අලුත් නීතිපති සම්බන්ධයෙන් ගැටළුවක් : ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් නොසැලකුවේ ඇයි?

Share post:

වැඩ බලන නීතිපති පාරින්ද රණසිංහගේ නම නීතිපති ධුරයට මේ සතියේ නිර්දේශ කිරීමට නියමිත ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (03) හෝ අනිද්දා (04) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මේ නිර්දේශය යොමුකිරීමට නියමිත බව වාර්තා වේ. ඊයේ (01) වැඩ බලන නීතිපති ධුරයේ දිවුරුම් දුන් පාරින්ද රණසිංහ යනු 1988 – 1991 කාලයේදී හිටපු අග විනිසුරු පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකි.

මේ අතර මේ පතිකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ද මතුවී තිබේ. ඊට හේතුව වී ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පරිබාහිරව මේ පත්කිරීම සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමයි.

31 වැනි නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජය රාජරත්නම් පසුගිය 27දා විශ්‍රාම ගත්තේය. ඒ ඔහුට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා දරන ලද දෙවැනි උත්සාහයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය.

දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟට සිටින්නේ සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන ය. මේ නිලධාරීන් දෙදෙනා ම ආසන්න කාලයේදී විශ්‍රාම යෑමට නියමිත නිසා, ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන ය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ සිටින්නේ ජ්‍යෙෂ්ඨත්ව අනුපිළිවෙළේ ඊළඟට ය.

පාරින්ද රණසිංහ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සඳහන් කරන්නේ ඔහු අත්‍යවශ්‍ය තීරණ ගැනීමට පසුබටවන්නෙකු ලෙස ය. ඊට වඩා සෘජු තීරණ ගන්නා අයෙකු ලෙස ද අයේෂා ජිනසේන ප්‍රකට ය.

Related articles

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇපගන්න නීතිපති සූදානමින් : පොලිසිය විරුද්ධ වෙයි – උසාවියේ සිදු වූ සම්පූර්ණ සිදුවීම මෙන්න !

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින්, ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් පවරා ඇති...

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...