වසර 41කට පෙර ජේ.ආර්. ගැසූ ගේම ගහන්නට ගොස් රනිල් කරගත් දේ අනුරට පෙනුණෙ කොහොමද?

Share post:

ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවේය. ඒ එහි දෙවැනි සංශෝධනයයි. එහි සඳහන් වූයේ දැනට ධුරය දරන අගමැතිවරයා, ජනතාව විසින් තෝරා පත්කරගන්නා ලද ජනාධිපතිවරයා වන්නේය යනුවෙනි.

ඒ අනුව ඔහු අගමැතිකමෙන් ජනාධිපතිකමට මාරු විය. ඊට මාස 10කට පසු ජේ.ආර්. 78 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේය. දැනට ජනාධිපති ධුරය දරන තැනැත්තා ජනතාව විසින් පත්කරගන්නා ලද ජනාධිපතිවරයා වන්නේය යනුවෙන් එහි දැක්විණි. තවත් කාරණයකි. 78 පෙබරවාරි 04 වැනිදා සිට ඔහු වසර හයකට ධුරය දරන්නේය යනුවෙන් ද එහි සඳහන් විය. වසර 4ක කාලයක් ගත විය.

එවකට බලයක් සහිත ප්‍රතිවාදියා වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය ඒ වන විට අහෝසි කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී තිබිණි. ජේ.ආර්. ට අවශ්‍ය වූයේ වන් හෝර්ස් රේස් (තනි අශ්වයකු තරග වදින තරගයකින්) එකකින් ඡන්දයක් තියා දිනන්නට ය. මේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය විය. අදාළ සංශෝධනය කෙටුම්පත් කිරීමේ වගකීම පැවරුණේ එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් නන්ද සිල්වාට ය. පසුව ඔහු අගවිනිසුරු වූ අතර, ඔහුගේ ඇතැම් කටයුතු දැ ඩිවිවේචනයට ද ලක්විය.

නීතිපතිවරයා ඔහුට මේ සංශෝධන කෙටුම්පතේ වගකීම පැවරු විට ඔහු ඊට දැඩිව විරුද්ධ වී තිබිණි. ව්‍යවස්ථාවේ නිශ්චිතව තියෙන කරුණක් වෙනස් කරන්නෙ කොහොමද යන්න ඔහු ඇසූ ප්‍රශ්නය විය. එහෙත් වැඩක් නැත. නීතිපතිවරයා කියා තිබුණේ ජේ.ආර්.ට මෙය කෙසේ හෝ මේ මොහොතේ කරගැනීමට අවශ්‍ය වී ඇති බවයි. ඒ අනුව සංශෝධන කෙටුම්පත සැකසිණි. කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේදී සුප්‍රකට රාජ නීතිඥ නඩේසන් මෙහි ව්‍යවස්ථා විරෝධී බව පිළිබඳ තර්ක රැසක් ඉදිරිපත් කර තිබුණත්, සංශෝධනය අනුමත විය.

කෙටුම්පත සකස් කිරීමට විරෝධය දැක්වූ එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් නන්ද සිල්වා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් මෙමගින් ජනතාව පරමාධිපත්‍යයට කිසිදු හානියක් සිදුනොවන බව සඳහන් කර තිබිණි. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම, ලාම්පු කලගෙඩි සෙල්ලම නොතිබුණා නම්, රටක් ලෙස ලංකාවට දැවැන්ත කළු පැල්ලමක් එකතු කළ කළු ජූලිය ඇතිනොවන්නට ද ඉඩ තිබිණි. ඒ, එවැන්නකට ඉඩක් නොලැබෙන නිසා ය.

වසර 41කට පසු නැවතත් අත්‍යවශ්‍ය නොවන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන මාතෘකාවක් කරළියට පැමිණ තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියන්නේ රනිල් වික්‍රමසිංහ විසින් මෙවැනි කරුණු මගින් සමාජය අවුල් කරන බවයි. සමාජය අවුල් කිරීමේ ප්‍රතිඵල ලැබෙන්නේ දරුණු විදිහට ය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...