විශිෂ්ටයන්ගේ මාර්ගයත්, ගුණයත්, අව්‍යාජත්වයත් තෝරාගත යුතු නොවේද ?

Share post:

බරීස් පස්තර්නාක් 20 සියවසේ නූතන කාව්‍ය ලෝකයේ විශිෂ්ටතම රුසියානු නියෝජිතයා විය හැකියි.
සැබෑ කවියෙක් වීම උදෙසා අනුගමනය කළයුතු ආචාරධර්ම කේතයක් තිබේද ? සිය ජීවිතයේ සැඳෑ සමයේදී තරුණ පරම්පරාව අමතා ඔහු ඒ ගැන යමක් කියන්නට සිතයි.
එසේම කිසියම් කාව්‍ය සම්ප්‍රදායක් එසවීමට ඔබට අවශ්‍ය නම් රංචුවේ මාර්ගය වෙනුවට විශිෂ්ටයන්ගේ මාර්ගයත් , ප්‍රමාණය වෙනුවට ගුණයත්, ව්‍යාජබව වෙනුවට අව්‍යාජත්වයත් තෝරාගත යුතු නොවේද ?
ගිම්හානේ යන්න ගිහින් ‘ සංග්‍රහයේ එන පරිවර්තනයක් ඔබේ අවධානය උදෙසා ,,,,,

නමක් හදා ගන්නට නිදි මැරුවට
එයින් නොවේ එසවෙන්නේ ඉහළට.
පැසසුම් සහතික මිටි බැඳ කුමටද
අත් පිටපත් හා කළ මැන අරගල.

කිවිඳුන් දිවි හර – තම දිවි පැවරුම ;
පුහු ගොස , කිතුලිය, ඔටුනු නොවේමය ,
අරුතක් නොමැතිව රැව්දෙන විට නම
නොහඟිමි ඒ සා නින්දාවක් වෙන .

ගෙවන්න දිවි පතිරූ ගැන නොතැවී ,
සියල්ල සලකා නිසි සේ විමසා ,
ඔබ වෙත ඇදෙන සෙයින් සක්වළ පෙම
අනාගතේ හඬ අසනුව වෙසෙසා.

හිදැස් ඉරණමේ තිබේවි නිසැකින්,
එකලස් කළ මැන එනමුත් නිමැවුම් ,
පිටුවක් පාසා වුව මත දිවි ඉම්
යන්න නොනැවතී තබමින් සටහන්.

සැඟවෙනු මැන පැසසුම් රුදු එළියෙන්.
ඔබ පියවර එලෙසම සඟවනු මැන,
මේ මේ යැයි කිසි ලකුණු නොපෙන්වන
අදිසි බිමක් මෙන් වැසුණු මීදුමෙන්.

යාවි අනෙක් අය ඔබ පියවර දිග
අඟලින් අඟලට සොයමින් ගිය මග,
එනමුත් සකි සඳ දිනුම පැරදුමින්
ඔබම වෙන් කළොත් , ගිලිහෙයි එය’තින් .

ඉදින් , අබ මලේ රේණුවකින් වුව
ඔබේම මුහුණින් නොයන්න ඉවතට,
සදිව් – සදිව් ලෙස , ගෙවන්න දිවි සුඟ ,
සදිව් ලෙසම – යනතෙක් කෙළවරකට.

(1956)

සුනිල් විජේසිරිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...