පාරින්ද නීතිපති – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනපති නිර්දේශය අනුමත කරයි : ජ්‍යෙෂ්ඨත්වයට දෙන්නම කියලා එකක් නෑ – ජනාධිපති ලේකම්

Share post:

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

පසුගිය ජූලි 01දා ඔහු වැඩ බලන නීතිපතිවරයා ලෙස පත්කෙරිණි. ඉන්පසු නීතිපති තනතුරට ඔහුගේ නම නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළේය.

හිටපු අග්‍රවිනිශ්චයකාර පාරින්ද රණසිංහගේ පුත්‍රයා වන ඔහු, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලදි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව ගණනාවක් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ ජ්‍යෙෂ්ඨත්වය සලකා නීතිපති ධුරය ලබාදෙන ලෙසයි. එහිදී විශේෂයෙන් සඳහන් කෙරුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, පාරින්ද රණසිංහට වඩා ජ්‍යෙෂ්ඨ බවයි. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ ද අවධානය යොමුකරනු ලැබිණි.

මීට පිළිතුරු දෙමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිඛිතව දැනුම් දී තිබුණේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් ව නීතිපතිවරයා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නැති බවයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...