”ඕයි…ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක්..ඒකවත් පෙන්නේ නැද්ද?”

Share post:

විවියන් රිචර්ඩ් කියන්නේ ක්‍රිකට් ලෝකේ දක්ෂ පිතිකරුවෙක් කියල හැමෝම දන්නවනේ. හැබැයි විවියන් ක්‍රිකට් වලට ආපු මුල්ම කාලේ එයාගේ පහරදීමේ කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ.

ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච් එකක් තිබ්බේ. ඉතිං ටයිමිනුත් අවුල් කවුරුත් වැඩිය දන්නෙත් නැති ආධුනික විවියන් රිචර්ඩ් ඒ මැච් එකේ බැටින් ක්‍රීස් එකට එනවා.

අනිත් පැත්තේ බෝලෙ තියෙන්නේ ග්‍රෙග් තෝමස් අතේ. ග්‍රෙග් තෝමස් බෝල් කරන්නේ අකුණු ගහනවා වගේ කියල තමයි කට්ටිය කියන්නේ. ඒ තරම් වේගවත්.

එදා මැච් එකේ ඔන්න ග්‍රෙග් තෝමස් යකා වගේ බෝල් කරනවා. පළවෙනි බොලේ විවියන්ගේ ඇඟේ වදිනවා. විවියන්ට තේරෙනවා එයා ඒ බෝලේ ඉස්සරහා පැරදුණා කියල. ඉතිං එයා කරබාගෙන හිටිය. රිදුණේ නැහැ වගේ ඊළඟ බෝලෙට සුදානම් වුණා.

තෝමස් කාරය නෙවෙයි නිකම් හිටියේ. පිටියට සහ ක්‍රීඩාවට අලුත් කළු හමක් තියන විවියන්ගේ මොරාල් බස්සන්නත් එක්ක පොර මෙහෙම කියනවා. නක්කලේට. ”මේ හලෝ, පේන්නේ නැද්ද…ඕක රතුපාට අවුන්ස පහක් බර රවුම් බෝලයක්. හොඳට බැලුවොත් පේනවා”.

මේ නක්කල් කරන්නේ අපි එවන බෝලෙවත් හරියට පෙන්නේ නැති උඹට මොන ක්‍රිකට්ද කියන තේරුමෙන්.
විවියන් සද්දයක් නැහැ. කරබාගෙන ඉන්නවා.

ඔන්න එනවා ඊළඟ බෝලේ. ඒක අරිට හපන්. වෙඩිල්ලක් වගේ කණ ළඟින් කීං ගාල ගියා. ගහන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ.

තෝමස් කාරය ආයෙත් උගේ සද්දේ දාන්න ගත්ත. ”ඕයි…ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක්..ඒකවත් පෙන්නේ නැද්ද?” විවියන් ආයෙත් කරබාගෙන ඉන්නවා. බිම බලාගෙන.

තුන්වෙනි බෝලේ ආව. ඒකට උස්සල ගහපු ගැහිල්ලට බෝලේ ක්‍රීඩාගාරයට උඩින් පියාඹල ගිහිල්ල ඊට පිටිපස්සෙන් ගලන ඇලට වැටුණ.

මෙච්චර වෙලා කරබාගෙන හිටපු විවියන් ග්‍රෙග් තෝමස්ට මෙහෙම කිව්වා. ”උඹ බෝලේ පාටයි හැඩෙයි බරයි ඔක්කොම දන්නවනේ… දැන් ගිහිල්ල අහුලාගෙන වරෙං”.

ඒක තමයි ක්‍රිකට් වල ශ්‍රේෂ්ටයෙක්ගේ ආරම්භය…ගොඩක් වෙලාවට බොහොමයක් ශ්‍රේෂ්ටයින්ගේ ආරම්භය.

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...