මං සාමාන්‍යයෙන් ජාති දෙකක පොත් දෙකක් සමාන්තරව කියවන්න ප්‍රිය කරන මනුස්සයෙක්. බොහෝවිට ඒක චරිතාපදානයක් එක්ක නවකතාවක්. ෆික්ෂන් එකක් එක්ක මික්ස් එකේ කියවන්න නන්ෆික්ෂන් එකක් පාවිච්චි කරන පුරුද්ද මට කාලෙක ඉඳන් තිබ්බ. ඒත් අන්තිමට ෂෙහාන් කරුණාතිලකගෙ චැට්ස් විත් ද ඩෙඩ් කියවලා, ඒ මනුස්සයා ගැන චයිනමන් ඉනිමගේ මුදුනට නැගලා සාධුකාර දීපු ප්‍රතිරූපෙ කඩා වැටුනම, ආයෙ අන්තිමට ෆික්ෂන් කියලා කියෙව්වෙ ඉතා කෙටි කෙටිකතා සහ ඉතා පොඩි කවි විතරමයි.
ඉතිං පහුගිය ටිකේ ලූෂන් බුලත්සිංහල, ඩබ්ලිව් ජයසිරි, කරුණාරත්න අමරසිංහ, රොෂාන් මහානාම වගේ දක්ෂ මිනිස්සුන්ගෙ මත සහ මතක වගේම නිකොලාස් බෘක්ස්ගෙ ඇන් අයිලන්ඩ්ස් ලෙවන්, උදිත ගුණසේකරගෙ ඡායාරූප වංශය වගේ හත්තිලවු කියවලා පිස්සු විකාර වෙච්ච හිත තනුක කරගන්න හරි හමං ෆික්ෂන් එකක් සෙට් වුණෙ නෑ. අන්තිමට සතියකට එකහමාරකට උඩදි හිත මිත්‍ර තරිඳුගෙ පොත ඇවිත් තිබුනා ඔපීසියට. ප්‍රකාශකයත් යාළුවා නිසා වෙන්නැති ඉල්ලපු එක කොපියට කොපි දෙකක් එවලා තිබුණා. පොතේ පබ්ලිෂර් වෙච්ච ග්‍රන්ථ එකෙන් ගත්තොත් එහෙම වාසිත් සෙට් වෙන්න පුළුවන්. කොහොමහරි දසුන් හරහා කොපි දෙකේ වැඩෙත් සෝට්අවුට් කරගෙන එදාම මං මේ මගුල කියවන්න ගත්තා.
මං තරිඳුගෙ වයර් පොටේ ඒ තරං සෞන්දර්යයක් මුලින් නොදැක්කට, දෙවැනි වර කියවද්දි මට ඒක ඔයිල් පැල්ලමටත් වඩා සැර පාරක් තියන බව තේරුණා. ඒ මග ගිහින් මං ඔයිල් පැල්ලම ආයෙ කියවද්දි මට ඔයිල් පැල්ලමේ නුරුස්සන තැන් කීපයක් අහු වුණා. මං බිඳක්වත් වාහනාසාවක් නැති මිනිහෙක් විදියට, ‘ජීවිතයේ ඔයිල් පැල්ලම්’ පොතට ආසා වුණත් දෙවැනි වර කියවද්දි මට මේකෙ උපමා වැඩි නිසා කතාව මග හැරෙන ගතියක් දැණුනා. මම මං විසින් කියවපු හොඳම පොත් ටික තියාගන්නෙ මගෙ මිල වැඩිම පොත් රාක්කෙ මැද තියෙන එක සුවිශේෂ කොටුවක. ඒ කොටුවට අලුතෙන් පොතක් ඇඩ් වෙනවා නං, ඒ කොටුවෙ දැනට තියෙන පොතක් යා යුතුමයි. ඉතිං ජීවිතයේ ඔයිල් පැල්ලම් මේ කොටුව ඇතුළට ගද්දි එළියට ගිය අනුරාධ මහසිංහගෙ පැතලිලන්තය ආයෙ මේ කොටුව ඇතුළට ඇවිත් ‘ඔයිල් පැල්ලම්’ රාක්කෙ වෙන කොටුවකට ගියා. මේක තරිඳු දැනගන්නෙත් දැන්. කොහොමින් හරි තරිඳුගෙ අලුත් පොතේ ආරංචිය ආවම මං හිත හිත හිටිය දේවල් කීපයක් තියෙනවා.
- ඇයි මූ මෙච්චර ඉක්මනට ලියන්නෙ? ඒකට ඌ උත්තර දීලා තිබුණා, මේක අවුරුදු ගානක් තිස්සෙ හෙමි හෙමින් ලියැවුණත් වග. ඒ නිසා ඒක ඕකේ.
