2023 පෙබරවාරි 16 සිට 26 දක්වා පැවති ජර්මනියේ 73 වන බර් ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විචාරක සමිමානය දිනාගත්තේ ලන්දේසි-ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂක Rolf de Heer ගේ The Survival of Kindness චිත්‍රපටියයි. එහි කිසිදු උපසිරසියක් නැත මක්නිසාද එහි ඇත්තේ සීමිත වචන ටිකකි එය ඉරියවි හා හැගීමි මත ගොඩනැගුනු නිර්මාණයකි.
චිත්‍රපටියේ එකම ප්‍රධාන චරිතය වු කුඩුවක සිරකරන ලද කලු ගැහැණියගේ චරිතය රගපෑවේ රංගන යනු කුමක්දැයි නොදත්තා පමණක් නොව සිනමාව යනු කුමක්දැයිවත් නොදන්නා එක් ගැහැණියක විසිනි, මක්නිසාද චිත්‍රපටයක ප්‍රධාන චරිතයක රගපෑමට පෙර කිසි දිනෙක ඇය සිනමා ශාලාවකට පය තබා නොතිබුණි. ඇය ජීවත්වු කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) ඇය ඡීවත්වු ගමෙි සිනමා ශාලා තිබුණේ නැත.
අප කතාකරන්නේ චිත්‍රපටිය ගැන නොව සිනමා උළෙලේ සියලුම විචාරකයන්ගේ පැසසුමට ලක්වුණු ඒ අසාමාන්‍ය රංගවේදිනිය ගැනයි. එසේත් නැත්නමි ම්වජාමි හුසේන් Mwajemi Hussein ගේ ජීවිතය ගැනයි.
සිනමා උළෙල නිමා වීමෙන් අණතුරුව ඇයව වටකරගත් ජාත්‍යන්තර මාධ්‍ය අතුරින් ඇය theguardian පුවත් පතට විශේෂ අනුග්‍රහයක් දක්වා තිබිනි. මෙි එහි සමහර උපුටනයන්ය.
කිසිදා රංගනයක නොයෙදුනු මට ඔවුන් දුන් චිත්‍රපටියේ පිටපත කියවු පසු . “මම කතාවට කැමති වුණා. මේ කලු ගැහැණියගෙන් මා දුටුවේ මාවමයි මක්නිසාද “වෙනස් කොට සැලකීම, නොසලකා හැරීම, එය මගේ ජීවිත අත්දැකීමේ කොටසක් වන බැවිනි.”
හුසේන් ජීවත් වී ඇත්තේ ඇගේ ජීවිතය කම්පනයෙන් පුරවා දැමු සමාජයකය. ඔබට ඇගේ ජීවිතය ගැන චිත්‍රපට දුසිමක් කළ හැකිය. ඇය හැදී වැඩුණේ කොංගෝහි හි දකුණු කිවු කලාපයේ දුප්පත් පවුලක ය. ඇයට වයස අවුරුදු 13 දී ඇගේ මවගේ සහ පියාගේ පවුල් අතර වාර්ගික ගැටුමක් ඇති විය. “ඔවුන් අපිව, විශේෂයෙන්ම මාව මරන්නයි හිටියේ.” ඇගේ පියා හුසේන් සහ ඇගේ බාල සොහොයුරිය දින තුනක් වනාන්තරය මැදින් වෙනත් ගමක ආරක්ෂිත ස්ථානයකට ගොස් ඔවුන්ව මිතුරෙකුගේ භාරයට පත් කළේය. “අවාසනාවකට, මගේ තාත්තා ආයි ගමට ගියපු වෙලාවේ උන් එයාව මැරුවා.”
නව ගම්මානයේ හුසේන් අලුත් භාෂාවක් ඉගෙන ගෙන අලුත් ජීවිතයක් ආරම්භ කළාය තාත්තාගේ මිතුරා සහ ඔහුගේ බිරිද ඇයට දෙමවුපියන් විය පාසැල ගැහැණු ළමයින්ට තහනම් කලාපයක් වුවද ඇය නොපසුබස්නා ධෛර්ය පෙර දැරිව උසස්පෙල දක්වා පැමිනියාය.
උසස් පාසලේදී ඇයට ඇගේ සැමියා මුණගැසුණු අතර 1996 සිවිල් යුද්ධය ආරම්භ වූ විට ඇය කුඩා දරුවන් තිදෙනෙකුගේ මවක් විය. ඇගේ පවුල තුළ පැරණි ජනවාර්ගික ගැටුම යළිත් ඇවිළිණි. එබැවින් හුසේන් ඇගේ සැමියා සහ දරුවන් සමඟ වනාන්තරයට පලා ගියාය – ඇගේ බාල දියණියට එවිට මාස තුනක් පමණි.
“වනාන්තරයේ ජීවිතය ඉතා දුෂ්කර විය: මැලේරියාව, ආහාර කිසිවක් නැත.” ඔවුන් අතහැර දැමූ ගොවිපලවල්වල නෙළන ලද මඤ්ඤොක්කා අනුභව කළහ. මාස තුනකට පසු, හුසේන් සහ ඇගේ සැමියා ටැන්සානියාවේ සරණාගත කඳවුරකට පලා යාමට තීරණය කළහ. එහෙත් ඒ මොහොතේ අසල ගමකට පහර දීමකදී හුසේන් සහ සැමියා මරබයෙන් දුවද්දී එකිනෙකාගෙන් වෙන්විය ” , ඇගේ ළදරු දියණිය ඇගේ අතේ තබාගෙන හුසේන් තවදුරටත් පලා ගියාය.
