රනිල්ගේ පනත් කෙටුම්පත් සියල්ල ව්‍යවස්ථාවට පටහැනියි : අලුත්ම එක ආර්ථික පරිවර්තන කෙටුම්පත !

Share post:

යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (02) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් වන අතර, ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් ද සම්මත විය යුතුය.

කෙසේ වෙතත් එම වගන්ති සංශෝධනය කළහොත් සරල බහුතරයකින් කෙටුම්පත සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය මගින් දැනුම් දී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...