මාඝාත හඳගම වියමන අදටත් වලංගු එකක්

Share post:

1989 පෙන්වපු මාඝාත ඊයෙ එල්ෆින්ස්ටන් රඟහලේ යළි වේදිකාගත වුණා. අසෝක හඳගම රංග කාර්යය මෙදා අධ්‍යක්ෂණය කළේ ප්‍රසාද් සූරිය ආරච්චි. මේ රසික සටහන ඒ වෙනුවෙන්..
ධවල භීෂණ, යක්ෂාගමනය, ඔත්තුකාරයා එවකට නරඹා තිබුණත්, ලියුම්කරු එකල මාඝාත නරඹා නෑ. එනිසාම, ඊයේ රංගය විඳින අතරේ 89 සංදර්භය ඇතුලේ ඒ ඒ දර්ශන වර නැගුණ හැටි ඉබේම අනුමාන වුණා. මේක එච්චර සැරයි.

මාඝාත හඳගම වියමන අදටත් වලංගු එකක්. එදා එහැම පිටින්ම මර්දනකාරී ආණ්ඩුවට විරුද්ධ නාට්‍යයක් ලෙස අර්ථකථනය වුණත්, ආණ්ඩු විරෝධී සටන්කාමී බලවේගයන්ටත් සියුම් මාත්‍රාවක විචාරයක් එහි ගැබ්ව තිබුණා.

අනෙක් අතට, අධිකරණය නමැති සංකල්පය සිය සැත් වලින්, අක්ෂරය හෝ ඇන්ටික් කඩය දක්වා විනිවිදින හඳගම සම්ප්‍රදායේ මුල්, මාඝාත හිදී මුණගැහෙනවා නොවේදැයි ලියුම්කරුට හිතුණා.

රසිකාගාරය අල්ලාගන්නා නාට්‍ය ගුණය මාඝාත තුල නොඅඩුව තිබුණා. ප්‍රවීණ නවීන නළු නිළියන් නොනැසෙන ජවයකින් අවසානය තෙක් මාඝාත ගෙන ගියා.
විශේෂයෙන්ම ප්‍රසාද් සූරිය ආරච්චි, ලංකාව තව වැඩ ගත යුතු නළුවෙක්. ඔහුගේ කටහඬම රංගායුධයක්. අධ්‍යක්ෂකවරුන්ට ඔහු අලුතින් පෙනේවා !

රෝහණ වීරසිංහ සංගීතය වගේම මාඝාත හි රංග වින්‍යාසය ප්‍රේක්ෂකාගාරය ඇද බැඳ තබාගත්තා. ප්‍රචාරකවාදී දේශපාලනය ඒ යුගයේ සලකුණක්. ඒ අතීත ලුහුඬුතාව හැරුණුකොට ගත් කල, මාඝාත, මේ යුගයේ අප ඇස් ඉදිරියේ දිගහැරුණු අවංක වේදිකා ව්‍යායාමයක්.!

විමල් කැටිපෙආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...