උතුරු-දකුණු කොරියානු ඔලිම්පික් සෙල්ෆිය..

Share post:

මේක 2024 ඔලිම්පික් තරඟාවලියේදි සිද්ධ වුණ ලස්සනම සිදුවීක්.. ⁣
මෙවර ඔලිම්පික් Table Tennis මිශ්‍ර යුගල ඉසව්වේ රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනාගත්තේ පිළිවෙලින් චීනය, උතුරු කොරියාව සහ දකුණු කොරියාවයි.
පදක්කම් ප්‍රධානය අවසානයේ සෙල්ෆි ගන්න මොහොතේදී, චීන ක්‍රීඩිකා Sun Yingsha, සෙල්ෆිය අරගන්න දකුණු කොරියානු ක්‍රීඩකයාට, උතුරු කොරියානුවන් සිටින පැත්තට ගිහින් සෙල්ෆිය ගන්නා ලෙසට ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම නිසාම උතුරු සහ දකුණු කොරියානුවන් එක ළඟින් ඉන්න, හැමෝම කතා වෙන, හරිම ලස්සන photo එකක් ලෝකෙට ලැබෙනවා.
පදක්කම් ප්‍රධානයෙන් පස්සෙ දකුණු කොරියානු ක්‍රීඩකයිනගෙන් මාධ්‍යවේදීන් අහනවා, උතුරු කොරියානුවන් දෙන්නා එක්ක කතා කරාද කියලා.
“එයාලා දෙන්නා රිදී පදක්කම ගන්න එද්දි අතට අත දීලා සුබ පැතුවත්, කතා කරන්න ලැබුණේ නැහැ” කියලා දකුණු කොරියානුවො උත්තර දෙනවා.
දකුණු කොරියානු කණ්ඩායම ගැන ‘ප්‍රතිවාදී’ හැඟීමක් ඇතිවුනාදැයි කියා මාධ්‍යවේදීන් උතුරු කොරියානුවන් දෙදෙනාගෙන් ඇසූ ප්‍රශ්නයට ඔවුන්ගේ උත්තරය වූයේ..
“නෑ.. එහෙම නෑ” යන්නයි.
මේ සෙල්ෆිය මොනතරම් වටින එකක් වුණත්, ඒක දැකලා අනිත් අය මොනතරම් සතුටු වුණත්, ගෙදර ගියාට පස්සෙ උතුරු කොරියානු ක්‍රීඩකයො දෙන්නට එයාලගේ ලොක්කා මොන මඟුලක් කරාවිද කියලා සාධාරණ බය මටනම් දැනෙනවා..
මේ සිද්ධිය එක්ක MOVING drama එකේ උතුරු කොරියානු හමුදා නිලධාරියා, කියපු කතාවක් මතක් වුණා..
“ජනතාව වැරදි නැහැ..
වැරැද්ද තියෙන්නෙ කැපකිරීම් කරන්න බල කරන අය අතෙයි”

මධුෂාන් බණ්ඩාර (fb)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...