ALL WE IMAGINE AS LIGHT ඉන්දියානු චිත්‍රපටය 2025 ඇකඩමි සම්මාන උළෙලේ දී හොදම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට සුදුසුද ?

Share post:

ඉන්දියානු ජාතික තුරුණු චිත්‍රපට තිර රචිකාවියක් හා අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වන පායල් කපාඩිය (Payal Kapadia ) විසින් අධ්‍යක්ෂණය කරන ලද ALL WE IMAGINE AS LIGHT – 2024 පසුගියදා පැවති 77 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ ( 77th International Cannes Film Festival – 2024 ) දී එහි චිත්‍රපටයක් වෙනුවෙන් පිදෙන ඉහළම සම්මාන දෙකෙන් එකක් වන Grand Prix සම්මානය දිනාගැනීමට සමත් විය . මෙය සමස්‌ත ඉන්දයානු කලාත්මක සිනමාව විසිඑක්වැනි සියවස තුළ ලෝකය මත ඔසවා තබන්නටත් ඒ පිළිබදව ලෝක අවධානය යොමුකර ගැනීමටත් මහෝපාකාරී වූ වැදගත් සාධකයක් බව නොකියාම බැරිය.

ඉන්දියානු කලාත්මක සිනමාවේ මූලාරම්භය ජාත්‍යන්තර ප්‍රවේශය බෙංගාලි මහා සිනමාකරු සත්‍යජිත් රායි ( Satyajit Ray 1921 – 1994 ) විසින් සනිටුහන් කරන ලද අතර ඉන්දියානු සිනමාවේ “නව රැල්ලේ සිනමාව” රිද්වික් ඝටක් ( Ritwik Ghatak 1925 – 1976 ) විසින් සනිටුහන් කරන්නේ ය . ඉක්බිතිව එහි ජාත්‍යන්තර ප්‍රවේශය මිර්නාල් සෙන් ( Mrinal Sen 1923 – 2018 ) , ශ්‍යාම් බෙනගල් ( Shyam Benegal B :1934 ) ,
අදූර් ගෝපාල ක්‍රිෂ්ණන් ( Adoor Gopala Krishnan / B : 1941) , බුද්ධදේබ් දාස්ගුප්ත ( 1944 – 2021 ) , ගිරීෂ් කාසරවල්ලි ( Girish Kasaravalli / B 1950 ) යනාදී චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් විසින් සනිටුහන් කරන ලදි .

Payal Kapadia )
( චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය )

ඉන්දියානු සිනමාවේ සිනමා සංගීතයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. එහිලා ඉන්දීය සිනමා සංගීතය වඩාත්ම වැදගත් අංගයක් බවට පත්වූයේ ඉන්දීය වාණිජ සිනමාව තුළය . එහිලා ඉන්දීය සිනමා සංගීතය ජාත්‍යන්තරයෙහි ඔසවා තබන ලද්දේ සංගීතවේදී ඒ.ආර්. රහුමාන්
( A. R. Rahman ) විසිනි .

සමස්තයක් වශයෙන් ගත්කල ඉන්දියානු සිනමාව වූ කලී කර්මාන්තයක් වශයෙන් දෙවැනි වන්නේ හොලිවුඩ් සිනමාවට ( Hollywood Cinama ) පමණි. එහිලා වාර්ෂිකව ලොව වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කරනුවේ ඉන්දීය සිනමාව විසිනි. එසේම ඉන්දියානු සිනමාව ද ප්‍රාන්තීය වශයෙන් අනු ( විකල්ප ) සිනමාවන් වශයෙන් බෙදීයන බව පෙනේ. එහිලා මුම්බාය කේන්ද්‍රගතව ක්‍රියාත්මක වන බොලිවුඩ් සිනමාව ( Bollwood Cinama / Visual Chronicles of Culture ), තමිල්නාඩුව කේන්ද්‍රගතව ක්‍රියාත්මක වන කොලිවුඩ් සිනමාව ( Colliwood Cinama / Diary of a Society on Celluloid ) හා ඒ ඒ ප්‍රාන්ත කේන්ද්‍රගතව ක්‍රියාත්මක වන කන්නඩා සිනමාව ( Kannada Cinama / A Whiff of Sandalwood ), මරාටි සිනමාව ( Marathi Cinama / Scaling New Heights ) , තෙලිඟු සිනමාව හා ( Tithligu Cinama / A Portrait of Indiana Hamble Life ) හා කේරළ – මලයාලම් සිනමාව ( Kerala or Malayalam Cinama / The Timeless Text Book ) යනාදී විකල්ප – සිනමාවන් වශයෙනි.