‘ ඒක කෙතරම් භයානකද යන්න මට සිතාගත නොහැක. “එය ඉතා දුෂ්කර විය. ඒක ලේසි වුණේ නැහැ.” මට මුදල් නොතිබුණත් ටැන්සානියාවට බෝට්ටුවෙන් යන්න මම මගේ ඇදුමි හුවමාරු කලා. මාස තුනකට පසු ටැන්සානියාවේදී ඇය තම සැමියා සහ වැඩිමහල් දරුවන් දෙදෙනා නැවත එක්විය.
රැඳවුම් මධ්‍යස්ථානයක මාස කිහිපයකට පසු, ඔවුන් අලුතින් විවෘත කරන ලද සරණාගත කඳවුරකට පැමිණ කූඩාරමක් භාර දෙන ලදී. “මුලදී භයානක දෙය වූයේ ජලයයි. වතුර තිබුණේම නැහැ.” සෑම දිනකම ඇය පාන්දර හතරේ හෝ පහේ සිට පෝලිමේ පැය පහක් සිටියේ එක වතුර බාල්දියක් සඳහා ය.
සරණාගත කදවුර දරුවන්ගේ ළමා නිවස වූ අතර බාලයා එහි උපත ලැබීය. උසස් පාසැල් අධ්‍යාපනයක් ලබා ගැනීමට හුසේන්ගේ පෙර අධිෂ්ඨානය සාර්ථක විය: ඇයට සරණාගත කාන්තාවන්ට කියවීමට උගන්වන සාක්ෂරතා වැඩසටහනක කළමනාකරුවෙකු ලෙස රැකියාවක් ලැබුණි.
සරණාගත තදවුරේ දුක්ඛිත අට අවුරුදු ජීවිතයකට පසු ඇයට සහ ඇයගේ පවුලට ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය ලබා දෙන ලදී. නමුත් තවමත්, ඇය පවසන පරිදි, ඇය සැමවිටම ආරක්ෂිත බවක් දැනෙන්නේ නැත. “ඔබට කළු සමක් ඇති විට, ඔබට ආරක්ෂිත බවක් දැනෙන්නේ නැත මම පාරේ පරිස්සමින් ඇවිදන් යන්නෙ මා වෙත අනිත් අයගේ අවධානය යොමු නොකරන්නයි මොකද මම යමකට තට්ටු කරන විට එහි, ශබ්දයක් නිකුත් කරන විට, මිනිසුන්ට පෙනෙන්නේ මගේ සමේ වර්ණයයි “‘ අර බලන්නකො අර සරාණාගතය දිහෑ ! බලන්න බලන්න එයා කලු ගෑණියෙක් ! අනේ අර අප්‍රිකානු ගෑණි දිහා බලන්නකො! ඔන්න ඔය විදිහට’ ඇගේ පවුලේ සැමට හැඟෙන්නේ එලෙසය. “ මෙි කාරණාව නිසා අපි කරන දේ ගැන අපි ගොඩක් කල්පනාවෙන් ඉන්නවා. අපි ගොඩක් පරිස්සම් වෙනවා. අපි ඕස්ට්‍රේලියාවේ ආරක්ෂිතයි තමයි නමුත් කෙසේ හෝ අපට එම ආරක්ෂිත බව දැනෙන්නෙ නෑ ‘
චිත්‍රපටියෙ ආරමිභයේ තියෙනව කිලෝමීටර 3 ක දුරක් නගින කන්දක් කන්ද නැග්ගට පස්සෙ කාර්ය මණ්ඩලය අහනව විවේකයක් ගමු නේද දැන් ?. ඇගේ පිළිතුර සෑම විටම නෑ අවශ්‍ය නෑ . ‘‘ මොකද මට ලේසියෙන් මහන්සි දැනෙන්නෙ නෑ “මම ඉපදුනේම එහෙමයි” ඒත් . “මට යමක් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම්, මාව නතර කිරීමට කිසිදු ක්‍රමයක් නෑ.”
සිනමා උළෙළ අවසානයේ රොයිටර් පුවත් සේවය මගෙන් ඇහුව මෙහෙම
‘‘ ඔබ කොහොමද සපත්තු දෙකක් නැතිව නිරුවත් දෙපයින් අර කන්ද නැග්ගෙ අර ගල් ගොඩවල්වල ගියේ ?
‘‘ මගේ ජීවිතයේ මට සෙරෙප්පු තියා කන්න බොන්නවත් තිබුනෙ නෑ. ඒක මට ස්වාභාවික දෙයක් මගේ ජීවිතේ හැඩ ගැහුනෙ සෙරෙප්පු සපත්තු නැතිව ‘ ඒ වගේම මට මෙි ටික කියන්න ඕන.
‘‘ “අපි එකිනෙකා තවමත් හදුනන්නේ නැත. නමුදු යමෙකු තුළ හොද වටිනා දෙයක් දුටුවහොත් ඔවුන්ව දිරිමත් කරන්න. අපට ලෝකය වඩා හොඳ තැනක් කළ හැක්කේ අන්න එලෙසයි,”