එක්සත් ජාතීන්ගේ 56 වැනි සැසිවාරයට ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය ගැන යෝජනාවක් !

Share post:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ රටවල් 06ක කණ්ඩායමක් විසින් මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස එම යෝජනාව මගින් ඉල්ලා තිබේ.

කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් සමන්විත එම කණ්ඩායම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වැනි සැසිවාරයේදී අවධාරණය කර ඇත්තේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවල විනිවිදභාවයක් තිබිය යුතු බවයි.

එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳ තානාපති රීටා ෆ්‍රෙන්ච් විසින් මේ ප්‍රකාශය සිදුකරන ලදි. එහි මෙසේ ද සඳහන් ය.

‘මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවතින දණ්ඩමුක්තිය ඉස්මතු කරන ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳ ඔබගේ මෑත වාර්තාවට ස්තූතියි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් නිසා ඇති වන දුක් වේදනා සහ සියලු‍ ප්‍රජාවන්ට එහි බලපෑම විසඳීම සඳහා වන නිර්දේශ සමඟ සම්බන්ධ වන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

අධිකරණ ස්වාධීනත්වය සහ රටේ නීති ආයතනවල ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අපි අවධාරණය කරමු. යාපනයේ අධි ආරක්‍ෂිත කලාපයෙන් ඉඩම් නිදහස් කිරීම අපි සාදරයෙන් පිළිගන්නා අතරම, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ඉඩම් අත්පත් කර ගැනීම් සම්බන්ධව පවතින ආතතීන් සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, පොලිස් මෙහෙයුම් අතරතුර රඳවා තබා ගැනීම, අක්‍රමවත් සෝදිසි කිරීම් සහ අයහපත් සැළකීම් පිළිබඳ වාර්තා පිළිබඳ අපි කණස්සල්ලට පත්ව සිටිමු.’

Related articles

79 වැනි කාන් සිනමා උළෙලේ විශේෂ ගෞරව සම්මානය හොලීවුඩ් සුපිරි නලුවෙකු වෙත

79 වැනි කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී පිදෙන විශේෂ ගෞරව සම්මානය ( Honorary Palme d'Or ) මෙවර...

‘වමට වැටිලා…දකුණට කැපෙන ජීවිත’ – ‘දූස්රා’

වමට වැටිලා දකුණට කැපෙනවා. දකුණට කැපිලා වමට වැටෙනවා. දූස්රා චිත්‍රපටයේ ජීවත්වෙන චරිතත් අන්න ඒ වගේ. ඊළග මෙහොතේ කොයි...

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...