චමරි, වෙනස් වෙන්න ඕන ටිකක්…!!!

Share post:

චමරි ටිකක් වෙනස් වෙන්න ඕන. ඔබට හිතෙයි ඒ මොකටද ? කියලා. මෙහෙමයි, පාකිස්ථානය සමග පැවති අවසන් පූර්ව තරගයෙදි තීරණාත්මක වෙලාවක චමරි දැවී යන්නෙ, ඒ වෙද්දි ප්‍රබලතම පන්දු යවන්නිය ඉදිරියෙ වැරදි තෝරා ගැනීමකින්. ඊට පස්සෙ දිගු කලක් ඇය පිතිකරණ සීමාවෙ එකම ඉරියව්වක ඉන්නවා. පුදුමයට වඩා ඉන් ගම්‍ය වුණේ පරාජිත හැඟීම්, මානසික බිඳවැටීම. ඊට පස්සෙ ඇය ක්‍රීඩාගාරයටම යනවා. එතනින් ඇවිත්, තනිව එහාට මෙහාට ඇවිදිමින් ඉන්නවා. එතනදි නිරීක්ෂණය වෙන්නෙ අපේක්ෂා බිඳුණු බව.
දැන් චමරි වෙනස් වෙන්න ඕන කොහොමද ???

චමරි දැවී ගිය විගස, කඩුල්ලෙන් ඉවත්ව ගියානම්, ක්‍රීඩාගාරයට ගිහින් ආපහු ඇවිත් සෙසු ක්‍රීඩිකාවන් සමග තරගය වින්දා නම්, පහරකදි, ලකුණකදි ක්‍රීඩිකාවන් උත්තේජනය කළානම්, පුංචි වෙනසක් තියෙනවා.
වෙන විදියකින් කිව්වොත්, මම අවුට් වුණාට මේ මැච් එක දිනන්න පුළුවන් කියන විශ්වාසය සෙසු ක්‍රීඩිකාවන් තුළ මීට වඩා චමරි ගොඩනැගුවා නම්, ඒක තමයි විය යුතු වෙනස.

මේ අදහස යන්නෙ චමරිගෙ සංඥාත්මක හැසිරීම් මත.
මේ වෙනස්වීමේ අවශ්‍යතාව තරග දිනනතුරු දැනෙන්නේ නෑ. ඒත් පරාජයන් එන්නට ගත්විට, මේවා පෙනෙන සාධක.

ඒ නිසයි, චමරි වෙනස් විය යුතු. ඇය දැවී ගිය විට, තරගය අවිනිශ්චිත බව සෙසු ක්‍රිඩිකාවන්ට ඉඟි කිරීමෙන් වැළකීම. තරගය ජය ගත හැකි බවට වැඩි විශ්වාසයක් ගොඩනැගීම. නායකත්ව කාර්යයක් එය.

වජිර කැලුම් පෙරේරා

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...