රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

Share post:

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි. මොහු මධ්‍යකාලීන එනම්, 11 / 12 වැනි සියවස්හි දී ෂර්වුඩ් වනාන්තර ( Forest of Sherwood ) තමාගේ අඩවිය කරගෙන තම කණ්ඩායම සමගින් බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයෙන් හා එහි නිළධාරිවාදයෙන් අතිශයින්ම පීඩාවට පත් අන්ත-අසරණ ජනතාව වෙනුවෙන් රාජාණ්ඩුවට එරෙහිව කැරලි ගැසීය. එහෙයින් මොහු ඇතුළුව කණ්ඩායම නීතියෙන් පිටස්තරයන් ( Outlow’s ) ලෙස හංවඩූ ගසන ලද අතර දුටුතැන අත්අඩංගුවට ගැනීමට රාජනියෝග ලබැ සිටියේ ය.

ශ්‍රීලාංකේය සමාජයට රොබින් හුඩ් පිළිබඳව මා අමතුවෙන් කිවයුතු නැත. මගේ පරපුරේ ළමා- සංධිය ගතකරන ලද උදවිය රොබින් හුඩ් යනු කවරකුද හාපුරා කියා දැනකියා ගත්තේ ඔහු පිළිබඳව රචිත කතාන්දර පොත්වලින් හා අසූව දශකයේ බ්‍රිතාන්‍යයේ HTV නාලිකාව විසින් නිෂ්පාදනය කොට විකාශනය කරන ලද ලොව අතිශයින්ම ජනප්‍රිය වූ Robin Hood of Sherwood – 1981 නැමති ලෝප්‍රකට ටෙලිනාට්‍යයෙනි. එදවසෙහි අපේ සදාදරණීය “ටයි මාමා” ( ජ්‍යේෂ්ඨ චිත්‍රපට සංස්කාරක හා අධ්‍යක්ෂකක ටයිටස් තොටවත්ත මහතා ) විසින් සිංහලෙන් හඬකවා “ෂර්වුඩයේ රොබින් හුඩ්” යන නමින් ජාතික රූපවාහිනිය මගින් සෑම ශනි දිනකම රාත්‍රි 7.00 – 8.00 දක්වා විකාශය කරන ලදි. එදවස සොඳුරුතමයැ. ඒ සොඳුරු අතීතය ඔබට මතක ද ?
රොබින් හුඩ් චරිතය අළලා චිත්‍රපට නිර්මාණය කිරීමේ ඉතිහාසය තිහේ දශකය දක්වා දිවයන බව කිවයුතුය. එනම් ඒ පළමු පියවර The Adventures of Robin Hood – 1938 කලු / සුදු චිත්‍රපට යි. එදාමෙදාතුර රොබින් හුඩ් චරිතය පාදක කරගෙන බොහෝ චිත්‍රපට නිෂ්පාදනය වී ඇති අතර ඒවායින් කලාත්මක චිත්‍රපට කීපයක් උදාහරණ ලෙස පහත සදහන් කරමි.

The Adventures of Robin Hood (1938): Sets the standard for the legend rather than history, focusing on the Saxon-vs-Norman conflict, which had largely faded by the late 12th century.

Disney’s Robin Hood (1973): Simplifies history but surprisingly captures the era’s “beast fable” storytelling style and uses authentic aesthetic elements like timber halls

Robin Hood: Prince of Thieves (1991): Highly inaccurate. Features anachronistic costumes (leather trousers, mullets), impossible archery feats, and misrepresents friars and Jewish names.

Ridley Scott’s Robin Hood (2010): Focuses on gritty realism but misses the mark historically. The plot involves events that did not happen during King John’s reign (e.g., final battle), and the costumes, while gritty, are technically inaccurate.

