අදානිගේ මන්නාරම සුළං බලාගාරයට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කරයි !

Share post:

මන්නාරම, වෙඩිතලතිවු ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියම කළේය.

එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා ඇත්නම් ඒවා අගෝස්තු මස 20දාට පෙර ගොනුකරන ලෙස ද වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල, ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් 13දාට පෙර ගොනුකරන ලෙස ද පෙත්සම්කාර පාර්ශ්වවලට නියෝග කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව 05ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරමින් යෝජිත සුළං බලාගාරය ඉදිකරනු ලැබුවහොත් ඒ තුළින් පාරසරික ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවන බවත්, බලාගාරයෙන් සංක්‍රමණික පක්ෂීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්වීමට ඉඩ තිබෙන බවත් සඳහන් කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...