පාරින්ද නීතිපති – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනපති නිර්දේශය අනුමත කරයි : ජ්‍යෙෂ්ඨත්වයට දෙන්නම කියලා එකක් නෑ – ජනාධිපති ලේකම්

Share post:

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

පසුගිය ජූලි 01දා ඔහු වැඩ බලන නීතිපතිවරයා ලෙස පත්කෙරිණි. ඉන්පසු නීතිපති තනතුරට ඔහුගේ නම නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළේය.

හිටපු අග්‍රවිනිශ්චයකාර පාරින්ද රණසිංහගේ පුත්‍රයා වන ඔහු, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලදි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව ගණනාවක් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ ජ්‍යෙෂ්ඨත්වය සලකා නීතිපති ධුරය ලබාදෙන ලෙසයි. එහිදී විශේෂයෙන් සඳහන් කෙරුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, පාරින්ද රණසිංහට වඩා ජ්‍යෙෂ්ඨ බවයි. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ ද අවධානය යොමුකරනු ලැබිණි.

මීට පිළිතුරු දෙමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිඛිතව දැනුම් දී තිබුණේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් ව නීතිපතිවරයා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නැති බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...