මිනිසා සඳ මත පා තබා 2024 ජූලි 20 දිනට වසර 55ක් සපිරෙන අතර, මේ ලිපිය ඒ නිමිත්තෙන් සැකසුණකි.
අප ජීවත් වන පෘථිවියට ඇති එකම පරිවාර ග්‍රහයා වන්නේ චන්ද්‍රයායි. අතීතයේ මිනිසුන් සිතුවේ සඳ මතුපිට සාගර ඇති බවකි. සඳෙහි ඇති අඳුරු කොටස් මුහුදු ලෙස ඔවුන් විශ්වාස කළ නිසා ලතින් භාෂාවෙන් “මුහුදු ” කියන නම සඳට භාවිතා කරන ලදී. පසු කාලයේ දී සඳෙහි මුහුදු නොමැති බව හෙළි වූවත් සඳ යන නම වෙනස් නොවුණි.
දුරේක්ෂය නිර්මාණය වීමත් සමඟ දුරේක්ෂ භාවිතයෙන් සඳේ තොරතුරු සෙවූ මිනිසා 1950 දශකයේදී සඳේ ඡායාරූප ගැනීමට යානා යවන ලදී. ඒ අනුව 1959 ඔක්තෝම්බර් චන්ද්‍රයා වෙත ගිය සෝවියට් දේශයේ ලූනා-3 යානය මගින් පෘථිවියට නොපෙනෙන, සඳේ අනෙකුත් ප්‍රදේශ ඡායාරූප ගත කරන ලදී. එයින් පසුව 1968 දක්වා ඇමරිකාව ගුවන්ගත කළ රේන්ජර් 7,8,9 හා ලූනා ඕබිටර් 1,2,3,4,5 යානා මගින් සඳ මත ආවාට ටි්‍රලියන තුනකට වඩා ඇති බව සොයාගත හැකි විය.
අභ්‍යවකාශ තරණය සඳහා මුල් පියවර රුසියානුවන් විසින් තැබීම ඇමෙරිකානුවන්ට මහත් බලපෑමක් එල්ල වීම නිසා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනෙඩි 1961 මැයි 25 වන දින නාසා විද්‍යාඥයින් අමතා ඇමෙරිකානු විද්‍යාඥයින්ට ලබා දුන් ඉලක්කය වූයේ අදින් වසර 10ක් ඇතුළත ඇමෙරිකානුවෙක් සඳ තරණය කළ යුතු බවයි. ඒ අනුව 1960 දශකයේ අගභාගයේදී ඇමෙරිකාව දියත් කළ ඇපලෝ වැඩසටහන හරහා සඳ වෙත මිනිසුන් සහිත යානා යැවීම සිදු කළ අතර ඒ හරහා ඡායාරූප පමණක් නොව සඳේ කාලගුණ තොරතුරු , මතුපිට ස්වභාවය ආදී නොයෙක් දේ දැනගැනීමට මිනිසාට හැකි විය.
අභ්‍යවකාශ වස්තුවක් වෙත මුල් වරට මිනිසුන් සහිතව යානා යැවීම ආරම්භ කරන ලද්දේ 1968 දෙසැම්බර් 4 ඇපලෝ-8 නම් වූ අභ්‍යවකාශ යානාව යැවීමෙනි. ඇමෙරිකානු ජාතික ෆෑන්ක් බොර්මන් ද, ජේමිස් ලොවෙල් ද, ඇමරිකානු ගුවන් හමුදා නිලධාරිවරයකු වූ වූ විලියම් ඇන්ඩර්ස් රැගත් මෙම යානාව චන්ද්‍රයා වෙත ගමන් කළත් පුරා පැය 20 කාලයක් තුළ චන්ද්‍රයා වටා 10 වාරයක් ගමන් කොට, චන්ද්‍රයා මත ගොඩ බස්වා ගැනීමට අපොහොසත් වීම නිසා නැවතත් පෘථිවිය කරා පැමිණීමට සිදුවිය.
