මාඝාත හඳගම වියමන අදටත් වලංගු එකක්

Share post:

1989 පෙන්වපු මාඝාත ඊයෙ එල්ෆින්ස්ටන් රඟහලේ යළි වේදිකාගත වුණා. අසෝක හඳගම රංග කාර්යය මෙදා අධ්‍යක්ෂණය කළේ ප්‍රසාද් සූරිය ආරච්චි. මේ රසික සටහන ඒ වෙනුවෙන්..
ධවල භීෂණ, යක්ෂාගමනය, ඔත්තුකාරයා එවකට නරඹා තිබුණත්, ලියුම්කරු එකල මාඝාත නරඹා නෑ. එනිසාම, ඊයේ රංගය විඳින අතරේ 89 සංදර්භය ඇතුලේ ඒ ඒ දර්ශන වර නැගුණ හැටි ඉබේම අනුමාන වුණා. මේක එච්චර සැරයි.

මාඝාත හඳගම වියමන අදටත් වලංගු එකක්. එදා එහැම පිටින්ම මර්දනකාරී ආණ්ඩුවට විරුද්ධ නාට්‍යයක් ලෙස අර්ථකථනය වුණත්, ආණ්ඩු විරෝධී සටන්කාමී බලවේගයන්ටත් සියුම් මාත්‍රාවක විචාරයක් එහි ගැබ්ව තිබුණා.

අනෙක් අතට, අධිකරණය නමැති සංකල්පය සිය සැත් වලින්, අක්ෂරය හෝ ඇන්ටික් කඩය දක්වා විනිවිදින හඳගම සම්ප්‍රදායේ මුල්, මාඝාත හිදී මුණගැහෙනවා නොවේදැයි ලියුම්කරුට හිතුණා.

රසිකාගාරය අල්ලාගන්නා නාට්‍ය ගුණය මාඝාත තුල නොඅඩුව තිබුණා. ප්‍රවීණ නවීන නළු නිළියන් නොනැසෙන ජවයකින් අවසානය තෙක් මාඝාත ගෙන ගියා.
විශේෂයෙන්ම ප්‍රසාද් සූරිය ආරච්චි, ලංකාව තව වැඩ ගත යුතු නළුවෙක්. ඔහුගේ කටහඬම රංගායුධයක්. අධ්‍යක්ෂකවරුන්ට ඔහු අලුතින් පෙනේවා !

රෝහණ වීරසිංහ සංගීතය වගේම මාඝාත හි රංග වින්‍යාසය ප්‍රේක්ෂකාගාරය ඇද බැඳ තබාගත්තා. ප්‍රචාරකවාදී දේශපාලනය ඒ යුගයේ සලකුණක්. ඒ අතීත ලුහුඬුතාව හැරුණුකොට ගත් කල, මාඝාත, මේ යුගයේ අප ඇස් ඉදිරියේ දිගහැරුණු අවංක වේදිකා ව්‍යායාමයක්.!

විමල් කැටිපෙආරච්චි

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...