සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

Share post:

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා පැහැදිලි කරගන්නට තතනන මිනිස් වර්ගයාගේ නොසංසිදෙන මහා ආශාව පිළිබඳව වූ කතාව උදාර සිතුවිලි ඇති මිනිසා නිරන්තරයෙන් ලෝකය වර්ණවත් කරයි, ලෝකය වර්ධනය කරයි, යන්න සනාත කරමින් ලෝකය “සොයා” යන මිනිසුන් ගේ උදාර කතා අප අසා ඇති ගණන විශාලයි.

එවන් කතා වලදී එවන් මහා විශාල උදාර හදවත් අපට කොතෙක්නම් හමු වී ඇත්ද?!

එවන් උදාර හදවත් අප හදවත් වලින් ද කෙතරම් නම්‍ ආදරයෙන් වැළද ගෙන ඇත්ද?

එවන් උදාර හදවතක් සාහිත ලොව තුළ අපට හමු වෙනවා “තොර් හෙයර්ඩාල්” නම් උදාර මිනිසා හරහා.

අප්‍රතිහත ධෛර්යකින් නොපසුබස්නාබවකින්, අරමුණ වෙනුවෙන් වූ කැපවීමකින් පිරි මිනිසුන්, ව අසීරු දේශාටනයක් ඔස්සේ මානව වංශකතාවට අපූරු ආලෝකයක් එක් කරන ආදරණීය පොතකි මෙය.

“කෝන්ටිකී යාත්‍රාව” තොර් හෙයර්ඩාල් අතින් ලියවෙන්නනේ එයට පාදක වූ අපූරු දුෂ්කර උදාර චාරිකාව හරිම අපූරු අයුරින් ඇසුරු කරන් සත්‍ය ගවේෂණ සටහන් ලෙසින්. එනිසාම එය ලෝකයේ උසස් ග්‍රන්ථයක් බවට පත්වෙයි.

දකුණු ඇමරිකාවේ පීරු රටේ විසූ ආගමික හා ජන නායකයකු ද වන කෝන් ටිකී ත් ශාන්තිකර දූපත් වාසීන්ගේ ආරම්‍භකයා වන ටිකී නැමැත්තාත් යන දෙදෙනාම එක් අයෙකු ලෙස සිතන හෙයර්ඩාල් මෙය සනාත කිරීම සදහා දැව පහුරකින් ශාන්තිකර සාගරය හරහා නාවුක සැතපුම් 4300ක් දුර යමින් යෙදෙන අවදානම්, දුෂ්කර හා බියකරු පහුරු තරණයේ මහා වීර කාව්‍යයයි මෙය.

නෝර්වීජියානු ජාතික තෝර් හෙයර්ඩාල් ගේ සිත තුල මේ අපූරු අදහස පහළ වූ දා සිට ඔහු ඒ පිළිබඳව වූ බොහෝ තොරතුරු එක් රැස් කළේය. විවිධ ආයතන හා පුද්ගයන් හමු වීය. ඔහුට හරියන නාහෙට අහන්නේ නැති නාවුක සගයන් පස් දෙනෙක් ද සොයා ගත්තේය. ඉන් පසු ලෝකයේ වත්මන තුල අප දකින අති දුෂ්කර භයංකර මෙන්ම අපූරු උදාර දේශාටනය ආරම්භ වෙයි. ඉතිහාස ගවේෂණය නම් උමතුව ඔහුනට හොදටම වැළදීම නිසා මේ මහා චාරිකාවේ, අප්‍රතිහත ධෛර්යයයෙන් යුතව යෙදෙයි.

කෝන්ටිකී යාත්‍රාව නම් වූ මෙම විශිෂ්ට චාරිකා සටහන අතිශය අලංකාර දේශාටන වාර්තාවක් වන අතර හදවත කළඔන, සිත්ගන්නාසුඵ මහා කාව්‍යයක් බදුය.

මෙම පෙතේ පිටුවක් පිටුවක් පාසා ඇති මෙම නාවික ගවේෂකයන්ගේ උදාර අරමුණ වෙනුවෙන් වූ පෙළ ගැස්ම, කැපවීම බලන්න ට අගනේය.
මෙම සත්‍ය ගවේෂණ චාරිකාව ලොව විශ්මයෙන් කතා කරන්නක් වන අතර අවුරුදු දහාස් ගණනකට පෙර පොලිනීසායානු දූපත් වල සිට ශාන්තිකර සාගරය හරහා මානව සංක්‍රමණ සිදු වූ බවත්, ඒ නිසා ලෝකය තවත් පුඵල්ව විචිත්‍ර වූ බවත් ලොවට කියා පාන කදිම සාක්ෂියක් තමයි මෙම කෝන්ටිකී ගවේෂණය. එය ගැන ලියැවුණු කෝන්ටිකී යාත්‍රාව නම් වූ මෙම අපූරු පොත ද ඒ තරම්ම වැදගත්ය.

අද මෙම යාත්‍රාව හා එහි උදාර ජීවමාන මතක සටහන් කෞතුක වස්තූන් ලෙස සංරක්ෂණය වෙන අතර තව ශතවර්ෂ ගංණනක් මිනිසුන් මේ උදාර චාරිකාව ගැන කතා කරනු ඇත.

කෝන්ටිකී යාත්‍රාව
පරිවර්තනය පී.ජී පුංචිහේවා
මාර්ග ප්‍රකාශනයක් 1981

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

Related articles

” ‘කන්ද උඩ ගින්දර’ නවකතාව කියවාගෙන යද්දී ඉංග්‍රීසි සාහිත්‍යයේ ගොතික් සම්ප්‍රදාය මතක් වුණා”

නවකතාවන් අතර නිර්මාණයකට මෙහෙයවීම අසීරුම ලියවිල්ල ඓතිහාසික නවකතාව කියලා කීවෝත් ඔබ එකඟ වෙයි. ඓතිහාසික මූලාශ්‍ර මත පාඨක මනසෙහි...

“සෘතු සංහාරය” -(පරිවර්තනය) කරුණාරත්න අමරසිංහ

නූතන තාක්ෂණයේ වේගවත් දියුණවත් නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වාදෙනු ලැබීමේ වේගයත් හමුවේ අදවන විට මතුන ඇති අදහසක් වනුයේ සාහිත්‍ය...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ !

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක...

තරිඳුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් පාරක යන හැඩක් !

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන පහරදීමේ සිදුවීම පිළිබඳ වූ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට නොගෙන...