තුරුණු චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වශයෙන් පායල් කපාඩිය සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් ( A Documentary Film Director ) හා කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂකවරියක් ( A Short Film Director ) වශයෙනි. ඉක්බිතිව ඇය අධ්‍යක්ෂණය කරන ලද තම කුළුඳුල් වෘතාන්ත චිත්‍රපට වනුයේ ALL WE IMAGINE AS LIGHT – 2024. මෙම චිත්‍රපටය ලොකයේ ඉහළම අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී Grand Fix සම්මානය දිනාගැනීම පසුගියදා සමත් විය . එය මෑතකාලීන සමස්ත ඉන්දීයානු සිනමාව විසින් අත්පත් කරගන්නා ලද විශිෂ්ටතම ජාත්‍යන්තර ජයග්‍රහණය ද වන්නේ ය .

මෙවන් වූ අන්තර්ජාතික ජයග්‍රහණයක් තම කුළුදුල් චිත්‍රපටය වෙනුවෙන් තමාට ලබාගැනීමට හැකිවූතැයි කියා කපාඩියා හීනයකින්වත් නොසිතන්නට ඇත. එනමුත් ඇය වර්තමානයේ දී ලොව ඉහළම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ වර්ගීකරණයට තම නාමය එක්කර ගැනීමට සමත්වී ඇත්තේ ය . මෙය හුදෙක්ම ඉන්දීය කලාත්මක සිනමාවේ ජයග්‍රහණයක් බව මට සිතේ. වර්තමාන වනවිට ලෝක ප්‍රේක්ෂකාගාරය ඉන්දීය කලාත්මක චිත්‍රපටය අන්තර්ජාලය පීරමින් සොයා සොයා බාගෙන නැරඹීමට මැයගේ මෙම ජයග්‍රහණය ඉවහල් වී ඇති බව පෙනේ .

කපාඩියා වර්තමාන ඉන්දීය සිනමාව අංශක 360 ‘ අනෙක්පැත්තට කැරකුවා ය . ඒ තම කුළුදුල් චිත්‍රපටය ( ALL WE IMAGINE AS LIGHT ) තුළිණි . බොලිවුඩයේ හෝ කොලිවුඩයේ නිෂ්පාදනය වන චිත්‍රපටය හා ඊට වියපැහැදම් කරන අතිදැවැන්ත පිරිවැය අනුව ඇයගේ චිත්‍රපටය අතිශයින්ම කුඩා පිරිවැයකින් අවමවාදී ලක්ෂණ සහිතව නිර්මාණය කරන ලද චිත්‍රපටයක් වන්නේ ය. එවන් චිත්‍රපටයක් විසින් නූතන කලාත්මක ඉන්දියානු සිනමාව ජාත්‍යන්තරය තුළ මහත්වූ අභිමානයෙන් ඔසවා තැබීම ශ්‍රී ලාංකේය සිනමාවේ ලැගසිටින ඇත්තන්ට යස පාඩමක් යැයි මට සිතේ.

