා.
දකුණු කොරියානු කණ්ඩායම ගැන ‘ප්‍රතිවාදී’ හැඟීමක් ඇතිවුනාදැයි කියා මාධ්‍යවේදීන් උතුරු කොරියානුවන් දෙදෙනාගෙන් ඇසූ ප්‍රශ්නයට ඔවුන්ගේ උත්තරය වූයේ..
“නෑ.. එහෙම නෑ” යන්නයි.
මේ සෙල්ෆිය මොනතරම් වටින එකක් වුණත්, ඒක දැකලා අනිත් අය මොනතරම් සතුටු වුණත්, ගෙදර ගියාට පස්සෙ උතුරු කොරියානු ක්‍රීඩකයො දෙන්නට එයාලගේ ලොක්කා මොන මඟුලක් කරාවිද කියලා සාධාරණ බය මටනම් දැනෙනවා..
මේ සිද්ධිය එක්ක MOVING drama එකේ උතුරු කොරියානු හමුදා නිලධාරියා, කියපු කතාවක් මතක් වුණා..
“ජනතාව වැරදි නැහැ..
වැරැද්ද තියෙන්නෙ කැපකිරීම් කරන්න බල කරන අය අතෙයි”

මධුෂාන් බණ්ඩාර (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...