සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

Share post:

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා පැහැදිලි කරගන්නට තතනන මිනිස් වර්ගයාගේ නොසංසිදෙන මහා ආශාව පිළිබඳව වූ කතාව උදාර සිතුවිලි ඇති මිනිසා නිරන්තරයෙන් ලෝකය වර්ණවත් කරයි, ලෝකය වර්ධනය කරයි, යන්න සනාත කරමින් ලෝකය “සොයා” යන මිනිසුන් ගේ උදාර කතා අප අසා ඇති ගණන විශාලයි.

එවන් කතා වලදී එවන් මහා විශාල උදාර හදවත් අපට කොතෙක්නම් හමු වී ඇත්ද?!

එවන් උදාර හදවත් අප හදවත් වලින් ද කෙතරම් නම්‍ ආදරයෙන් වැළද ගෙන ඇත්ද?

එවන් උදාර හදවතක් සාහිත ලොව තුළ අපට හමු වෙනවා “තොර් හෙයර්ඩාල්” නම් උදාර මිනිසා හරහා.

අප්‍රතිහත ධෛර්යකින් නොපසුබස්නාබවකින්, අරමුණ වෙනුවෙන් වූ කැපවීමකින් පිරි මිනිසුන්, ව අසීරු දේශාටනයක් ඔස්සේ මානව වංශකතාවට අපූරු ආලෝකයක් එක් කරන ආදරණීය පොතකි මෙය.

“කෝන්ටිකී යාත්‍රාව” තොර් හෙයර්ඩාල් අතින් ලියවෙන්නනේ එයට පාදක වූ අපූරු දුෂ්කර උදාර චාරිකාව හරිම අපූරු අයුරින් ඇසුරු කරන් සත්‍ය ගවේෂණ සටහන් ලෙසින්. එනිසාම එය ලෝකයේ උසස් ග්‍රන්ථයක් බවට පත්වෙයි.

දකුණු ඇමරිකාවේ පීරු රටේ විසූ ආගමික හා ජන නායකයකු ද වන කෝන් ටිකී ත් ශාන්තිකර දූපත් වාසීන්ගේ ආරම්‍භකයා වන ටිකී නැමැත්තාත් යන දෙදෙනාම එක් අයෙකු ලෙස සිතන හෙයර්ඩාල් මෙය සනාත කිරීම සදහා දැව පහුරකින් ශාන්තිකර සාගරය හරහා නාවුක සැතපුම් 4300ක් දුර යමින් යෙදෙන අවදානම්, දුෂ්කර හා බියකරු පහුරු තරණයේ මහා වීර කාව්‍යයයි මෙය.

නෝර්වීජියානු ජාතික තෝර් හෙයර්ඩාල් ගේ සිත තුල මේ අපූරු අදහස පහළ වූ දා සිට ඔහු ඒ පිළිබඳව වූ බොහෝ තොරතුරු එක් රැස් කළේය. විවිධ ආයතන හා පුද්ගයන් හමු වීය. ඔහුට හරියන නාහෙට අහන්නේ නැති නාවුක සගයන් පස් දෙනෙක් ද සොයා ගත්තේය. ඉන් පසු ලෝකයේ වත්මන තුල අප දකින අති දුෂ්කර භයංකර මෙන්ම අපූරු උදාර දේශාටනය ආරම්භ වෙයි. ඉතිහාස ගවේෂණය නම් උමතුව ඔහුනට හොදටම වැළදීම නිසා මේ මහා චාරිකාවේ, අප්‍රතිහත ධෛර්යයයෙන් යුතව යෙදෙයි.

කෝන්ටිකී යාත්‍රාව නම් වූ මෙම විශිෂ්ට චාරිකා සටහන අතිශය අලංකාර දේශාටන වාර්තාවක් වන අතර හදවත කළඔන, සිත්ගන්නාසුඵ මහා කාව්‍යයක් බදුය.

මෙම පෙතේ පිටුවක් පිටුවක් පාසා ඇති මෙම නාවික ගවේෂකයන්ගේ උදාර අරමුණ වෙනුවෙන් වූ පෙළ ගැස්ම, කැපවීම බලන්න ට අගනේය.
මෙම සත්‍ය ගවේෂණ චාරිකාව ලොව විශ්මයෙන් කතා කරන්නක් වන අතර අවුරුදු දහාස් ගණනකට පෙර පොලිනීසායානු දූපත් වල සිට ශාන්තිකර සාගරය හරහා මානව සංක්‍රමණ සිදු වූ බවත්, ඒ නිසා ලෝකය තවත් පුඵල්ව විචිත්‍ර වූ බවත් ලොවට කියා පාන කදිම සාක්ෂියක් තමයි මෙම කෝන්ටිකී ගවේෂණය. එය ගැන ලියැවුණු කෝන්ටිකී යාත්‍රාව නම් වූ මෙම අපූරු පොත ද ඒ තරම්ම වැදගත්ය.

අද මෙම යාත්‍රාව හා එහි උදාර ජීවමාන මතක සටහන් කෞතුක වස්තූන් ලෙස සංරක්ෂණය වෙන අතර තව ශතවර්ෂ ගංණනක් මිනිසුන් මේ උදාර චාරිකාව ගැන කතා කරනු ඇත.

කෝන්ටිකී යාත්‍රාව
පරිවර්තනය පී.ජී පුංචිහේවා
මාර්ග ප්‍රකාශනයක් 1981

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...