ශාස්ත්‍රීය කතිකාව නැවත පණගැන්වීමේ අරමුණින් “සොළොස්මාන ” ත්‍රෛමාසික සඟරාව

Share post:

මාවත , විමසුම , රාවය , විවරණ , දියැස , විකල්ප , ලන්ඩන් , යාත්‍රා , මාතොට , බලය , සිනෙසිත් , LLP ( මතකයේ තිබෙන සගරා නාම පමණි ) ආදී විකල්ප අදහස් මතවාද සංවාදයට ගෙන ආ සඟරා සැලකිය යුතු ප්‍රමාණයක් 1990 දශකය වනතෙක්ම කඩින්කඩ හෝ පලවිය. අපගේ පාසැල්විය සේම තරුණවිය සුපිෂ්පිත කල ඒ සඟරා පසුගිය දශක දෙක තුන තුල අභාවයට ගියේය. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය පලකරන ප්‍රවාද සහ ආචාර්ය සසංක පෙරේරාගේ මූලිකත්වයෙන් පලවන පඨීත සගරාවත් දැනට විකල්ප මතවාද රැගෙන කාලානුරූපීව පලවෙයි .

එවන් අභියෝගාත්මක සමාජ පසුබිමක තිඹිරියාගම බණ්ඩාර ( තිඹිරි ) විසින් “සොළොස්මාන ” ත්‍රෛයිමාසික සඟරාවේ පලමු කළාපය (2024 ජනවාරි – මාර්තු ) එළිදක්වා ඇත. මේ සඟරාව එළිදක්වන බව මුහුණු පොතේ සංසරණය වු පෝස්ටුවකින් ප්‍රචාරය විය. බහුමානීය කියවීමක් ගොඩනැගීමේ , ශාස්ත්‍රීය සම්භාෂණය පවත්වාගැනීමේ වගේම මෑත දශකවල පසුබෑමකට ලක්වූ ශාස්ත්‍රීය කතිකාව නැවත පණගැන්වීමේ අරමුණින් මේ “සොළොස්මාන ” ත්‍රෛයිමාසික සඟරාව ප්‍රකාශයට පත්කරයි. ඇත්තටම තිඹිරි අතගසා ඇත්තේ අති දුෂ්කර කාර්යයකටය .

සොළොස්මාන පලමු සඟරා කලාපය ලිපි නවයකින් කාව්‍ය හතරකින් යුතු අතර මහාචාර්ය ගණනාථ ඔබේසේකර ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය වෙනුවෙන් විශේෂයෙන්ම වෙන්කර ඇත. නුතන ලංකාවේ එෛතිහාසික විකාශනය තේරුම් ගැනීමට ගණනාථ ගේ කෘතීන්වල වැදගත්කම ගැන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ද , ගණනාථ ගෙන් ලද ශාස්ත්‍රීය අනුප්‍රාණය ගැන විශ්‍රාමික මහාචාර්ය ජයදේව උයන්ගොඩ , ලාංකීය බුදුදහම ගැන ගණනාථ ගේ අධ්‍යනය ගැන කෞශල්‍ය කුමාරසිංහ විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරති.

” විශ්ව විද්‍යාලය යනු කුමක්ද ” මැයෙන් යුතු කෘතිය රචනා කල මහාචාර්ය ලියනගේ අමරකීර්ති ” සරසවි පියසමර – විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ සාකල්‍යවාදී හරය නැවත සොයාගැනීම ” ලිපිය සම්පාදනය කර ඇත. විශේෂයෙන්ම ලංකා විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම පිණිස පැවති 1906 ජනවාරි 19 වෙනිදා පලමු රැස්වීමේදී පොන්නම්බලම් අරුනාචලම් විසින් පැවැත්වූ දේශනය පදනම් කරගෙන විශ්ව විද්‍යාලය සහ ශාස්ත්‍රවන්තයන් බිහිකිරීමේ අවශ්‍යතාවය ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කරයි.

ප්‍රකට ජනකලා විශේෂයක් වන කෝලම් නාට්‍ය සම්ප්‍රදාය එහි සමාජ මනෝ ප්‍රතිකාරමය ගුණය ගැන ලිපියක් විශන්ක ගුණවර්ධන ඉංග්‍රීසිය බසින් සම්පාදනය කර ඇත. මහාචාර්ය ලියනගේ අමරකීර්ති , දයානන්ද කුලසේකර සහ ආනන්ද ස්ටීවන් තිදෙනාගේ එකතුවෙන් ” ලාල් විජේනායක- ජීවිතය සහ දේශපාලනය ” නමින් අදටත් ක්‍රියාකාරීව වාමාංශික දේශපාලනයේ නිරත ලාල් විජේනායකගේ චරිතාපදාන කෘතිය ගැන චන්ද්‍රරත්න බංඩාර ලියු විචාරයත් සුමනා විජේරත්න ගේ ” කතා කරන මහවැව ” නම් කෘතිය ගැන තිඹිරියාගම බණ්ඩාර ලියූ විචාරයත් සොළොස්මාන සගරාවේ විචිත්‍රත්වය පෝෂණය කරයි.
චිලී ජාතික කවියෙක් සාහිත්‍යධරයෙක් වගේම තානාපතිවරයෙක් වූ පැබ්ලෝ නෙරූඩා ගේ ලංකාවේ ගතකල ජීවිතය ගැන ලිපියක් ” නෙරූඩා සහ ඔහුගේ දියණිය ” නමින් ඇත. ඔහුට දාව තංගම්මා ලද දියණිය ගැන අතීත මතක ඇසුරින් වෛද්‍ය කුමාර ගුණවර්ධන විසින් ඉංග්‍රීසි බසින් ලියු ලිපියේ සිංහලයට නගා ඇත්තේ එම්. එස් ජයනායක විසිනි. හයිකු කාව්‍ය සම්ප්‍රදායේ පුරෝගාමිකයෙක් වන මත්සුඕ බෂෝ ගේ හයිකු කවියක පදරුත් වසන්ත නිවුන්හැල්ල ලියා ඇත. රත්න ශ්‍රී විජේසිංහගේ , චින්තක සමන් හේරත් සහ නදුන් යසිත දසනායක ගේ කාව්‍යයන් ද දෙ.වි.ගාල්ලගේ ගේ පරිවර්තිත කවියක් ද මෙම කලාපයේ අන්තර්ගතය.

” සොළොස්මාන ” දෙවන කලාපය ( අප්‍රේල් – ජූනි ) වෙන්වන්නේ මහාචාර්ය කුමාරි ජයවර්ධන වෙනුවෙනි. තිඹිරියාගම බණ්ඩාර ගේ මෙම අපරිමිත උත්සාහයට අප උදව් කල යුතුය. සඟරාවේ මිල රුපියල් හාරසියයක් වුවත් එයින් අපට ලබාදෙන දැනුම් සම්භාරය අතිමහත්ය . අප්‍රමාණය .

(තිඹිරිට කතාකරන්න ) 0710386339

තිස්ස කුමාර (fb)

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...