ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සමාරම්බය. ලංකාවේ ප්‍රථම සිංහල , දෙමල, ඉංග්‍රීසි මාධ්‍යය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්තාව

Share post:

කලම්බෝ රේඩියෝ (කොළඹ ගුවන්විදුලිය) සංස්කරණය

මුල් කාලයේදී රේඩියෝ සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (ශ්‍රී. ලං. ගු. වි. සං.) දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වන අතර කොළඹ ගුවන්විදුලිය යන නාමයෙන් 1925 දී ආරම්භ කරන ලද්දකි. 1921 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස වැඩ බාර ගත් එඩ්වර්ඩ් හාපර් මහතා, ලංකාවෙහි ගුවන්විදුලි සම්ප්‍රේෂණ අත්හදා බැලීම් ආරම්භ කල ප්‍රථම පුද්ගලයා වේ. පර්යේෂණ පදනමින් වූ ප්‍රථම සම්ප්‍රේෂණය 1923 දී සිදු විය – ලංකාවෙහි විදුලි සංදේශ කාර්යාලයයෙහි වූ කුඩා කාමරයක සිට, විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙහි ඉංජිනේරුවන් විසින් තනන ලද සම්ප්‍රේෂකයක ආධාරයෙන් ග්‍රැමෆෝන් සංගීතය විකාශය කරන ලදී – සම්ප්‍රේෂකය තනන ලද්දේ අල්ලා ගන්නා ලද ජර්මානු සබ්මැරීනයක තිබූ ගුවන් විදුලි උපකරණ භාවිතයෙනි. යුරෝපයේ සම්ප්‍රේෂණ සේවා ආරම්භ වී වසර 3ක් ගතවන විට ලංකාවෙහිද සම්ප්‍රේෂණ සේවා ආරම්භ කරන ලදී. ‘ලංකාවෙහි‍ ‍ගුවන්විදුලි සම්ප්‍රේෂණයෙහි පියා’ ලෙස හැඳින්වෙන එඩ්වර්ඩ් හාපර්, ඉංග්‍රීසි හා සිංහල ගුවන් විදුලි ලෝලීන් සමග එක්වී සිලෝන් වයර්ලස් ක්ලබ් ලෙස සමාජයක් නිර්මාණය කලේය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් සාමිවරයා 1925 වසරේ දෙසැම්බර් 16 වැනිදා ප්‍රථම වතාවට කලම්බෝ රේඩියෝවෙන් ජාතිය අමතා කතා කලේය. මෙය ඉතිහාසගත අවස්ථාවක් විය. අන්තර්ජාතික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ඉතිහාසය ගත් කල, ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සම්ප්‍රේෂණ සම්ප්‍රාප්තිය මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය යන රටවල් සමඟ මෙරට සමතත්ත්වයෙහි ලා තබයි. ගුවන් විදුලි සම්ප්‍රේෂණ ලෝකයේ ශ්‍රී ලංකාව පෙරමුණ ගත් රටක් විය.

රේඩියෝ සිඇක් සංස්කරණය

දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර හමුදා කොළඹදී ගුවන් විදුලි මෙහෙයුම් සිදු කරන ලද අතර එමඟින් රේඩියෝ සිඇක් හි උපත සිදු විය. අග්නි දිග ආසියාව හරහා මිත්‍ර හමුදා වෙත පුවත් සහ ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කල නිවේදකයින් අතර කොළඹ පදනම් කරගත් බ්‍රිතාන්‍ය නිවේදකයින් වන ඩේවිඩ් ජේකොබ්ස් සහ ඩෙස්මන්ඩ් කැරිංග්ටන්(මොවුහූ යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව (බී. බී. සී) ට බැඳුනහ) වැනි අයද වූහ. යුද්ධය අවසන් වූ පසු රේඩියෝ සිඇක් නැවතත් ලංකා ආණ්ඩුවට ලබා දෙන ලද අතර, එහිදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) ලෙස එහි නාමය වෙනස් කරන ලදී. මෙම නමෙහි සිදු වූ වෙනස, දකුනු ආසියාවේ ගුවන් විදුලි විකාශනයේ නව පිටුවක් පෙරලීමෙහි පෙර මග සලකුණු කළේය. ආයතනය ඉතා ඉක්මණින් දකුනු ආසියානු වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත්විය.

රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) සංස්කරණය

1950 සහ 60 දශක වලදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) දකුණු ආසියානු ගුවන් විදුලි ආධිපත්‍යය දරමින් ඉහළින් වැජඹුනි. මිලියන ගණනක් ශ්‍රාවකයෝ එහි වැඩසටහන් වලට සවන් දුන්හ. මෙය රේඩියෝ සිලෝන්හි ස්වර්ණමය යුගය විය. කොළඹ ක්‍රමය යටතේ, ඕස්ට්‍රේලියාවෙහි සිට ක්ලිෆර්ඩ් ඩොඩ් නම් කලමණාකරුවෙක් ගෙන්වන ලදී. රේඩියෝ සිලෝන්හි වෙලඳ සේවය ආරම්භ කරන ලද්දේ ඩොඩ් විසිනි – අති සාර්ථක වූ එමඟින් දිවයිනට මිලියන ගණනක ආදායමක් ලැබිණි. රේඩියෝ සිලෝන් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලෝකයේ බිහිවූ හොඳම නීවේදකයන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නවුන් පිරිසක් තනන ලදී. ඉන් කිහිප දෙනෙක් වන්නේ ලිවී විජේමාන්න, වර්නන් කොරයා, පර්ල් ඔන්ඩච්චි, ග්රෙලග් රොස්කොව්ස්කි, ටිම් හෝර්ශින්ග්ටන්, ක්ලෝඩ් සෙල්වරත්නම්, ජිමී බරුචා, තේවිස් ගුරුගේ, එ’. ඩබ්ලියු. ධර්මපාල, කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, එච්. එම්. ගුණසේකර, එස්. පී. මයිල්වාගනම්, ඥානම් රත්නම්, නිහාල් භාරතී ලියෝන් බෙලත්, එරික් ප්රචනාන්දු, නිරන්ජන් අබේසුන්දර, මොලී වල්පොල, නී පොන්නම්පලම්, නොයෙලින් හොන්ටර් සහ විජය කොරයා යන පිරිසයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයන්ට උපකාර වූයේ නිදහස් මාවතේ තිබූ ශබ්දාගාර වල සාමාජික කල්ලියේම සිටි, ඉතා කැපවීමෙන් ක්‍රියා කල ගුවන් විදුලි මෙහෙයුම් සහායකයන්ය. මෙම විශිෂ්ට මෙහෙයුම් සහායකයන් අතර ක්ලිෆර්ඩ් බස්නායක, සිසිර චන්ද්‍රසේකර, වසන්ත ලංකාතිලක සහ මහින්ද ප්‍රනාන්දු යන අය විය.

ලංකා ගුවන් විදුලි සංස්ථාව සංස්කරණය

ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ වූයේ 1967 වර්ෂයේ දෙසැම්බර් 5 වැනිදා එවකට පැවති රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) මහජන සංස්ථාවක් බවට පත්වීමෙන් පසුවය. 1967 දී ලංකාවෙහි ගරු අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක විසින්, අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස හා ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි අධ්‍යක්‍ෂ ජනරාල් නෙවිල් ජයවීර සමඟ උත්සවාකාරයෙන් අලුතින් පිහිටුවන ලද ලංකා ගුවන් විදුලි සංස්ථාව විවෘත කරන ලදී. රිජ්වේ තිලකරත්න (1973 – 1977) සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරීය.

ධම්මික අමරසිංහ (fb)

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...