‘සංස්කෘතික කොදෙව්වේ නොපිපි ආකාස කුසුම්’

Share post:

ප්‍රසන්න විතානගේ විසින් 2008 වසරේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස ආකාස කුසුම්’ හරහා සන්නිවේදනය කරන කතාන්තරය එතරමි අහිංසක එකක් නොවෙි. එය ජීවිතය පිළිබඳ එක්ස් – රේ කිරීමකි. සියල්ලටම වඩා සංස්කෘතිය පෙරටුකරගත්තාවූ ද අවිචාරවත්බවින් වෙළාගත් පාදඩ ක්‍රමයක් යටතේ වැඩුණු ලංකාව නමැති කොදෙවිව තුළ යථාර්ථය තුළ අප අත් දකින සහ දෛනිකව සිදුවන ඛෙිදවාචකයක් පිළිබඳ ‘ආකාස කුසුමි’ චිත්‍රපටය සාකච්ඡාවට ලක් කරති. 60, 70 දශකයේ ශ්‍රි ලංකාවෙි සිටි ජනප්‍රිය ගණයේ සිනමා තාරකාවියක් වන ‘සන්ධ්‍යා රාණි’ නමැති නිළියකගේ ජිවන පුවත ඇසුරින් ‘ආකාස කුසුමි’ ආඛ්‍යානය ගොඩ නැඟි ඇත. සන්ධ්‍යා අවිවාහක ය. නිවසේ තනිව වාසය කරති. ලාංකේය සිනමාවෙි ස්වර්ණමය යුගයේ සිටි සන්ධ්‍යා රාණි වර්තමානයේ පැටිස් නමැති කෙටි කෑම සාදා කඩවලට දමමින් ජීවිකාව ගෙනයන, ආර්ථික දරිද්‍රතායෙන් හෙමිබත්ව සිටින චරිතයකි. පැටිස් සාදා විකුණනවාට අමතරව ඇගේ නිවස ටෙලි නළුනිළියන්ට ලිංගික සේවා සඳහා සපයන රෙස්ට් හවුසයක් පරිද්දෙන් පවත්වාගෙන යයි. මෙයාකාරයෙන් ජීවිකාව ගෙන යන සන්ධ්‍යා රාණියේ වර්තමාන දිවියට සමාන්තරව තවත් කතාවක් මීට පසුබිමින් ජේදනය වෙයි.

එනමි සන්ධ්‍යා රාණිගේ දියණිය වන ප්‍රියාගේ කතාවයි. ප්‍රියා රාත්‍රී සමාජ ශාලාවක (Night Club) සේවය කරන අභිසාරිකාවකි. මැදි වියේ ධනවතුන්, සල්ලාලයන් අත යැවෙන ප්‍රියා විසින් තම මවට වෛර කරති. ප්‍රියා ගර්භණිබවකින් සහ එඩිස් රෝගයෙක් පෙළෙයි. රාණි තම දියණිය පිළිබඳ තියා මෙි කිසිවක් දන්නේ ද නැත. ඇයට තම දියණිය පිළිබඳ මතකයක් ද නැත. මතකය ඇවිස්සෙන්නේ හිටිහැටියේම ප්‍රියා විසින් තම මව ටෙලිවිෂනයේ පෙනී සිටින වැඩසටහනක් තුළදී ය. ප්‍රියා සහ රාණිගේ ජීවිතය අවසානයේ ගලා යන්නේ කුමන දිශාවකටද? යන්න පිළිබඳ ප්‍රේක්ෂකයා ‘ආකාස කුසුමි’ ඔස්සේ සිතන්නට පොළඹවයි. චිත්‍රපටය දැඩි ලෙස කමිපනයට ලක් කරන්නේ මෙම සිදුවීමි මාලාව නොවෙි. පශ්චාත්තාපය හමුවෙි දැවෙන තමන් කළ වරද පිළිබඳ සංහිඳියාවකට (To a reconciliation of guilt) පැමිණීමෙි අසමත්කම පිළිබඳ ‘අකාස කුසුමි’ සාකච්ඡාවට ගෙන එනවා සේම පශ්චාත්තාපී හදවත් ඇත්තන්ගේ වෘතාන්තයක් අප හමුවෙි තබනවා.

සන්ධ්‍යා රාණිගේ ජනප්‍රියත්වය බිඳවැටීමත් සහ ඇගේ වියපත් ජීවිතයට සාපේක්ෂව ජනමාධ්‍ය විසින් ගොදුරුකරගත් සිනමාව නමැති උත්තුංග කලාව ආගාධය කර ගමන් කර ඇති බව චිත්‍රපටයේ යටිපෙළ ඔස්සේ විවරණය කරයි. ජනමාධ්‍ය විසින් ලංකාවෙි සියළු මිනිස් ජීවිත දිනෙන් දින අලංකාරවාදී වෙළඳ දැන්වීමි, ප්‍රවෘත්ති, ටෙලි නාට්‍ය මඟින් මුළාවට පත් කර ඇත. සන්ධ්‍යා රාණි අහමිබයෙන් ‘තරුමංසල’ වැනි රූපවාහිනි ටෙලි තරු වැඩසටහනක් වෙත ගෙන්වා කරන ප්‍රශ්න කිරීමෙි ස්වභාවය හමුවෙි පෙනෙන්නට තිබෙන්නේ මාධ්‍ය සංස්කෘතියක ඇති ජරපත් ස්වභාවය ප්‍රකට කරයි.
”මොනව ද ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ නිවිස්?” සන්ධ්‍යා රාණි මෙසේ අසන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක වන ශාලිකා වෙතිනි.
“නිවිස් හැදෙන්න ෆිල්ම්ස් හැදෙන්න එපැයි ආන්ට්” උපාහසයෙක් යුතුව ඊට ප්‍රතිඋත්තර සපයන්නේ ශාලිකාය.

