ආලෝකයේ නගරය 1924 – 2024.

Share post:

තිස්තුන්වෙනි ඔලිම්පික් උළෙල ඊයේ නිල වශයෙන් ආරම්භ වෙන්නෙ ප්‍රංශයේ පැරිස් නගරයේදී.

මීට කලින් ඔලිම්පික් උලෙල ප්‍රංශ අගනගරයේදී පැවැත්වෙන්නෙ පලවෙනි ලෝක යුද්ධයෙන් අවසන්වෙනවත් එක්කම 1924 වර්ශයේදී. ඒ වෙනකොට යුරෝපයේ බොහොමයක් නගර නටඹුන් විදිහටයි ඉතිරිවෙලා තිබුනෙ.

ආලෝකයේ නගරය… ආදරවන්තයන්ගේ නගරය… ලෝක විලාසිතා අගනගරය… විනෝද ආශ්වාදයේ හා නිදහසේ නගරය ආදී විවිධ නම්වලින් ශතවර්ශ ගණනාවක ඉඳලා පැරීසිය හැඳින්වෙනවා.

ප්‍රංශ විප්ලවයට මුල පිරූ පැරීසිය දෙවන ලෝක යුද්ධයේදී නාසි පාලනයට යටත්වුනත්…. සියවස් ගණනාවක් පැරනි ගොඩනැගිලි … පිලිරූ… පාලම් හා කලා නිර්මාණ ආරක්ශා කරගන්න ප්‍රංශ ජාතිකයන් සමත්වෙන්නෙ ආශචර්‍යයකින් වගෙයි.

පවුරුවලින්වලින් වටවුනු ක්‍රීඩාංගණයෙන් පිටට ඔලිම්පික් තරඟාවලිය රැගෙන යන්න පැරීසිය සමත්වෙන්නෙ සමාරම්භක උළෙල සේන් නදිය මූලික කරගෙන පැවැත්වීමෙන් පමණක් නෙවෙයි.

ක්‍රීඩාංගනයෙන් පිටට ක්‍රීඩා තරඟ රැගෙන යන පැරීසිය නගරයේ විවිධ ඓතිහාසික ස්ථාන අසල ක්‍රීඩා තරඟ ගණනාවක් සංවිධානය කර ඇති ආකාරය අපිට ඉදිරි සති දෙකේදී දකින්නට පුළුවන් වේවි.

කෙනෙක් ප්‍රශ්ණ කරනවා ඇයි මේ තරම් විලාසිතා… සිනමා තරු.. ගායක ගායිකාවො.. නිරූපන ශිල්පීන් මෙවර ඔලිම්පික් උලෙලේ දකින්න ලැබෙන්නෙ කියලා. ඒකට හේතුව පැරීසිය කියන්නෙ ලෝක විලාසිතා නගරය වීමයි. පැරිස් ඔලිම්පික් නිල ලාංඡනයෙත් දකින්න ලැබෙන අලේප කරනලද තොල් සලකුණ හා කෙටි කොන්ඩ විලාසිතාව මීට දෙන්න පුළුවන් තවත් උදාහරණයක්.
මෙන්න මේ Extravagante ස්වභාවය ඔලිම්පික් උළෙල හා කදිමට මිශ්‍ර කරන්න සංවිධායකයන් සමත් වෙලා තියනව කීවොත් ඒක අතිශෝක්තියක් නොවෙයි.

1988 දකුණු කොරියාවේ සියොල් නගරයේ පැවැත්වුනු ඔලිම්පික් උලෙලේ ඔලිම්පික් පහන දල්වන්නෙ දුනුවායෙක් විසින්. එයින් පසු මෙතෙක් මා දුටු ආකර්ශණීයම ඔලිම්පික් පහන දැල්වෙන්නෙ පැරිස් නගරයේදී.

ප්‍රංශය බිහිකල විශිෂ්ඨතම මලල ක්‍රීඩිකාව වන මාරි ජොසේ පෙරෙක් ( මීටර් 400 ඔලිම්පික් ශූරිය 1992-1996) සහ ලෝක ශූර ජූඩෝ ක්‍රීඩක ටෙඩී රිනර් විසින් දල්වන්නේ මොන්ගොල්ෆියේ බැලූනයක සවිකල ඔලිම්පික් පහනක්. මේ දෙදෙනාම ග්වාඩලූප් දූපතේ උපතලද කළු ජාතිකයන් දෙදෙනෙකු වීමත් එක්තරා ආකාරයක විශේෂත්වයක්.

