“මේක මගේ නැවත පැමිණීමක් නෙවෙයි. මම හිටියට වඩා හොඳයි! ” – Sha’Carri Richardson

Share post:

  • Sha’Carri Richardson
    American track and field athlete

එහෙම කියන්නේ අවුරුදු 40කට පස්සේ 9 වෙනි Lane එකේ දුවලා කාන්තා 100m ලෝක ශූරතාවය දිනන අවුරුදු 23ක් (2023දී) වුන ශෙකාරී රිචර්ඩස්න් ( From Dallas, Texas, USA).

ශෙකාරිගේ කතාව වැදගත් වෙන්නේ මීට අවුරුදු කීපයකට කලින් තහනම් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇය තරග තහනමකට පත්වෙනවා. මේ හේතුවෙන් පස්සේ ඇමෙරිකානු මාධ්‍ය සහ රසිකයන් ඇයව පතුරු ගහන්නේ, දෙයක් හරියට කරගන්න බැරි කට මත දොඩවන පොඩි කෙල්ලෙක් විදිහට හඳුන්වල දීලා. ඒ වගේම ප්‍රබල ජැමෙයිකානු ක්‍රීඩිකාවන් හමුවේ ඇය දරුණු පරාජයන්ට පවා ලක්වනවා. තත්ත්වය තව තවත් නරක තත්වයට හැරෙන්නේ ඊට පස්සේ.
මේ හැමදේමත් මෙහෙම සිද්ධ වෙන අතරේ. දවසට පැය අට ගානේ දවස් පහක් සතියට පුහුණුවීම්වල නිරත වෙන ශෙකාරී, අවසානයේ දී හංගේරියාවේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩාවලදී මීටර් 100 ජයග්‍රහණය කරන්නේ තමන්ට චෝදනා එල්ල කර හැමෝටම රන් පදක්කමකින් උත්තර දෙමින්!
මේ වෙනකොට ඇමෙරිකාව පුරාම අති විශාල ප්‍රසිද්ධියකට සහ ගෞරවයකට පත්වී සිටින ශෙකාරී රිචඩ්සන් ඊයේ දිනයේදී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන්නේ, තත්පර 10.71 ක වාර්තාගත කාලයක් සනිටුහන් කරමින්. එය මේ season එක තුළ ලෝකයේ වාර්තා වූ හොඳම කාලයයි.

ඒත් සමගම ප්‍රංශයේදී ඇය 100m, 200m, 4*100m යන ඉස්සව්වලට ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරනු ඇති අතර අනිවාර්යය පදක්කම් තුනක් ඇය සතු කරගනු ඇති බවට සැකයක් නෑ.

තමන් පිළිබද ඇති විශ්වාසය අන් සියල්ලට ඉහලින් පවතින බව ඇය අපිට ඔප්පු කරලා තියනවා. මුළු ලෝකයම ඇය පිළිබඳව සෘණාත්මක කතා කරන විට ඇය තමන් පිළිබඳව කතා කරේ හැම වෙලාවෙම විශ්වාසයෙන්. ආඩම්බරයෙන්!
අපේ කොල්ලන්ට කෙල්ලන්ට කියන්න තියෙන්නේ ගේම අතාරින්න එපා කියල වගේම
එක මොහොතකින්, එක අවස්ථාවකින්, එක පරාජයකින් ජීවිතය අවසන් වෙන්නත් නෑ කියන කියන එක ඔළුවට දාගන්න කියලා. ඒකට හොඳම උදාහරණය තමයි මේ පොඩි කෙල්ලගේ කතාව.
Never Give Up!

අනූජ් පූජිත ගුණවර්ධන (fb)

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...