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ Palmer Do’r හෝ Grand Prix යන සම්මාන ලොව කිනම් හෝ චිත්‍රපටයක් විසින් හිමිකර ගනිත්ද එම චිත්‍රපටය එළැඹෙන වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටය ( Best Foreign Film of the Year ) සම්මාන සදහා නිර්දේශ වීමටත් එම සම්මානය හිමිකර ගැනීමටත් බොහෝදුරට ඉඩකඩ සපයන කාරණාවක් වන්නේ ය . ඊට කදිම උදාහරණය, ජර්මන් චිත්‍රපටයක් වූ The Zone of Interest – 2023 . එම චිත්‍රපටය 2023 දී පවත්වන ලද 76 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී Grand Fix සම්මානය දිනාගැනීම සමත් වූ අතර පසුගිය ඇකඩමි සම්මාන උළෙලේ දී වසරේ හොදම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීම සමත්වීය .

කරුණු කාරණා එසේ බැවින් ALL WE IMAGINE AS LIGHT චිත්‍රපටය 2025 දී පවත්වන ඇකඩමි සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටය සදහා නිර්දේශ වීමටත් එම සම්මානය දිනාගැනීමටත් බොහෝ සෙයින් ඉඩකඩ තිබෙන බව ලෝක සිනමා විචාරකයන් බෝහොමයක් විසින් අනාවැකි පළකර ඇත්තේ ය . මගේ කියවීම ද එයම වනු ඇත.

මීට කදිම උදාහරණයකි, ලෝප්‍රකට හා අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ මුල්පෙලේ විචාරකයකු වන ජස්ටින් චෑන්ග් ( Justine Chang ) පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ .. “ALL WE IMAGINE AS LIGHT
චිත්‍රපටය ඇකඩමි සම්මාන උළෙලේ විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගැනීමට ඕනෑවටත් වඩා සුදුසුකම් පසුරා ඇති බවයි “.
හොද කවියක් ලියනු පිණිස රත්තරං හෝ රිදී පෑනක් අවශ්‍ය නොවන්නා සේම විශිෂ්ට චිත්‍රපටයක් නිර්මාණය කිරීමටද මහා ලොකු පිරිවැය හෝ සුපිරි – සිනමා තාක්ෂණය අවශ්‍ය නොවන්නේ ය. එසේ වී නම් අවශ්‍යවන්නේ සිනමාව කුමක්ද යන්න නිසි-පරිදි කියවාගෙන හදවතින්ම හදවතින්ම සිනමාකරණයෙහි නියැලීම පමණි . අන්න .. එම කාරණාව අපට පසක් කරදීමට ALL WE IMAGINE AS LIGHT චිත්‍රපටය සමත්වී ඇත්තේ ය.

වර්තමාන කලාව හා කලා භාවිතය යනු ලෝක ආමන්ත්‍රණයකි. එහිලා සාහිත්‍යය හා සෙසු කලාවන් ද මෙහිලා අප කතාබහ කරන සිනමාව ද එසේ ය . එනමුත් මෙරට කලාව හෝ කලා භාවිතය එවන් තත්ත්වයකට තවමත් පැමිණ නැත්තේ ය . අපේ බොහෝ උදවිය මනෝමූල නිර්මාණය කරනුවේ ඔවුන් විසින් නිර්මාණය කරගෙන සිටින ඉතා කුඩා පාඨක ප්‍රජාවකට පමණි. එය අතික්‍රමණය කිරීමට තවමත් ඔවුනට හැකියාව ලැබී නැත්තේ ය . මෙය වර්තමාන සිනමාවට ද අතිශයින්ම පොදු කාරණාවකි. ඊට කදිම උදාහරණයකි, ALL WE IMAGINE AS LIGHT චිත්‍රපටය.

විශේෂ සටහන

ALL WE IMAGINE AS LIGHT චිත්‍රපටය 2024 ඔක්තොම්බර් මස 02 වැනි දින ප්‍රංශය ප්‍රමුඛ යුරෝපීය ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත . බලන්න .. මෙම චිත්‍රපටයට ලැබී තිබෙන ජාත්‍යන්තර අවධානය හා කීර්තිය කොපමණ ද කියා. අපේ චිත්‍රපටයක් එතැනට යායුතු නැද්ද ?

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...