79 වැනි කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී පිදෙන විශේෂ ගෞරව සම්මානය ( Honorary Palme d’Or ) මෙවර හොලිවුඩ් සුපිරි නළුවකු වන ජෝන් ජෝශප් ට්‍රැවොල්ටා ( John Joseph Travolta : 1954 ) වෙත ඊයේ දින එනම් , මැයි 16 වැනිදින පැරිස් නුවරදී ප්‍රධානය කරන ලදි.
ජෝන් ට්‍රැවොල්ටා යනු හොලිවුඩයේ ඉතා ඉහළ ආදායම් තබන ලද වාණිජමය චිත්‍රපට රැසක රඟපෑ නළුවකි. ඔහු දෙවරක් පමණ ඇකඩමි හොදම නළුවා සදහා වූ සම්මානය සදහා නිර්දේශ වී ඇති නමුදු නමුදු තවම එහි සම්මානයක් හිමිකර ගැනීමට සමත්වී නොමැත. BAFTA සම්මාන උළෙලේ වසරේ හොදම නළුවාට හිමි සම්මානය සදහාද දෙවරක්ම නිර්දේශ වී ඇත්තේ ය.
ජෝන් ට්‍රැවොල්ටා රඟපෑ චිත්‍රපට
Travolta came to prominence starring in the sitcom Welcome Back, Kotter (1975–1979), followed by a supporting performance in Carrie (1976) and then leading roles in Grease (1978), Urban Cowboy (1980), and Blow Out (1981). He earned nominations for the Academy Award for Best Actor for his roles in Saturday Night Fever (1977) and Pulp Fiction (1994). His other notable films include Get Shorty (1995), Broken Arrow (1996), Michael (1996), Face/Off (1997), A Civil Action (1998), Primary Colors (1998), The General’s Daughter (1999), The Punisher (2004), Wild Hogs (2007), Hairspray (2007), Bolt (2008), and Savages (2012).
ජෝන් ට්‍රැවොල්ටා හොලිවුඩ් සුපිරි තරුවක් බවට පත්වූයේ Saturday Night Fever – 1977 සංගීතමය චිත්‍රපටයේ රඟපෑමෙනි. මෙහි ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් ඔහු 1978 ඇකඩමි සම්මාන උළෙලේ වසරේ හොදම නළුවාට ( Best Actor of the Year – 1978 ) හිමි සම්මානය සදහා පවා නිර්දේශ විය. Broken Arrow – 1996 චිත්‍රපටය ද ඔහු රඟපෑ අතිශයින්ම ඉහළම බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තබන ලද ක්‍රියාදාම චිත්‍රපටයකි.
සම්මානය සම්බන්ධව චෝදනා හා විවේචන කුමක්ද ?
කාන් විශේෂ ගෞරව සම්මානක් වන් ලොව ඉහළම ගෞරවනීය සම්මානයක් ජොන් ට්‍රැවොල්ටා වන් නළුවකුට පිරිනැමීම සුදුසුද යන්න ඇතැම් ප්‍රේක්ෂකයන්හා විචාරකයෝ ප්‍රශ්න කරති. බොහෝ විචාරකයන් 79 වැනි කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ ජූරි සභාවේ ප්සභාපති වන දකුණු කොරියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන පාක් චොන් – වෝක් ( Park Chan-wook ) ඇතුළු සමස්ත සාමාජිකයන් දැඩිලෙස විවේචනය කර තිබේ. ඊට ඔවුන් පෙන්දෙන්නේ ජෝන් ට්‍රැවොල්ටා වන් ක්‍රියාදාම නළුවකු මෙවන් විශේෂ ගෞරව සම්මානය සදහා සැබවින්ම සුදුසුද යන්නන යි. එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ජෝන් ට්‍රැවොල්ටා ට වඩා මෙම විශේෂ සම්මානයක් සදහා ඉහළම සුදුසුකම් ඇති නළුවන් ලොව කොතරම් වෙත්ද යන්නයි. මෙම සටහන තබන මමත් එම මතයේ හිඳිමි.
මීළගට තවත් විශේෂ ගෞරව සම්මානයක් ප්‍රධානය කිරීමට යෝජනා වී ඇත්තේ නවසීලන්ත ජාතික ඇකඩමි සම්මානීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ශ්‍රීමත් පීටර් ජැක්සන් ( Sir Peter Jackson : 1961 ) වෙතය . මොහු වූ කලී ලොව අතිශයින්ම ඉහළම බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තබන ලද Lord of the Rings Trilogy ( 2001–2003 ) හා Hobbit Trilogy ( 2012–2014 ) යනාදී චිත්‍රපට මාලාවන්හි අධ්‍යක්ෂකවරයා ය.
මෙම සම්මාන නිර්දේශය පිළිබදව ද බොහෝ දෙනකු කතාබහ කරන්නේ එතරම්ම ප්‍රසන්නතාවයකින් නොවන බව කිවයුතුය.
පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

සම්මානය ලබාගැනීම පැමිණ

Honorary Palme d’Or

