අදානිගේ මන්නාරම සුළං බලාගාරයට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කරයි !

Share post:

මන්නාරම, වෙඩිතලතිවු ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියම කළේය.

එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා ඇත්නම් ඒවා අගෝස්තු මස 20දාට පෙර ගොනුකරන ලෙස ද වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල, ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් 13දාට පෙර ගොනුකරන ලෙස ද පෙත්සම්කාර පාර්ශ්වවලට නියෝග කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව 05ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරමින් යෝජිත සුළං බලාගාරය ඉදිකරනු ලැබුවහොත් ඒ තුළින් පාරසරික ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවන බවත්, බලාගාරයෙන් සංක්‍රමණික පක්ෂීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්වීමට ඉඩ තිබෙන බවත් සඳහන් කර තිබිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...