පෘථිවියෙන් බැහැර ආකාශ වස්තුවක් වූ චන්ද්‍රයා වෙත ඓතිහාසික සඳ ගමනෙහි සැබෑ ආරම්භය සිදුවූයේ 1969 ජූලි 16 වන දින ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. එම ගමන සඳහා ඇපලෝ 11 යානයෙන් නීල් ආම්ස්ට්‍රෝන්,එඩ්වින් ඕල්ඩින් හා මයිකල් කෝලින්ස් එකතු වූ අතර සඳ මත පා තැබීම සිදුවූයේ 1969 ජූලි 20 වන දායි.සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක් වූ නීල් ආම්ස්ට්‍රෝන් “මෙය මිනිසෙකුට කුඩා පියවරක් පමණි. නමුත් මිනිස් සංහතියේ යෝධ පිම්මකි.” ලෙස උදාන වාක්‍යකින් ලෝවැසියන් ඇමතීය.
නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තබා විනාඩි 19 කට පසු එඩ්වින් ඕල්ඩින් චන්ද්‍රයානයේ සිට සඳ මතුපිටට කැන්ගරුවෙකු මෙන් පැන පැන ගමන් කළ බව කියවේ. ඒ සfඳහි ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියේ ගුරුත්වාකර්ශණ බලය මෙන් 1/6 තරම් අඩු ගුරුත්ව බලයක් තිබීම හේතුවෙනි. මයිකල් කෝලින් සඳට ගොඩ බැසීමක් සිදු නොකළ අතර ඔහු පැය 21 විනාඩි 38ක් මව් යානය පදවමින් සඳ වටා ගමන් කරමින් සිදුකළ මෙහෙය ඉතා අගය කළ යුත්තක් ලෙස සැලකෙන අතර මෙම ඓතිහාසික ගමන නිමාවූයේ ජූලි මස 24 දින පස්වරු 12.51 ට ශාන්තිකර සාගරයේ නිරිත දිග හවායි දුපත් අසල මුහුදට නිරුපද්‍රිතව නීල් ආම්ස්ට්‍රොන් ඇතුළු පිරිස ගොඩ බැසීමෙනි. මෙම සඳ ගමන සඳහා රටවල් 137 ක් දායක වූ අතර එයින් ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක් හිමිවූයේ සfඳහි රැගෙන ආ පස් පරික්ෂා කළ මහාචාර්ය සිරිල් පොන්නප්පෙරුම මහතාගේ දායකත්වය හේතුවෙනි. එතුමා නිසා ශ්‍රී ලංකා කොඩියද සඳ ගමනට එක්කර ගැනීමට හැකිවිය.
ඇපලෝ 11 සිට 17 දක්වා යානා මිනිසුන් සහිතව සඳට ගිය අතර ඔවුන් කිලෝ 384 ක චන්ද්‍ර පාෂාණ පෘථිවියට ගෙන ආහ.මේ යානා වලින් සඳ මත පා තැබූ ගගනගාමීන් ප්‍රමාණය 12 කි.ඇපලෝ 11 මඟින් සfඳන් රැගෙන ආ පස්වලින් ජීවින් පිලිබඳ පරික්ෂා කිරීමේ භාග්‍ය උදාවුයේ ශ්‍රී ලාංකික විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නප්පෙරුම මහතාටයි.එතුමා ආතර් සී කලක් ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂකවරයා වීම ද අප ලද මහත් භාග්‍යකි.අවසන් වරට මිනිසුන් සහිත යානයක් සඳ වෙත යවනු ලැබුවේ 1972 දෙසැම්බර් මාසයේදී වූ අතර එය ඇපලෝ 17 (්චචකද-17) යානයයි. එම ගමනේදී කුඩා වාහනයකින් සන්දේ කි.මී 35ක් ගමන් කිරීමට හැකි වූ අතර එම ගමන සඳහා හැරිසන් ස්මිත් ,ඊවන් සහ සර්න්නන් යන තිදෙනා සහභාගී වූහ. එහිදී භූ විද්‍යාඥ හැරිසන් ස්මිට් මුල්වරට සඳ වෙත ගොස් සන්දේ භූ ලක්ෂණ ද පරික්ෂා කරනු ලැබිණි. එදා 1972 දී ඇපලෝ 17 (්චචකද-17) සඳගමන සඳහා සහභාගි වූ ඊවන්,සර්නන් සහ ස්මිත් තිදෙනා සිතුවේ මෙය සඳ ගවේෂණය සඳහා මිනිසුන්ගේ අවසන් අවස්ථාව ලෙසයි. ඒ නිසා වෙන් මෙම ගමනට එක්වූ සර්නන් තම දියණියගේ නම ද සඳ මතුපිට ලියා තැබීමටද කටයුතු කරන ලදී. මෙම මෙහෙයුමෙන් පසු සඳ වෙත මිනිසුන් යැවීමක් සිදු නොවූ අතර ඒ වෙනුවට මිනිසුන් රහිත යානා යවන ලදී. 1994 දී ක්ලේමෙන්ටයින් යානය මඟින් චන්ද්‍රයාගේ කාළගුණ තොරතුරු, චන්ද්‍රයාගේ චුම්භක ක්ෂේත්‍රය පරික්ෂා කිරීම උදාහරණ ලෙස ගත හැකි අතර ඒ පිළිබඳව පර්යේෂණ සිදුකෙරුණි.
