මුරාට්ගේ මරණය!

Share post:

2019 අවුරුද්දේ ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානයට නිර්දේශ වූ මෙම කෘතිය යුරෝපයට හොර පාරෙන් පනින මොරොක්කෝව වැනි රටවල තරුණ ප්‍රජාවගේ ඛේදවාචකය වෙනස් අයුරකින් සිතුවම් කළ කෘතියකි. ටොමී වයරෙංගා විසින් ඕලන්ද බසින් රචිත මෙම කෘතිය ඉංග්‍රීසි බසට පරිවර්තනය වී ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානයට නිර්දේශ විය. මේ මස අගදී මුද්‍රණයෙන් පිටවේ.

සුසර ප්‍රකාශනයක්
කවරය – ප්‍රදීප් ප්‍රේමලාල්

ඔවුහු රබාත් වෙත ගමන් කරන විට හිමිදිරි උදෑසන අහිංසකත්වයට ඉල්හම් ලොබ බැන්දේ කෙසෙලද. කිසිවක් චලනය නොවන, නගරයේ හඬ තවමත් එහා මෙහා නොයන සීතල උදෑසනකි එය. මදීනාවේ විශාල ගේට්ටුවලින් නෙපෙනී ගිය සර සර හඬ නගන ලී කරත්ත තල්ලු කරගත් මිනිසුන් සිටි ‘ඔවුදයස් කස්බා‘ පසුකරමින් ඔවුහු පැමිණියහ.

නගරයෙන් පිටතට පැමිණෙන විට ඉල්හම් කුඩා පල්ලියක් දුටුවාය. මේසන්වරු එහි පැරණි තාප්පය නැවත පිළිසකර කරමින් කාර්යයබහුලව සිටියහ.
තෙමාරවල මුහුද අඳුරු පැහැයෙන් බැබළුණි. මුරාට් තුරු ගොමුවක් යට තනිවම බලා සිටියේය. කුඩා බෑගයක්, සැබවින්ම කුඩා පොලිතින් බෑගයක් පමණකි ඔහු සතුව වූයේ. ඔහු තම සාක්කුවෙන් කුඩා සල්ලි මිටියක් පිටතට ගත්තේය. සලේ දක්ෂ සල්ලි මාරු කරන්නෙකු මෙන් එය ගණන් කළේය.
ගිනි මැලයකින් නැගි සිහින් මිහිදුමකින් වැසුණු මඩුවට ඉහළින් කුකුළන් හඬලනු ඉල්හම්ට ඇසුණි. දුම්රොටුවල සුවඳ ඇයට ආරක්ෂක සංවේදනයක් ගෙනාවේය. ඇගේ සවිඥානික මනසෙහි කෙළවර කුකුළන් හඩලන, දුම්රොටු ඉහළට නගින, සීතල දැනෙන මෙවන් උදෑසනක මතකයක් ඉහළට මතුව ආවේය. එහෙත් එම මතකයට තැනක් හෝ කාලයක් නොතිබිණි.

වාහනය තුළ වූ මනෝභාවය වර්ධනය විය. දුම්වැටි හුවමාරු විය. මුරාට් සතුටින් සිටි අතර වැඩියෙන් කතා කළේය. මෙයට පෙර ඇය ඔහුව මෙලෙස දැක නොතිබිණි. ඔහු දීප්තිමත් විය. මේ ඔහුගේ දිනය විය. පසුපස අසුණේ සිට ඔවුන් කළ කතාබහෙන් තෝරාගත් කොටසක් පමණක් සලේ පරිවර්තනය කළේය.
ඔවුහු ටැන්ජියර් වෙත යන නව ගෙවීම් කරන මාර්ගය තෝරාගත්හ. ඉර සේදූ පීච් වර්ණයකින් බැබළුණි. ඔවුහු හරිතාගාර සහ වතු පසුකරමින් ගමන් කළහ. නෙලන්නට සූදානම්ව තිබූ මිහිරි, වටකුරු කොමඩු කෙත්වතු පසු කළහ. කොමඩු එහි වැලෙන් මිදී වැතිර තිබුණේ පොළවෙන් මතුවූ බිත්තර මෙන්ය.