ලංකාවෙි වත්මන් සිනමාව ඇතුළු සමාජය, සංස්කෘතිය පාලනය කරන්නේ ජනමාධ්‍යයයි. සමාජ මාධ්‍යයි. එය ශාලිකා⁣ සහ රාණිගේ කුඩා සංවාදයෙන් පෙනෙන්නට තිබෙන නිරික්ෂණයයි. චිත්‍රපටයේ ප්‍රබල සංකේතයක් ලෙස රූපවාහිනිය හැසිරෙයි. සිනමා ශාලා දැවැන්ත තිරය මත දිස් වූ සන්ධ්‍යා රාණි අවසානයේ අඟල් 14×18 කුඩා ප්‍රමාණයේ ටෙලිවිෂන් තිරයක පෙනී සිටිම තුළ ලංකාවෙි තාක්ෂණික, සාමාජීය වෙනස්වීම, සුසමාදර්ශීය මාරුව (Paradigm Shift) විෂද කරන්නකි. ප්‍රියා තම මව වන රාණි අහමිබයෙන් දකින්නේ ද රූපවාහිනි තිරයකිනිනි. චිත්‍රපටයේ දර්ශනයක නිවා දැමු රූපවාහිනියේ හිස් තිරය මත සන්ධ්‍යා රාණිගේ ප්‍රතිබිම්බය වැටී ඇත. සිනමාවෙි පුළුල් තිරය මත වැටුණු ඇගේ රූපය පුංචි තිරය මත වැටී ඇත.

පිරිමියාගේ ආශාව (desire) සහ බැල්ම (gaze) බවට පත්වී ඇති ස්ත්‍රීය පිළිබඳ හඟවන ප්‍රියා විසින් ලාංකේය ස්ත්‍රිය නිරූපණය කරයි. ස්ත්‍රීය ලිංගික භාණ්ඩයක් ලෙස පත් වූයේ අද ඊයෙක සිට නොවෙි. ලාංකේය ස්ත්‍රිය මෙි මොහොත තුළ පවා සළකුණු කරන දැවැන්ත ප්‍රශ්නයක් වී ඇති ‘ගබිසාව’ පිළිබඳ චිත්‍රපටය තුළ පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් කරයි. ලංකාවෙි වර්තමානයේ නළු නිළියන් විවාහව නොසිටීම, දික්කසාද වීම, නැවත විවාහ වීම, ⁣අනියමි සබඳතා පැවතීම ආදී වශයෙන් රුදුරු ධනවාදය තුළින් පැන නැඟී මානව සබඳතා විකෘති කිරීමක ප්‍රතිඵලයකි. මෙි යුගයේ මානව සබඳතා යනු මුදලට, පාරිභෝජන භාණ්ඩ වෙනුවෙන් විකිණෙන භාණ්ඩයකි. චිත්‍රපටය තුළින් ප්‍රත්‍යක්ෂ කරන්නේ ධනේශ්වර පන්තියේ ලිංගික සුරාකෑමෙි සමා විරහිත නරුමබවයි. එහි දරුණු ප්‍රතිඵලය වන්නේ ප්‍රියා වැනි කාන්තාවන්ය.

සන්ධ්‍යා රාණිගේ චරිතය නිරූපණය කරන සමිමානනීය නිළි ‘මාලිනි ෆොන්සේකා’ සහ ප්‍රියා චරිතය නිරූපණය කරන ‘නිමිමි හරස්ගම’ විසින් චිත්‍රපටය ප්‍රශස්ත ගණයේ සිනමාපටයක් දක්වා ගෙනයන්නට සමත් වෙති. සුපුරුදු පරිදි ප්‍රසන්නගේ චිත්‍රපටවල සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කරන ඉන්දියානු සමිමානනීය සංස්කරණ ශිල්පී ‘ශ්‍රීකර් ප්‍රසාද්ගේ’ සංස්කරණයත් සමඟ පෑහෙන එමි.ඩී මහින්දපාලගේ සිනමා රූප නිමැවුම චිත්‍රපටයට අවශ්‍ය සිනමාත්මක බව පෝෂණය කර ඇත. රුදුරු ධනවාදය විසින් ප්‍රියාලා, බන්ටිලා, රාණිලාගේ ජීවිතය ගිනිබත් කර ඇත. ස්ත්‍රීයගේ තොල්වල ආලේපන කරන ලිප්සිටික් එකේ සිට මිලියන ගණනින් විකිණෙන රේන්ජ් රෝවර්, බෙන්ස් වැනි අති සුඛෝපභෝගී මෝටර් රථ ෆැන්ටසිවලින් ගිනිබත් කර ඇත. ප්‍රසන්න විසින් චිත්‍රපටය තුළ මනුෂ්‍යත්වය (Humanity) පිළිබඳ ප්‍රමුඛ සාධකයේ වටිනාකම ස්ථානගත කරයි. අවසානයේ ගිලිහි ගිය මාතෘත්වය පිළිබඳ වියපත් වූ රාණිට උගන්වන්නේ ජීවිතය අහිමි වූ තම දියණිය ප්‍රියා විසිනි. එක් පසෙකින් දෙමාපියන් අහිමි සමාජයක් පිළිබඳ විශාල චිත්‍රයක් ‘ආකාස කුසුමි’ ගෙනහැර දක්වයි.

මලින්ත විතානගේ

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...