2008 ඔක්තෝම්බර් 25 ඉන්දියාවද චන්ද්‍රයන්-1 නමින් සfඳහි ත්‍රිමාණ ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් ගවේෂණ යානයක් සඳ වෙත යවන ලදී. මෙහි දෙවන පියවර ලෙස 2012 දී චන්ද්‍රයාන් -2 කක්ෂගත කළත් එය සාර්ථක ව්‍යපෘතියක් නොවුණි. මෙහි තුන්වන මෙහෙයුම ලෙස චන්ද්‍රයාන් 3 පසුගිය ජූලි 14 දින කක්ෂගත කරන ලදී . සඳ මතුපිට සුළං හෝ ජලය නොමැති බවත්,උල්කාපාත කඩා වැටීම් මඟින් විශාල ආවට තවමත් සඳමත ඇති වෙන බවත්,මීට වසර බිලියන ගණනකට පෙර ඇතිවූ ගිනිකඳු පිපිරීම්වලින් ඇති වූ කඳු හා ආවාට තවමත් ඇති වෙන බවත්, සඳ ගවේෂණ වලින් තහවුරු වී ඇති අතර සාගර ජලයේ ප්‍රමාණය වෙරළාශ්‍රිතව වැඩිවීම සහ අඩුවීම වඩදිය හා බාදිය වශයෙන් සිදුවන්නේ ද චන්ද්‍රයාගේ බලපෑමෙන් නිසා බව ඔප්පු වී තිබේ.
මීළඟට චීනය ද සඳ ගවේෂණ ව්‍යාපෘති ආරම්භ කළ අතර එය “චැංගි” ව්‍යාපෘතිය ලෙස නම් කරන අතර එය යටතේ ද යානා සඳ ගවේෂණය සඳහා යවන ලදී. එහි නවතම පියවර ලෙස චැංගි-ඞෂ යානය 2024 මැයි 03 වැනිදා අභ්‍යාවකාශ ගත කළ අතර එම යානය 2024 ජුනි 01 වැනිදා චීනයේ බෙයිජිං වේලාවෙන් පෙ.ව.6.23ට සfඳහි අඳුරු අර්ධගෝලය වෙත සාර්ථකව ගොඩබැස්වූ අතර එමගින් සfඳහි අඳුරු අර්ධගෝලයෙන් ලොව ප්‍රථම වරට චන්ද්‍ර පාෂාණ සහ පස් සාම්පල ලබාගැනීම සිදුකරන ලදී. මෙම සුවිශේෂී මෙහෙයුම මගින් ලබාගත් සfඳහි පස් 2නට පමණ ලබාගත් බව චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරයි.
