මේ දිනවල යුරෝපයේ වැඩියෙන්ම කතාබහ වන නවකතාව

Share post:

විශ්ව කලාව ( A Universal Art ) ද එහිලා විශ්ව සාහිත්‍යය ( A Universal Literature ) ද එහි ප්‍රබලතම සාහිත්‍යය ප්‍රකාරය වන විශ්ව නවකතාව ( A Universal Novel / Fiction ) ද යුගයට සාපේක්ෂව නිර්මාණාත්මකව නව්‍යමය වන්නේ ය . මෙම නව්‍යතාවය වූ කලී විවිධ ගෝලීය තේමාවන් රැගත් ආකෘතියමය හා න්‍යායාත්මක විවිධත්වයක් සහිත කලා නිර්මාණ ලොවට බිහිවීමයි . ඊට සාපේක්ෂව මෙරට කලාව හා සාහිත්‍ය ද එහිලා නවකතාව ද එසේ යුගයට සාපේක්ෂව වෙනස් හෝ යාවත්කාලීන නොවුණද ලෝක සම්භාවිතාවය එසේ නොවන බව පෙනේ. එය දිනෙන් දින වර්ධනය වන විශ්ව නවකතාව දෙස බලන කල්හි මැනවින් පෙනීයන්නේ ය .

මේ දිනවල යුරෝපීය ලේඛක – පාඨක – විචාරක යන මේ තුන් කට්ටුවේම මහත් වූ කතාබහට හා විචාරක ප්‍රජාවගේ නිබඳව විචාරයට නතු වන අපූරු පර්මන් නවකතාව වේ . එය නමින් THE MUSEUM OF THE WORLD – 2023 නම් වේ . මෙහි කතුවරයා ( නවකතාකරුවා ) වනුයේ ජර්මන් ජාතික ප්‍රතිභාපූර්ණ නවකතාකරුවකු වන ක්‍රිස්ටෝපර් ක්ලියොබල් ( Christopher Kloeble ) ය .

2022 වර්ෂයේ දී ජර්මන් භාෂාවෙන් ප්‍රකාශයට පත්වූ මෙම නවකතාව 2023 වර්ෂයේ දී ඉන්දීයානු ජාතික රීකා කමත් රාජන් ( Rekha Kamath Rajan ) විසින් ජර්මන් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදුව Harper Collins පොත් සමාගම විසින් ප්‍රකාශයට පත්කරන ලදි.

මෙම නවකතාව දහනමවැනි සියවසේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දීයාව පසුබිම් කරගෙන රචිත නවකතාවක් වන බව පෙනේ. මෙය තවත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම්, සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගලාභී එංගලන්තය ජාතික ලේඛක රැඩ්යැඩ් කිප්ලීං ( Rudyard Kipling ) විසින් රචිත Kim – 1901 නවකතාවට බෙහෙවින්ම සමාන බව විචාරකයන්ගේ මතය යි.

ලොව නවකතාව අලෙවි දර්ශකවල ඉහළම ස්ථානයක් රඳවා ගනිමින් අලෙවි වන මෙම THE MUSEUM OF THE WORLD
මේවනවිට ලොව භාෂා දහයකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඈත්තේ ය .

Kim for the 21st century – Arshia Sattar
“Gripping, Beautiful & Complex”
Ruchir Joshi

මෙම නවකතාව මවිසින් තවම කියවා නොමැති බැවින් ඒ පිළිබඳව පූර්ණ වීචාරයක් කිරීමට මම අපොහොසත් වෙමි. එනමුත් විශ්ව සාහිත්‍යය නව්‍යමය වූ තොරතුරක් වශයෙන් ඔබව දැනුවත් කරනු පිණිස මෙම සටහන තබන්නට මට සිත්විය .

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50...

සාහිත්‍ය කෝලාහල – ‘හිතක මතක’

"…හයවන දශකයේ බොහෝ උත්සව සභා පැවැත්වීමට නිතර යොදාගත් තැනකි, කොළඹ විහාරමහා දේවී උයන අසලින් දිවෙන ආනන්ද කුමාරස්වාමි මාවතේ...

‘අපි හොයන හින්දි සිනමාව සහ කිරන් රාඕගේ අතරමං වුනු ගැහැණු’

සමිප්‍රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර විසින් ගැහැණුන්ට පටවන බර කොචිචරද? කියලා මනින්න මිනුමි දඬුත් මදි වෙිවි. විශේෂයෙන් දකුණු...

77 වැනි කාන් සිනමා උළෙල – ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සම්මානය ඇමෙරිකානු ජාතික නිළි මෙරිල් ස්ට්‍රිප් ට

77 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සම්මානය ඇමෙරිකානු ජාතික සම්මානනීය නිළි...