චමරි, වෙනස් වෙන්න ඕන ටිකක්…!!!

Share post:

චමරි ටිකක් වෙනස් වෙන්න ඕන. ඔබට හිතෙයි ඒ මොකටද ? කියලා. මෙහෙමයි, පාකිස්ථානය සමග පැවති අවසන් පූර්ව තරගයෙදි තීරණාත්මක වෙලාවක චමරි දැවී යන්නෙ, ඒ වෙද්දි ප්‍රබලතම පන්දු යවන්නිය ඉදිරියෙ වැරදි තෝරා ගැනීමකින්. ඊට පස්සෙ දිගු කලක් ඇය පිතිකරණ සීමාවෙ එකම ඉරියව්වක ඉන්නවා. පුදුමයට වඩා ඉන් ගම්‍ය වුණේ පරාජිත හැඟීම්, මානසික බිඳවැටීම. ඊට පස්සෙ ඇය ක්‍රීඩාගාරයටම යනවා. එතනින් ඇවිත්, තනිව එහාට මෙහාට ඇවිදිමින් ඉන්නවා. එතනදි නිරීක්ෂණය වෙන්නෙ අපේක්ෂා බිඳුණු බව.
දැන් චමරි වෙනස් වෙන්න ඕන කොහොමද ???

චමරි දැවී ගිය විගස, කඩුල්ලෙන් ඉවත්ව ගියානම්, ක්‍රීඩාගාරයට ගිහින් ආපහු ඇවිත් සෙසු ක්‍රීඩිකාවන් සමග තරගය වින්දා නම්, පහරකදි, ලකුණකදි ක්‍රීඩිකාවන් උත්තේජනය කළානම්, පුංචි වෙනසක් තියෙනවා.
වෙන විදියකින් කිව්වොත්, මම අවුට් වුණාට මේ මැච් එක දිනන්න පුළුවන් කියන විශ්වාසය සෙසු ක්‍රීඩිකාවන් තුළ මීට වඩා චමරි ගොඩනැගුවා නම්, ඒක තමයි විය යුතු වෙනස.

මේ අදහස යන්නෙ චමරිගෙ සංඥාත්මක හැසිරීම් මත.
මේ වෙනස්වීමේ අවශ්‍යතාව තරග දිනනතුරු දැනෙන්නේ නෑ. ඒත් පරාජයන් එන්නට ගත්විට, මේවා පෙනෙන සාධක.

ඒ නිසයි, චමරි වෙනස් විය යුතු. ඇය දැවී ගිය විට, තරගය අවිනිශ්චිත බව සෙසු ක්‍රිඩිකාවන්ට ඉඟි කිරීමෙන් වැළකීම. තරගය ජය ගත හැකි බවට වැඩි විශ්වාසයක් ගොඩනැගීම. නායකත්ව කාර්යයක් එය.

වජිර කැලුම් පෙරේරා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...