නාසාහි දිගුකාලීන අරමුණු ඇතිව වඩාත් අභිලාශකාමී ව්‍යාපෘතියක් ලෙස “ආර්ටිමිස්” ව්‍යාපෘතිය හඳුන්වාදිය හැකි අතර එය අඟහරු හා චන්ද්‍රයා ගවේෂණය කිරීමේ ඉතා වැදගත් ව්‍යාපෘතියකි. ඒ යටතේ සඳ වෙත නැවතත් මිනිසුන් යැවීමේ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ අනුව ආර්ටිමිස් -1 පුහුණු මෙහෙයුම යටතේ “ඔරායන්” කැප්සූලය පසුගිය 2022 නොවැම්බර් 16 ස්පේස් ලෝන්ච් සිස්ටම්ස් නමැති මීටර් 98ක් උසැති අධි බලැති රොකට්ටු පද්ධතියේ ආධාරයෙන් කක්ෂගත කළ අතර එම යානය පෘථිවිය වටා යමින් ක්‍රමයෙන් සඳ බලා ගමන් කළ අතර එය දින 26 කට පසු එනම් 2022දෙසැම්බර් 11 දින නැවත පෘථිවිය කරා සාර්ථකව පැමිණීමට සමත් විය.
මානව කාර්ය මණ්ඩලයකින් තොරව “ඩමීස්” 3 ක් යොදාගනිමින් සිදුකළ මෙම “ආර්ටිමිස්” පළමු පරීක්ෂණ මෙහෙයුමේ අරමුණ ඔරායන් අභ්‍යවකාශ යානයේ ආරක්‍ෂිත බව සහතික කිරීම හා සන්නිවේදක ආධාරයෙන් විවිධ පරීක්ෂාවන් සිදු කිරීමයි. මෙම ආර්ටිමිස් -1 ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ආර්ටිමිස් -2 ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ගගනගාමීන් තිදෙනෙකු සම්බන්ධ වීමට ද නියමිත අතර එය හුදෙක් සඳ වටා පමණක් යන මෙහෙයුමක් පමණි. මෙහි අවසාන මෙහෙයුම වන ආර්ටිමිස්-3 බ්ලූ මුන් ලැන්ඩර් මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනෙකු සඳ වෙත යැවීමට බලාපොරොත්තු වන අතර මෙහි පළමු වරට කාන්තාවක් ද යැවීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ. එම ඓතිහාසික සඳ ගමන 2025 වසරේ දෙසැම්බර් මස දියත් කිරීමට නියමිත අතර එමගින් ගගනගාමීන් සඳ මත පා තැබීමට ද නියමිතයි.
පෘථිවියෙන් පරිබාහිරව මිනිස් වාසස්ථාන සෙවීමේ ඉලක්ක යටතේ 2030 දී පමණ පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් 1/6 තරම් ගුරුත්ව බලයක් හිමි සඳෙහි කුඩා ජනාවාස පිහිටුවා ගනිමින් මිනිසුන් සඳෙහි පදිංචි කිරීම මෙම මෙහෙයුම් පද්ධතියේ අවසාන ඉලක්කය වන අතර එය මානවයා ලබන තවත් සුවිශේෂ ජයග්‍රහණයක් වනු ඇත.
මේ ආකාරයෙන් චන්ද්‍රයා පිළිබඳ නොයෙක් සොයාගැනීම් සිදු කෙරුණත් චන්ද්‍රයා ගැන තවමත් සියලු තොරතුරු අනාවරණය වී නොමැත. සඳ මතුපිට සුළං හෝ ජලය නොමැති බවත්, උල්කාපාත කඩා වැටීම් මගින් විශාල ආවාට තවමත් ඇති වෙන බවත්, මීට වසර බිලියන ගණනකට පෙර ඇතිවූ ගිනිකඳු පිපිරීම්වලින් ඇති වූ කඳු හා ආවාට තවමත් සfඳහි පවතින බවත්, සඳ ගවේෂණවලින් තහවුරු වී ඇති අතර සාගර ජලයේ ප්‍රමාණය වෙරළාශ්‍රිතව වැඩිවීම සහ අඩුවීම (වඩදිය හා බාදිය) සිදුවන්නේ ද චන්ද්‍රයාගේ බලපෑමෙන් බවද ඔප්පු වී තිබේ. එහෙත් පෘථිවියේ උපත පිළිබඳ පර්යේෂණ කිරීමට ඇති හොඳම ස්වභාවික පර්යේෂණාගාරය ලෙස චන්ද්‍රයා සැලකෙන අතර අපට චන්ද්‍රයා වඩාත් වැදගත් වන්නේ මේ නිසයි.
- චින්තන විජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය), ආතර් සී ක්ලාක් ආයතනය.