“මේක මගේ නැවත පැමිණීමක් නෙවෙයි. මම හිටියට වඩා හොඳයි! ” – Sha’Carri Richardson

Share post:

  • Sha’Carri Richardson
    American track and field athlete

එහෙම කියන්නේ අවුරුදු 40කට පස්සේ 9 වෙනි Lane එකේ දුවලා කාන්තා 100m ලෝක ශූරතාවය දිනන අවුරුදු 23ක් (2023දී) වුන ශෙකාරී රිචර්ඩස්න් ( From Dallas, Texas, USA).

ශෙකාරිගේ කතාව වැදගත් වෙන්නේ මීට අවුරුදු කීපයකට කලින් තහනම් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇය තරග තහනමකට පත්වෙනවා. මේ හේතුවෙන් පස්සේ ඇමෙරිකානු මාධ්‍ය සහ රසිකයන් ඇයව පතුරු ගහන්නේ, දෙයක් හරියට කරගන්න බැරි කට මත දොඩවන පොඩි කෙල්ලෙක් විදිහට හඳුන්වල දීලා. ඒ වගේම ප්‍රබල ජැමෙයිකානු ක්‍රීඩිකාවන් හමුවේ ඇය දරුණු පරාජයන්ට පවා ලක්වනවා. තත්ත්වය තව තවත් නරක තත්වයට හැරෙන්නේ ඊට පස්සේ.
මේ හැමදේමත් මෙහෙම සිද්ධ වෙන අතරේ. දවසට පැය අට ගානේ දවස් පහක් සතියට පුහුණුවීම්වල නිරත වෙන ශෙකාරී, අවසානයේ දී හංගේරියාවේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩාවලදී මීටර් 100 ජයග්‍රහණය කරන්නේ තමන්ට චෝදනා එල්ල කර හැමෝටම රන් පදක්කමකින් උත්තර දෙමින්!
මේ වෙනකොට ඇමෙරිකාව පුරාම අති විශාල ප්‍රසිද්ධියකට සහ ගෞරවයකට පත්වී සිටින ශෙකාරී රිචඩ්සන් ඊයේ දිනයේදී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන්නේ, තත්පර 10.71 ක වාර්තාගත කාලයක් සනිටුහන් කරමින්. එය මේ season එක තුළ ලෝකයේ වාර්තා වූ හොඳම කාලයයි.

ඒත් සමගම ප්‍රංශයේදී ඇය 100m, 200m, 4*100m යන ඉස්සව්වලට ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරනු ඇති අතර අනිවාර්යය පදක්කම් තුනක් ඇය සතු කරගනු ඇති බවට සැකයක් නෑ.

තමන් පිළිබද ඇති විශ්වාසය අන් සියල්ලට ඉහලින් පවතින බව ඇය අපිට ඔප්පු කරලා තියනවා. මුළු ලෝකයම ඇය පිළිබඳව සෘණාත්මක කතා කරන විට ඇය තමන් පිළිබඳව කතා කරේ හැම වෙලාවෙම විශ්වාසයෙන්. ආඩම්බරයෙන්!
අපේ කොල්ලන්ට කෙල්ලන්ට කියන්න තියෙන්නේ ගේම අතාරින්න එපා කියල වගේම
එක මොහොතකින්, එක අවස්ථාවකින්, එක පරාජයකින් ජීවිතය අවසන් වෙන්නත් නෑ කියන කියන එක ඔළුවට දාගන්න කියලා. ඒකට හොඳම උදාහරණය තමයි මේ පොඩි කෙල්ලගේ කතාව.
Never Give Up!

අනූජ් පූජිත ගුණවර්ධන (fb)

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...