- ඇයි මූ මේ තරමට ෆේස්බුක් එකේ පබ්ලිෂ් කරන්නෙ? ඒකට ඌ උත්තරයක් දීලා තිබුණෙ නැතත්, මට එහෙම හිතන්න හිතුනු හේතුව ලියන්නං. මං කැමතියි ලියන්නෙක් කාලෙකට පාරක් පබ්ලිෂ් කරනවට. නිතර නිතර ලියද්දි තමුන්ගෙ රටාව හැදෙනවා වගේම, ලිවිය යුතු සහ නොලිය යුතු දේ ගැන ඔළුවට ක්ලියර් වෙනවා. හැබැයි ඕවා ෆේස්බුක් හෝ කොහේ හෝ පබ්ලිෂ් කරන තරමට පොත් කතෘ කෙනෙකුට පාඩුයි කියලයි මං ඉන්න මතය. මොකද තමුනුත් නොදැන එළියට පනින්නෙ ජීවිතේ ලියපු හොඳම අකුරු පේළිය වෙන්න පුළුවන්. අපරාදෙනෙ එහෙම දෙයක් ටයිම්ලයින් එකක යට යන ෆේස්බුක් එකේ හංගන එක.
- මූ මේ පාරත් ඔයිල් පැල්ලමේ තරමට මට ඩිස්ට්‍රැක්ට් වෙන උපමා යොදයිද? ඒකට උත්තරේ ලියන්නෙ අලුත් ඡේදෙක.
නෑ දෙයියනේ නෑ. මේ පාර කතාව හිතෙන් කැඩෙන්නෑ. සෙෂන් පහක උග්‍ර මත් පැය 48කට පස්සෙත් කියවද්දි තාම මතකයි සහ තාම ක්ලියර්. ඒ කියන්නෙ හිතේ හිටලා. ඊටත් හපං කියවන්නා ටීස් කරන විදිය. මං ආසම ඒකට. මං ආසයි නිර්මාණකරුවාගෙ වැරදි හොයන්න. හොයලා නිර්මාණය අන්තිමට නිර්මාණකරුවා ඒවා ක්ලියර් නොකළොත්, මං පොර කියලා හිතිං හිතාගන්න. ඉතිං පොතක් කියවද්දි ෆිල්ම් එකක් බලද්දි මං වැරදි අල්ලන්න බලං ඉන්නවා. තරිඳු මං අල්ලං හිටපු ලයිට් කණු කීපෙටම පිටු ටිකක් ඉස්සරහට යද්දි, මට කලින් චූ කරලා විත්තිය තේරෙද්දි මට හරිම සතුටු හිතුනා. සුනඛයා!
ගන්න පොතකින්, බලන ෆිල්ම් එකකින්, වේදිකා නාට්ටියකින්, කන කොත්තුවකින් පවා මුදලට සමානව වටිනා හෝ මුදලේ අගය අභිභවා යන සොමියක් ලැබෙන්න ඕනෙ. ඒ සොමිය තරිඳුගෙ පොතේ ඕනවටත් වඩා තියෙනවා. කිසිසේත්ම බලාපොරොත්තු නොවෙච්චි ජගත් මනුවර්ණගෙ ‘රහස් කියන කඳු’ ෆිල්ම් එකෙත් තිබුණා. එනිසා ඒක තුන් පාරක් හෝල්වලට ගිහින් බැලුවා. උදයසිරි වික්‍රමරත්නගෙ ‘හරිම බඩු තුනක්’ වේදිකා නාට්ටියෙත් එලෙසමයි. කවදත් රස නොවරදන රිකෝන් කොත්තුවෙත් එලෙසමයි.
මං ආසම සිමා ඇල්බට් චරිතෙ ගැන පොඩි පේළියක් හරි ලියල දාන්න හිතුවත් ස්පොයිල් වෙන නිසා ඒවා ඕන නෑ කියලා මට හිතෙනවා. එක්දාස් පන්සීයට දුන්නු සන්තෝසෙට තරිඳුට බොහොම ස්තුතියි. මේ කාලෙ ඔය ගානට ඇඟ තලාගෙන සුක්‍ර පිටකරන්නත් බැරි එකේ, ගාන දැකලා සූස් නොගා මිනිස්සු වැඩි වැඩියෙත් පොත ගනියි සහ තරිඳුට සහ දසුන්ට සම්මානත් ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මගේ හිතේ සුබ පැතුමක් තියෙනවා. අන්තිමටම කියන්න තියෙන්නෙ මේකෙ ත්‍රිල් එක නිසා මට මේක අර රාක්කෙ හිච්චි කොටුව ඇතුළට දාන්න හිතෙනවා. මේක දැම්මොත් අයින් කරන්න වෙන්නෙ පැතලිලන්තෙ. ඒක ආවෙත් තරිඳුගෙ ම පොතක් මරාගෙන. ඊටත්, ඒක ආයෙ කොටුව ඇතුළට ආවෙ ළඟකදි. එනිසා ඇල්බට්වරුන් වෙනුවෙන් තිස්ස අබේසේකර මහත්තයාගෙ අයාලේ ගිය සිතක සටහන් එළියට යනවා. අපිද ඇල්බට්වරුමය!