රොබින් හුඩ් චිත්‍රපට ඉතිහාසයට එක්වන නවතම චිත්‍රපටය වනුයේ The Death of Robin Hood – 2026 ය. මෙය තිර – රචනය කොට අධ්‍යක්ෂණය කර ඇත්තේ ඇමෙරිකානු ජාතික තුරුණු අධ්‍යක්ෂකවරයකු වන මයිකල් ස්ර්නොස්කි ( Michael Sarnoski / 1995 ) විසිනි.
The Death of Robin Hood චිත්‍රපටය සෙසු රොබින් හුඩ් චිත්‍රපටවලට වඩා වෙනස් මගක් ගනුයේ මෙමගින් කතාබහ කරනුයේ රොබින් හුඩ්ගේ සුරුවිරුකම් නොව ඔහුගේ ජීවිතයේ පශ්චාත් අවදයේ වූ මනෝමය පශ්චාත්තාපය බව කියැවේ. මෙහි රොබින් හුඩ්ගේ චරිතය නිරූපණය කරනුයේ ඕස්ට්‍රේලියානු ජාතික සුපිරු නළුවකු වූ හියු ජැක්මන් ( Hugh Jackman / 1968 ) ය.
චිත්‍රපටයේ නාමාවලිය :

The Death of Robin – Hood 2026
Directed by Michael Sarnoski
Written by Michael Sarnoski

Based on
Robin Hood’s Death
by Anonymous

Produced by
Aaron Ryder
Andrew Swett
Alexander Black
Hugh Jackman

Starring
Hugh Jackman
Jodie Comer
Bill Skarsgård
Murray Bartlett
Noah Jupe

Cinematography Pat Scola
Edited by Andrew Mondshein
Music by Jim Ghedi
Production Companies
Lyrical Media
RPC
Distributed by
A24
Release Dates
June 12, 2026 (Sydney Film Festival)
June 19, 2026 (United States)
Running Time 123 minutes
Country : United States 🇺🇸
Language :English

ARRI 435 / Modern 35 mm Caméra …

විශේෂ සටහන

The Death of Robin Hood චිත්‍රපටය වර්තමාන ගෝලීය සිනමාවේ තාරුණ්‍යය නියෝජනය කරන දැවැන්ත ක්‍රියාදාම ෂානරයට අයත්වන චිත්‍රපටයක් බව කිවයුතුය. මෙය අධ්‍යක්ෂකවරයාගේ තෙවැනි චිත්‍රපට බව පෙනේ.

වර්තමාන හොලිවුඩයේ දැවැන්ත චිත්‍රපට හා සෙසු චිත්‍රපට බහුතරයක්ම රූපගත කරනුයේ විශේෂයෙන්ම නිෂ්පාදනය කළ 35mm අති – නවීන දළ – සේයාපට යොදාගනිමිනි. එහි ධාරිතාව හා ජීවගුණය Digital රූපගත කිරීමකට වඩා තුන්- ගුණයකින් වැඩි බව ලැබෙන ආරංචි මාර්ගවලට අනුව කියැවේ. මෙය චිත්‍රපට රෑපගත කිරීමට භාවිතා කර ඇත්තේ ARRI නවතම 35mm දළ-සේයාපට කැමරා වලිනි.

The Death of Robin Hood චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන මයිකල් ස්නෝස්කි තවම තිස්එක්වැනි වියෙහි පසුවන අයෙකි. වයස තිස්එකක් යන්න සිනමා අධ්‍යක්ෂණය යන කාරණාවේ දී අතිශයින්ම තාරුණ්‍යය බව කිවයුතුය. එවන් තරුණයකු දැවැන්ත හොලිවුඩ් චිත්‍රපටවලට අත – ගසයි. ඊට ලොව සුපිරිම නළු – නිළියන්ට ද තාක්ෂණය ද යොදා ගනියි. මෙන්න .. ගෝලීය තාරුණ්‍යයේ සිනමාව .
The Death of Robin Hood චිත්‍රපටය 2026 – 06 – 12 වැනිදින සිට ඇමෙරිකාව ප්‍රමුඛ ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

  1. ↩︎

Related articles

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...

දූෂණ නඩු විභාග කිරීමේදී ඉහළ අවදානමක් !

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුගේ මරණය මහජන සාකච්ඡාවට හා සැකයට හේතු වී තිබේ. මූල්‍යමය...