“නෙදර්ලන්තෙට ගිහින් එයා මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ? ඉල්හම් ඇසුවාය. “එහේ කාවහරි එයා දන්නවද නැත්නම් මොනවහරි දෙයක්?“
“එයා සපත්තු මහන්න දන්නවා,“ සලේ බාධා කළේය. “එයාට බර උස්සන්න පුළුවන්. මේ දවස්වල ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා,“ ඔහු හිස වැනුවේය. “එයා අපිව දන්නවා – ඒක තමයි එයා කිව්වෙ.“
තොව්රයා උස් හඬින් හුස්ම පිම්ඹාය. “එයා මගේ ගෙදර දොරට තට්ටු කරන්නෙ නැත්නම් එච්චරයි.“
පාර දෙපසම යුකැලිප්ටස් ගස් යායට වවා තිබිණි. ඒවායේ පොතු ශෝකී ලෙස පතුරු ගැලවී ගසේ කඳෙන් එල්ලී තිබිණි.

කොල්ලෙකුට නොපිහිටන විදියේ දිගු ඇහි පිහාටු ඔහුට ඇති බව ඉල්හම් සිතුවාය. සමහරවිට යම් දිනෙක දන්ත වෛද්‍යවරයෙකු වෙත යාමට ප්‍රමාණවත් තරම් මුදලක් ඔහු උපයනු ඇත. සමහර විට ඔහුට බිරිඳක් හමුවනු ඇත. ඇයගේ දෙමාපියන් මෙන් නොව මනාව පරිධිය සලකුණු කළ ජීවිතයක් ගැන ඇය සිතුවාය. සදාකාලිකවම මේ රටේ හැමදෙයක්ම ගණන් වැඩි යන ප්‍රකාශය ඇසෙන, මොරොක්කෝවට වඩා මුදලක් ඉපැයුවත්, ජීවිතය හැමවිටම දැඩි අපහසුවෙන් ගෙවෙන, උපයන සියල්ල විවිධ දේට සම්මාදම් කළ යුතු ජීවිතයක් විය.

මුදල් ගෙවන කුටිය අසලදී ඔවුහු කොමඩු පැටවූ ලොරියක් පිටුපස පෝලිමේ සිටියහ. කොමඩු කන්දට උඩින් පිරිමි ළමයෙක් වාඩිවී සිටියේය. ඔහු පිටුපසින් වූ වාහනයට අත වැනුවේය. සිනාසුණේය. ට්‍රක් රථය කළු දුම් වලාවක් මවමින් ඉදිරියට ගියේය. තොව්රයා යන්ත්‍රෙයන් ටිකට්පත ගත් විට බාධකය විවෘත විය. ඇය නලාව හඬවා කොමඩු කන්දේ සිටි කොළුවාට සමුදුන්නාය.

Related articles

“තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස කරන්න බෑ. මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි” – ඉරානය

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන 22 වැනිදා අළුයම ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පස්සේ අල්-ජසීරා රූපවාහිනය...

“අරගලයෙන් ඔබ්බට 200+”: මලයහ දෙමළ ජනයා පිළිබඳ ප්‍රබල දෘශ්‍ය වංශකථාවක්

දීර්ඝකාලීනව ලාංකික සිවිල් සමාජයේ බිම් මට්ටමේ ප්‍රජා සේවාවන්හි නියැ⁣ලෙන Center for Policy Alternatives, Suya Shakthi Institute සහ Uva...

ඇමරිකානු නිළධාරීන් පුදුමයට පත්කරමින් ට්‍රම්ප් සටන් විරාමයක් නිවේදනය කරයි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරාන නිලධාරීන් සමඟ කතා කිරීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් හදිසියේම ඊශ්‍රායලය සහ ඉරානය අතර...

අකටයුතු නාදකයන්ගේ දිනය අදයි – ඒ කවුද? : මොනවද කරන්නෙ?

අද (23) අකටයුතු නාදකයන්ගේ ජාත්‍යන්තර දිනයයි. (International Whistleblowers Day) අකටයුතු නාදකයන් යනු කවුද, ඔවුන් සමාජයක ඉදිරි ගමනට කොපමණ...