‘රිඩිලි ස්කොට්ගේ නැපෝලියන් සාර්ථකද?’

Share post:

සර් රිඩිලි ස්කොටි කියන්නේ මම වඩාත් ප්‍රිය කරන සිනමාකරුවෙක්. රිඩිලි ස්කොටිගේ සිනමා නිර්මාණ බොහෝමයක් ⁣ඓතිහාසික ශානරයට අයත් චිත්‍රපට වීම සුවිශේෂී. ඔහුගේ චිත්‍රපට ලැයිස්තුව දෙස බැලු කල හොලිවුඩයේ සිටින අන් සිනමාකරුවන්ට වඩා විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරයෙක් බව පැහැදිලිය. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර ”Alien’, “Blade Runner”, “Gladiator”, “Black Hawk down”, ” Kindon of Heaven”, “American Gangster”, “The Martian” Exodus ; Gods and kings “, “Prometheus” සහ “The Last Duel” ඔහුගේ දැවැන්ත නිර්මාණ අතර වෙයි. “ග්ලැඩියේටර්” සහ “කින්ග්ඩමි ඔෆ් හෙවන්” යනු ස්කොටි අතින් බිහි වූ විශිෂ්ටවූත් අද්විතීයවූත් ඓතිහාසික ශානරයේ චිත්‍රපට ද්විත්වයක් වෙයි.

රිඩිලි ස්කොටි විසින් ගිය වසරේ අධ්‍යක්ෂණය කළ ‘නැපෝලියන්’ චිත්‍රපටය අසාර්ථක නිර්මාණයක් බව බොහෝ විචාරකයන් සේම ප්‍රේක්ෂකයන්ද පවසනවා. ඊට එකඟවිය හැකි කාරණා කිහිපයක් පෞද්ගලිකවම මට ද තිබෙි. පැය දෙකයි විනාඩි 38ක ධාවන කාලයකින් යුතු ‘නැපෝලියන්’ චිත්‍රපටයේ නැපෝලියන් බොනපාටි වැනි ලෝකයේ එතෙක් මෙතෙක් සිටි තීක්ෂණ බුද්ධියෙන් හෙබි හමුදා නායකයකුගේ චරිතාපදානය හරියාකාරව ග්‍රහණයට හසු කරගෙන නැත. මා මෙහි සඳහන් කරන්නේ නැපෝලියන් බොනපාටි පිළිබඳ ඓතිහාසික වශයෙන් කරුණු වාර්තා කිරීම නිවරද්‍යතාවය(Historical Accuracy) පිළිබඳ ගැටලුව නමි නොවෙි. නැපෝලියන්ගේ ⁣ජන ජිවිතය පිළිබඳ මිථ්‍යා මත රැසකින් පිරී තිබෙි. මාරි ඇන්ටොනයිටි බිසව ගිලටීනයට බෙල්ල තබන අවස්ථාවෙි නැපෝලියන් බොනපාටි සිටියේද? නැත්ද යන්න පිළිබඳ හරියටම කිව හැක්කේ කාටද? පිටුවක ලියු පමණින් ඉතිහාසය නිවැරදි යැයි පිළිගැනීමට තරමි අප ඉක්මන් නොවිය යුතුය.

”නැපෝලියන් මිය යනවා. එතකොට අවුරුදු දහයකට පස්සේ කවුරුහරි පොතක් ලියනවා. ඊට පස්සේ කවුරුහරි ඒ පොත අරගෙන තව පොතක් ලියනවා, ඉතින් අවුරුදු 400කට පස්සේ [ඉතිහාස පොත්වල] පරිකල්පන, මිථ්‍යා කතා ගොඩක් තියෙනවා. මට ඉතිහාසඥයන් එක්ක ප්‍රශ්න ඇති වුණාම. මම අහනවා මෙහෙම දෙයක්. ‘සමාවෙන්න, මිත්‍රයා, ඔබ ඒ කාලයේ එතන සිටියාද? නැහැ නේද? හොඳයි, එහෙනම් කට වහගන්න. නැපෝලියන් චිත්‍රපටය විවෙිචනය කළ ප්‍රංශ විවේචකයන්ට ප්‍රතිචාර දක්වමින් ස්කොට් එසේ ප්‍රකාශ කරනවා.”

