කොල්ලකාරී ණයට එරෙහිව වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර පෙළගැස්මක් !

Share post:

2024 මාර්තු 01 වැනිදා රටවල් 06ක් නියෝජනය කරමින්, 40කට වැඩි වෘත්තිය සමිති, බහුජන සංවිධාන, ආර්ථික විශ්ලේෂකයන්, නීතිඥයන් සහ ක්‍රියාකාරිකයන් ණය අර්බුදය සහ එය වැඩකරන ජනතාවට බලපාන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට රැස් විය.
මෙම වැඩසටහන වෘත්තිය සමිති සහ බහුජන සංවිධානවලින් සමන්විත එක්වෙමු සංවිධානය විසින් සංවිධානය කරන ලදී.


ආසියානු කලාපය පුරා රටවල ණය තත්වය එක හා සමාන බවත්, රජයන් විසින් දේශීය බලවතුන් ශක්තිමත් කරමින් වැඩකරන ජනතාව පීඩාවට පත්කරමින් අසාධාරණ ලෙස ණය උගුලක සිර කරන ආකාරය පිළිබඳත් එම වැඩසටහනේදී අදහස් ඉදිරිපත් විය.
එහි ප්‍රතිඵල ලෙස වැඩකරන ජනතාව නිහඬ කරන කම්කරු නීති සංශෝධන සකස් කරමින් කම්කරුවන් සංවිධානය වීම මෙන්ම කම්කරුවන්ට ඇති ආරක්ෂාවන් දුර්වල කිරීමත්, කම්කරුවන් හාමත් කරන වැටුප් මට්ටම් පවත්වාගෙන යෑමත්, පුද්ගල ණය උගුල්වල ධීවරයන් හා ගොවීන් සිර කිරීමත්, උපායමාර්ගිකව වැදගත් රාජ්‍ය සම්පත් විකිණීමත් තුන්වැනි ලෝකයේ රටවල් පාලනයකින් තොර වූ මූල්‍ය ප්‍රවාහයන්ට (ධනය අනීතිකව විදේශ රටවලට යැවීම) නිරාවරණය කරමින් ආර්ථික අස්ථාවරත්වයක් ඇති කිරීමත් සිදු වන බව එහිදී සාකච්ඡාවට ලක් විය.
මේ සඳහා සහභාගි වූ නියෝජිතයන් පෙන්වා දුන්නේ තුන්වැනි ලෝකයේ වැඩකරන ජනතාව මෙම ණය ගෙවීම්වලට සහ එහි ප්‍රථිපලයක් ලෙස තවත් පීඩා විඳින්නට එකඟතාව පළ කරන්නේ නැති බවය. තුන්වැනි ලෝකයේ රටවල් සිරකරමින් සදාකාලික අවසංවර්ධනයක තබාගන්නා මෙම ණය උගුල පිළිබ‍‍ඳ ප්‍රකාශනයක් සකස් කිරීම උදෙසා කෙටුම්පතක් එහිදී ඉදිරිපත් කෙරිණ.


සෑම රටකම පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වයන් හඳුනාගැනීම සහ වාර්ගිකත්වය, කුලය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතර සමාජ බෙදීම් ඉස්මතු කරමින් ජනතාව බෙදන අන්ත දක්ෂිනාංශයේ නැගීමට එරෙහි වීමේ ක්ෂණික අවශ්‍යතාවය පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණි.
සහභාගීවූවන් පලස්තීනයේ සිදුවෙමින් පවතින බිහිසුණු ජන සංහාරය හෙළා දුටු අතර නිදහස් පලස්තීනයක් සඳහා වන ඉල්ලීමට සහාය දක්වන බව ප්‍රකාශ කරන ලදී.
බටහිර රාජ්‍යයන්හි පූර්ණ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන ඊශ්‍රායලය වැනි රටවල ෆැසිස්ට් ක්‍රියාකාරීත්වයන්ට එරෙහිවීමේ අවශ්‍යතාවට, පලස්තීනය ජීවමාන සාක්ෂියකි. ඔවුන් පවත්වාගෙන යන යටත් විජිතවාදී ක්‍රමය, තිරසර නොවන ණය සහ ගිජුලිහිණි ධනවාදය හරහා ලෝකය පුරා ජනතාව පීඩාවට පත් කරමින් යටත් විජිත ව්‍යාපෘතිය නොකඩවා පවත්වාගෙන යන අතර, එය පවත්වාගැනීම අසීරු වන විට යුද්ධවලට යොමු වේ.
ණය යුක්තිය වෙනුවෙන් සටන් කිරීම සඳහා සිටින වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් පිහිටුවීමේ යෝජනාවක් සම්මත කරගනිමින් වැඩසටහන අවසන් විය.

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...