මේ දිනවල යුරෝපයේ වැඩියෙන්ම කතාබහ වන නවකතාව

Share post:

විශ්ව කලාව ( A Universal Art ) ද එහිලා විශ්ව සාහිත්‍යය ( A Universal Literature ) ද එහි ප්‍රබලතම සාහිත්‍යය ප්‍රකාරය වන විශ්ව නවකතාව ( A Universal Novel / Fiction ) ද යුගයට සාපේක්ෂව නිර්මාණාත්මකව නව්‍යමය වන්නේ ය . මෙම නව්‍යතාවය වූ කලී විවිධ ගෝලීය තේමාවන් රැගත් ආකෘතියමය හා න්‍යායාත්මක විවිධත්වයක් සහිත කලා නිර්මාණ ලොවට බිහිවීමයි . ඊට සාපේක්ෂව මෙරට කලාව හා සාහිත්‍ය ද එහිලා නවකතාව ද එසේ යුගයට සාපේක්ෂව වෙනස් හෝ යාවත්කාලීන නොවුණද ලෝක සම්භාවිතාවය එසේ නොවන බව පෙනේ. එය දිනෙන් දින වර්ධනය වන විශ්ව නවකතාව දෙස බලන කල්හි මැනවින් පෙනීයන්නේ ය .

මේ දිනවල යුරෝපීය ලේඛක – පාඨක – විචාරක යන මේ තුන් කට්ටුවේම මහත් වූ කතාබහට හා විචාරක ප්‍රජාවගේ නිබඳව විචාරයට නතු වන අපූරු පර්මන් නවකතාව වේ . එය නමින් THE MUSEUM OF THE WORLD – 2023 නම් වේ . මෙහි කතුවරයා ( නවකතාකරුවා ) වනුයේ ජර්මන් ජාතික ප්‍රතිභාපූර්ණ නවකතාකරුවකු වන ක්‍රිස්ටෝපර් ක්ලියොබල් ( Christopher Kloeble ) ය .

2022 වර්ෂයේ දී ජර්මන් භාෂාවෙන් ප්‍රකාශයට පත්වූ මෙම නවකතාව 2023 වර්ෂයේ දී ඉන්දීයානු ජාතික රීකා කමත් රාජන් ( Rekha Kamath Rajan ) විසින් ජර්මන් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදුව Harper Collins පොත් සමාගම විසින් ප්‍රකාශයට පත්කරන ලදි.

මෙම නවකතාව දහනමවැනි සියවසේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දීයාව පසුබිම් කරගෙන රචිත නවකතාවක් වන බව පෙනේ. මෙය තවත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම්, සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගලාභී එංගලන්තය ජාතික ලේඛක රැඩ්යැඩ් කිප්ලීං ( Rudyard Kipling ) විසින් රචිත Kim – 1901 නවකතාවට බෙහෙවින්ම සමාන බව විචාරකයන්ගේ මතය යි.

ලොව නවකතාව අලෙවි දර්ශකවල ඉහළම ස්ථානයක් රඳවා ගනිමින් අලෙවි වන මෙම THE MUSEUM OF THE WORLD
මේවනවිට ලොව භාෂා දහයකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඈත්තේ ය .

Kim for the 21st century – Arshia Sattar
“Gripping, Beautiful & Complex”
Ruchir Joshi

මෙම නවකතාව මවිසින් තවම කියවා නොමැති බැවින් ඒ පිළිබඳව පූර්ණ වීචාරයක් කිරීමට මම අපොහොසත් වෙමි. එනමුත් විශ්ව සාහිත්‍යය නව්‍යමය වූ තොරතුරක් වශයෙන් ඔබව දැනුවත් කරනු පිණිස මෙම සටහන තබන්නට මට සිත්විය .

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...