රිඩිලි ස්කොටි චිත්‍රපටය පුරාවටම නැපෝලියන්ගේ පෞද්ගලික ජීවිතයේ දුර්වලතා සහ ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් චිත්‍රපටයට ගෙන එනවා. ඔහු අධිරාජ්‍යයක් ලෙස සටහන් වීම සහ ඔහු සටන් භුමිය තුළ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ ආකාරය, නායකත්ව ලක්ෂණ ඔිනැකමින් මෙන් රිඩිලි චිත්‍රපටය තුළ සටහන් කර නැති බවයි මගේ අදහස. ස්කොටි යනු එංගලන්ත ජාතිකයෙකි. චිත්‍රපටය තුළ නැපෝලියන් එංගලන්තය පිළිබඳ පක්ෂපාතිබවින් යුතුව චිත්‍රපටය ස්ථානගත කරන්නේ එංගලන්තයට කත් ඇදීමකි. යුධ කලාව යනු කුමක්දැයි ලොවට ඉගැන් වූ නැපෝලියන් වැන්නකුගෙන් අපට ගත හැකි දෙය ⁣හුදෙක් තම ප්‍රියමිබිකාව වූ ජොසෆින්ගේ දික්කසාදය පමණක්ද? යැයි මට පෞද්ගලිකව චිත්‍රපටය තුළින් අසන්නට ඇත. නැපෝලියන් සිදු කළ සටන් මාලාව පිළිබඳ නිරූපණය තුළින් ස්කොටිගෙන් දෘෂ්ටි පැහැදිලි වෙි. නැපෝලියන් නමැති චරිතය සමඟ ස්කොටිගේ එකඟතාවයක් නොමැත.

ස්කොටි නැපෝලියන් චරිතය පිළිබඳ වාර්තා කරන්නේ පක්ෂපාත දෘෂ්ටියකිනි. එනමි නැපෝලියන් නමැති චරිතය ඉතිහාසය තුළ ලියවිය යුත්තේ මිනිස් ඝාතකයෙකු ලෙස බව ස්කොට් චිත්‍රපටය තුළින් හඟවන්නට උත්සාහ කිරීම අරමුණු කරයි. ස්කොටි සමඟ එකඟවනවාද? නැත්ද? යන්න සබුද්ධික ප්‍රේක්ෂකයාගේ කාර්යභාරයයි. නැපෝලියන් බොනපාටිගේ චරිත නිරූපණය කරන සමිමානනීය නළු Joaquin Phoenixගේ නිරූපණය තුළින් නැපෝලියන් චරිතය ඉස්මතුවීමට වඩා Joaquin Phoenix කියන නළුවා ඉස්මතු වී පෙනුණි. නැපෝලියන් චරිතයට වෙන නළුවකු පිළිබඳ රිඩිලිට සිතන්නට තිබුණා. ජොසෆින්ගේ චරිතය නිරූපණය කළ ‘වැනේසා කර්බිගේ’ රංගනය ඉතාම ප්‍රශස්ත මට්ටමක තිබුණා. චිත්‍රපටය තුළ සිනමාත්මක වශයෙන් ගත් කළ වර්ණ සංයෝජනය, සංස්කරණය, සිනමාකරණය,ඇඳුමි, පැළඳුමි නිර්මාණය සහ පසුතල නිර්මාණය තුළින් නැපෝලියන් සිටි යුගය පිළිබඳ දෘෂ්‍ය මුලාශ්‍රයක් ලෙස ක්‍රියා කරනවා. එය අතිශය වැදගත් වෙි. සමස්තයක් වශයෙන් ගත් කළ රිඩිලි නිර්මාණය කළ අනෙකුත් චිත්‍රපටවලට සාපේක්ෂව නැපෝලියන් යනු අසාර්ථක නිර්මාණයකි. දුර්වල නිර්මාණයකි.

මලින්ත විතානගේ

Related articles

ස්ටෙයින්බෙක්ගේ විශිෂ්ට නිර්මාණයන් අතර The Grapes of Wrath

John Steinbeck කියන්නෙ ඇමෙරිකානු සාහිත්‍යයේ දැවැන්ත සාහිත්‍ය පෞරුෂයක් ලෙස හදුන්වන්න පුළුවන්. 1962 වසරෙදි නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත්තේ ස්ටෙයින්බෙක්...

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන...

‘මේ ගසට ගල් ගසන්න’ යළි යළි කියවන්නට පොළඹවන මත දනවනා කවි එකතුවකි

මේ ගසට ගල් ගසන්න - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි...

කටුනායක වීසා ප්‍රශ්නය : මාර්තු මාසයේ අපි කිව්වේ මෙහෙමයි : ඇමැති ටිරාන්ගේ වැඩක් – ඉන්දියාව සම්බන්ධ නෑලු !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව...