මිනිස් ආත්මය හරහා විනිවිදින දුම්රියේ ප්‍රේමය – Compartment Number 6

Share post:

රුසියාවේ මොස්කව් නුවර සිට මර්මන්ස්ක් නගරය දක්වා යන දුම්රියේ මැදිරි අංක හයහි කුඩා කුටියකදි තම ප්‍රේමණීය බැඳීම හමුවෙතැයි කියා ‘ලෝරා’ සිහිනෙකුදුවත් නොසිතන්නට ඇත. බොහෝ ප්‍රේමයන් අහමිබවලින් පිරි පවතින බව සැබෑය. ප්‍රේමයේ හැටි එසේය. දෛවය යනු කාරුණි සහ අකාරුණිකබව අතර දෝලනයකි. ෆින්ලන්තයේ සිට රුසියාව වෙත පැමිණෙන ලෝරා වෙත තම පුරාවිද්‍යා අධ්‍යනය කටයුතුවලට අමතරව ජීවිතය පිළිබඳ අපුරු ඉසවිවක් කරා පිය මනින්නට පතල් කමිකරුවකු වන ලියෝකාගේ සමිමුඛ වීම දෛවය විසින් ඒ වනවිටත් සැලසුම් කර හමාර කොට තිබුණි. ලෝරා මොස්කව් සිට මර්මන්ස්ක් දක්වා යන දීර්ඝ දුමිරිය ගමන තුළ අනපේක්ෂිත බැඳීම ඔහුගේ හා ඇයගේ එදිනෙදා දිවිය සමිපුර්ණයෙන්ම පාහේ උඩුකුරු කරති.

Compartment Number 6 චිත්‍රපටය ප්‍රේමය තුළ සංස්කෘතික ගැටීම සහ එකඟවීමක සංඥා පළ කරයි. ⁣ලෝරා ෆින්ලන්තයේය. ලියෝකා රුසියාවෙිය. අවබෝධය සහ සන්නිවේදනය විසින් බැඳිමක් සඳහා තවදුරටත් බල කර සිටින බව හඟවන්නකි. ලෝරාගේ චරිතය හරහා පැනනඟින මානසික සහ භෞතික වශයෙන් හුදෙකලා වීමත්, දුමිරිය මැදිරිය තුළ කාලය දියකර හැරීමත් යන මෙි අන්ත දෙක විසින් ප්‍රේක්ෂකයාගේ යමි මතකයන් අවුස්සයි.

දුමිරිය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයයි. දුමිරිය යනු සැබැවින්ම ජංගම ලෝකයකි. එහි වෙසෙන්නෝ දුමිරියේ නීති රීති, ආචාර ධර්ම, ධුරාවලින්ට යටත්වීමට සිදු වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝරාට මිනිස් දිවියේ අත්දැකීම් සමිභාරයක තතු නිරායාසයෙන්ම ලැබෙයි. සමස්තයක් වශයෙන්, “Compartment Number 6” ෆින්ලන්ත භාෂිත චිත්‍රපටය මානව සම්බන්ධතා, සංස්කෘතික වෙනස්කම් සහ මිනිස් දි⁣වියේ අර්ථය සෙවීම පිළිබඳ තියුණු ගවේෂණයකි. ජීවිතයේ සැබෑ අරුත රැඳී ඇත්තේ ගමනාන්තයේ නොව, එම ගමනාන්තය තුළ ඇති කර ගන්නා සම්බන්ධතා තුළ බව චිත්‍රපටය අපට මතක් කර දෙනවා. Compartment Number 6 විශිෂ්ට ගණයේ චිත්‍රපටයකි. ජීවිතය දෙස එබී බලන්නට බල කරන කුඩා කවුළුවක් වැන්න.

මලින්ත විතානගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...