අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

Share post:

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2026 වර්ෂය සඳහා වන වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ජූනි 30 බවයි.

විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙවර සියලුම ප්‍රකාශයන් විද්‍යුත් ක්‍රමවේදය (e-Assets Format) ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු අතර, අතින් සම්පූර්ණ කරන ලද ප්‍රකාශයන් භාර නොගන්නා බව ද කොමිෂන් සභාව අවධාරණය කරයි.

ඒ අනුව, http://www.ciaboc.gov.lk නිල වෙබ් අඩවියට පිවිස ප්‍රමාදයකින් තොරව තම දත්ත ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසත්, නියමිත දිනට පසුව ඉදිරිපත් කරන්නන් සඳහා දූෂණ විරෝධී පනත ප්‍රකාරව අධිභාරයන් සහ නෛතික පියවරයන් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජූනි මස අවසාන දිනවලදී පද්ධතියට එකවර විශාල පිරිසක් පිවිසීම හේතුවෙන් ජාලයේ ඇති විය හැකි තදබදය මගහරවා ගැනීම සඳහා නිලධාරීන් කල්තියා ක්‍රියාත්මක වීමේ වැදගත්කම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවධාරණය කරයි. ඒ අනුව, අවසාන මොහොත වන තෙක් ප්‍රමාද නොවී තම වත්කම් ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙස එම කොමිෂන් සභාව සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මෙය තාක්ෂණික ගැටලු මගහරවා ගනිමින් නියමිත කාලසීමාව තුළ වගකීම් ඉටු කිරීමට මහෝපකාරී වනු ඇත.

නියමිත දිනට වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් ලෙස සලකනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් දැඩි නෛතික පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සූදානමින් සිටී.

දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව, ජූනි 30 වැනිදා වන විට සිය ප්‍රකාශ ඉදිරිපත් නොකරන නිලධාරීන් විශේෂ අධිභාරයකට (Surcharge) යටත් වීමට සිදු වේ. මීට අමතරව, නීතිමය අවශ්‍යතාවයන් පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ අනෙකුත් නෛතික ක්‍රියාමාර්ග ද දැඩිව ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව අවධාරණය කරයි.

Related articles

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

දූෂණ නඩු විභාග කිරීමේදී ඉහළ අවදානමක් !

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුගේ මරණය මහජන සාකච්ඡාවට හා සැකයට හේතු වී තිබේ. මූල්‍යමය...

79 වැනි කාන් සිනමා උළෙලේ විශේෂ ගෞරව සම්මානය හොලිවුඩ් සුපිරි නළුවකුට !

79 වැනි කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී පිදෙන විශේෂ ගෞරව සම්මානය ( Honorary Palme d'Or ) මෙවර...