ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක්

Share post:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වෙනවා. ඒ, තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගනිමින්. මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදීම ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්. තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ලකුණු 79කින් ජයගත් අතර දෙවන තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජය ගත්තා. දෙපිල අතර පැවති තීරණාත්මක තුන්වන සහ අවසන් 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක සුපිරි ජයක් හිමිවුණා. චමරි අතපත්තු ලකුණු 73ක් සහ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

චමරිගේ විශිෂ්ට නායකත්වයෙන් යුත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශීඝ්‍ර දියුණුවක් ලබමින් මෑත කාලය පුරාවට විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලක්මවට උරුම කර දෙනු ලැබුවා. චමරිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු අනුශූරතාවයට හිමිකම් කියනු ලැබුවා. එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී 20යි 20 තරගාවලියක් ජය ගත්තා. ඊට අමතරව නවසීලන්තයට එරෙහිව 20යි 20 තරගයක් ජය ගැනීමට සමත් වුණා. ඒ වගේම එම සංචාරයේදී නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමටත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙනවා.

ජයග්‍රහණ නොමැතිව කාගේත් අවධානයක් නොමැතිව තිබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන දැන් හැමෝම කතා කරන තැනට ඔසවා තැබූ නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ කණ්ඩායමේ සාමාජිකාවන්ටත් පුහුණු කාර්යමණ්ඩලයටත්, තේරීම් කමිටුවටත් අපගේ ප්‍රණාමය..!

චතුරංග රාජපක්ෂ(fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...