අලුත් නීතිපති සම්බන්ධයෙන් ගැටළුවක් : ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් නොසැලකුවේ ඇයි?

Share post:

වැඩ බලන නීතිපති පාරින්ද රණසිංහගේ නම නීතිපති ධුරයට මේ සතියේ නිර්දේශ කිරීමට නියමිත ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (03) හෝ අනිද්දා (04) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මේ නිර්දේශය යොමුකිරීමට නියමිත බව වාර්තා වේ. ඊයේ (01) වැඩ බලන නීතිපති ධුරයේ දිවුරුම් දුන් පාරින්ද රණසිංහ යනු 1988 – 1991 කාලයේදී හිටපු අග විනිසුරු පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකි.

මේ අතර මේ පතිකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ද මතුවී තිබේ. ඊට හේතුව වී ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පරිබාහිරව මේ පත්කිරීම සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමයි.

31 වැනි නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජය රාජරත්නම් පසුගිය 27දා විශ්‍රාම ගත්තේය. ඒ ඔහුට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා දරන ලද දෙවැනි උත්සාහයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය.

දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟට සිටින්නේ සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන ය. මේ නිලධාරීන් දෙදෙනා ම ආසන්න කාලයේදී විශ්‍රාම යෑමට නියමිත නිසා, ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන ය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ සිටින්නේ ජ්‍යෙෂ්ඨත්ව අනුපිළිවෙළේ ඊළඟට ය.

පාරින්ද රණසිංහ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සඳහන් කරන්නේ ඔහු අත්‍යවශ්‍ය තීරණ ගැනීමට පසුබටවන්නෙකු ලෙස ය. ඊට වඩා සෘජු තීරණ ගන්නා අයෙකු ලෙස ද අයේෂා ජිනසේන ප්‍රකට ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...