ඒත් එක්කම ප්‍රංශ ජාතික සුපිරි ටෙනිස් ක්‍රීඩිකා අමෙලි මොරෙස්මෝත් ඔළිම්පික් පහන සමග කලකට පසුව දකින්න ලැබීම සතුටට කාරණයක්.
සෙලීන් ඩියොන් කියන්නෙ ප්‍රංශ භාශාවේ ගීත ලෝකයට ගෙනගිය විශිෂ්ඨතම francophone ගායිකාවක්.
Stiff Person Syndrome නම් දුර්ලභ රෝග තත්වයකින් පීඩා විඳින සෙලීන් ඩියොන් වසර ගණනාවකට පසු ඔලිම්පික් සමාරම්භක උලෙලේ ගීත ගායනා කරනවා දකින්න ලැබීම විශේෂයි.

රටවල් 184 ක් නියෝජනය කරමින් ඔලිම්පික් කමිටු 204ක සහභාගිත්වයෙන් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගිවෙන ක්‍රීඩික ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 10, 500කට ආසන්න වෙනවා.

අවාසනාවකට රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරඟාවලියට සහභාගිවෙන්නෙ ස්වාධීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වශයෙන් පමණයි.
ඒ අතරෙ යුද්ධයට මැදිවූ පලාතීනය නියෝජනය කරමින් අටදෙනෙකුන් යුත් ක්‍රීඩා කන්ඩායමක් මෙවර ඔලිම්පික් තරඟාවලියේදී දකින්න ලැබීම විශේෂයි.
මින්පෙර 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙල සෝවියට් රුසියාව විසින් වර්ජනයකල ආකාරයත් 1980 මොස්කව් ඔලිම්පික් ඇමරිකා එක්සත් ජනපදය විසින් වර්ජනය කලබවත් අපිට මතකයි.

ඒ එක්කම තහණම් උත්තේජක සංවිධානාත්මකව භාවිතා කිරීම නිසා 2021 ටෝකියෝ ඔලිම්පික් උලෙලත් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමි වෙනවා.

1936 බර්ලින් ඔලිම්පික් උලෙලේදී ජෙසී ඕවන්ස් රන් පදක්කම් තුනක් දිනාගනු ලබන්නෙ කළු ජාතික විරෝධී ඇඩොල්ෆ් හිට්ලර් හමුවේ.

1968 මෙක්සිකෝ ඔලිම්පික් උලෙල පවත්වන්නෙ දහස් ගනන් විශ්ව විද්‍යාල සිසුන්.. උද්ඝෝශකයන් දරුණු ලෙස මර්ධනය කරමින්. සිය දහස් ගණන් සිසුන් සිරකඳවුරු තුලට ගාල් කෙරෙද්දී අතුරුදන් වූ පිරිස සිය ගණනාවක් ලෙස සටහන් වෙනවා.

1972 මියුනිච් ඔලිම්පික් තරඟාවලියට කඩාවැදෙන පලස්තීන සටන් කාමීන් විසින් ඊශ්‍රායල ක්‍රීඩකයන් එකොලොස් දෙනෙකු ඝාතනය කිරීම ඔලිම්පික් උළෙලට එකතුවුනු තවත් කලු පැල්ලමක් විදිහට සටහන් කරන්න පුළුවන්.

ඔළිම්පික් කියන්නෙ ජයග්‍රහණයටත් වඩා සහභාගීත්වය උතුම් කියන පාඨය නිතර සිහිපත්කරවන තරඟාවලියක්. නමුත් කුඩා ජනගහනයක් ඇති කුඩා රටවල් ඔලිපික් පදක්කම්වලට හිමිකම් කියද්දී අති විශාල ජනගහනයක් ඇති සමහර රටවලට කිසිදු ඔලිම්පික් පදක්කමක් හෝ හිමි නොවීම එක්තරා ආකරායකට පුදුමයක්.

මිලියන 160 වඩා ජනගහනයක් ඇති බංග්ලාදේශය.. මිලියන 90 ක ජනගහනයක් ඇති කොන්ගෝව හා මිලියන 50 ක ජනගහනයක් වෙසෙන මියන්මාර් වැනි රටවල් කිසිදු පදක්කමක් දිනාගෙන නැති රටවල් ලෙස සඳහන් කරන්න පුළුවන්.
පැරිස් නගර වැසියෝ එක්තරා ආකාරයකට කටමැත දොඩවන පිරිසක් විදිහට ප්‍රසිද්ධයි.
ඒත් ඒ දෙඩවීමට සාපේක්ශව ඒ පිරිසගේ හැකියාවත් විශිෂ්ඨයි කියලා කියන්න පුළුවන් මෙවර ඔලිම්පික් සමාරම්භක උලෙල දකිනවිට.

Bon voyage paris .

Malcolm Sang

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...